[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මඩුකන්ද ශ්‍රී දළදා රාජ මහා විහාරය

ඈත ඝන වනාන්තරයට මැදිව ගව් ගණනක් ඈතට විහිදී ගිය, අහස් කුස සිඹිනා මහා පර්වතයක් ය. පුළුන් රොදක් සේ එය වසා ඇති වළාකුළු එහි උස සඟවා ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නේ ය. මෑත, වසර ගණනාවක සලකුණු ඇතිව ඉහළට එසැවුණු බෝධි රාජයාණන්‍ වහන්සේ ය.අඩි ගණනක විශ්කම්භයක් ඇති එහි, වයස සඟවා ඇත්තේ පිහිට ඉල්ලමින් මිනිසුන් විසින් භාර හාර පිණිස එල්ලන ලද ධජ වලින් යැයි සිතෙන්නේ ය. බෝධීන් වහන්සේ ඉදිරියෙහි ඉතිහාසය සාක්ෂි දරණ වන්දනීය පූජනීය වූ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි දළදා මාළිගයේ නටඹුන් ය. මාළිගය අසල සමාධි සුවයෙන් , ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ගේ පිළිම වහන්සේ වැඩ සිටිති. දළදා මාළිගය දෙසට අනිමිස ලෝචන පුජාවෙන් වැඩ සිටිනා හිදි පිළිමය ,දකින බොහෝ දෙනෙකුට ඇතිවන ශාන්තිය වචන වලට පෙරළිය නොහැකි ය. මෙහි කාලයේ වැලිතලාවට හසු නොවී තවමත් විරාජමාන ව ඇති ඓතිහාසික නෂ්ඨාව ශේෂයන් ඉතිහාසයේ සාක්ෂි කරුවන් බවට පත්ව ඇත. වව්නියාව නගරයේ සිට හොරොව්පතාන මාර්ගයේ කිලෝ මීටර තුන හමාරක් පමණ ගිය පසු මාර්ගය ආසන්නයේ ම දක්නට ඇති මඩුකන්ද ශ්‍රි දළදා රාජ මහා විහාර පින් බිමේ උරුමයි මේ. භූමි අක්කර විස්සක් පමණ පුරා විහිදෙන මෙම පින්බිමෙහි හාත්පස, පරිවාර පන්සල් ගෙවල් පැවැති බවට නටඹුන් තවමත් දක්නට හැකි ය. මෙරට බොදු උරුමයේ සමාරම්භයට පාදක වූ සියලු සටහන් ආරම්භ වූ උතුරු පළාතේ පිහිටි මෙම ඓතිහාසික පින් බිම හා බැඳි විවිධ පුරාණෝක්තීන් හා ජනප්‍රවාදයන් රැසක් අපට හමුවෙයි.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]