පූජනීයත්වයට පාත්‍ර වූ
අටවිසි බෝධින් වහන්සේ
සුමේධ බුදුරජාණන් වහන්සේ
කොළොමි බෝධිය (බක්මී)
බෝධි තස්ස භගවතෝ මහානිපෝති වුච්චති
ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කොළොම් රුක යැයි කියනු ලැබේ. මෙම බෝධිය බක්මී ගස වශයෙන්
සද්ධර්මරත්නාවලියෙහි අර්ථ දක්වා ඇත.
සුජාත බුදුරජාණන් වහන්සේ
මහ උණ බෝධිය
බෝධි තස්ස භගවතෝ මහා මේලුති වුච්චති
ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය මහ උණ යැයි කියනු ලැබේ යනුවෙන් . බුද්ධ වංශ පාලියෙහි
144- 145 පිටුවෙහි සඳහන් වේ.
පියදස්සී බුදුරජාණන් වහන්සේ
කුඹුක් බෝධිය
බෝධි තස්ස භගවතෝ කකුධෝති පවුච්චති
ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කකුසධ යැයි බුද්ධ වංශ පාලියෙහි 150, 151 පිටුවල අන්තර්ගත වේ.
අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුබෝධිය
බෝධි තස්ස භගවතෝ චම්පකෝති පවුච්චති
ඒ භාග්‍යවතුන්ගේ බෝධිය සපු යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධවංශ පාලියෙහි 156 - 157
පිටුවෙහි ඇතුළත් වේ.
ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ
රත්කරව් රුක් බෝධිය
බෝධි තස්ස භගවතො බිම්බිජාලෝති වුච්චති
ඒ භාග්‍යවතුන්ගේ බෝධිය රත්කරව් රුක යැයි කියනු ලැබේ යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 162
- 163 පිටුවෙහි සඳහන් වේ. සද්ධර්මරත්නාවලියෙහි කුඹුක්ගස බෝධිය වූයේ යැයි යනුවෙන්
සඳහන් වෙයි. සද්ධර්මාලංකාරය කිණිහිරි බෝධි මූලය වශයෙන් එය හඳුන්වා ඇත.
සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ
කිණිහිරි බෝධිය
බෝධි තස්ස භගවතෝ කණිකාරෝති වුච්චති
ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කිණිහිරි යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 168,
169 පිටුවල සඳහන් වේ.
තිස්ස බුදුරජාණන් වහන්සේ
පියා බෝධිය (කොහොඹ)
බෝධි තස්ස භගවතෝ අසනෝති පවුච්චති
ඒ බුදුන්ගේ බෝධිය පියා රුක් යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 174 - 175
පිටුව සඳහන් වේ. ඇඹුලු බෝමුල් හී තණ සලා වගුරුවා යනුවෙන් සද්ධර්මාලංකාරයෙහි මෙය
අර්ථ දක්වා ඇත.
හේමමාලා රන්දුනු |