[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර අටවක 2020.07.27

කළගුණ සැලකීම

ගොඩනැගිල්ලක ශක්තිමත් බවට මෙන් ම, කල් පැවැත්මට ද බලපාන ප්‍රධාන සාධකයක් වේ. ඒ එහි පාදම ය. බරක් දරා සිටින්නට තරම් පාදමට හැකියාවක් නොවේ නම් ගොඩනැගිල්ල කවර මොහොතක වුව ද පුපුරා ඉරිතැළී යන්නට පුළුවන. කඩා වැටෙන්නට පුළුවන.

මව්පිය දූ දරුවන්ගෙන් සැදුම් ලද පවුලක ස්වභාවය ද එවැනි ය. ගොඩනැගිල්ලක පාදම මෙන් ම පවුලක ගෘහ මූලිකත්වය දරන පියා ශක්තිමත් විය යුතු ය. අඹුදරුවන්ගේ ජීවිත පෝෂණය කරන්නට, ආරක්ෂා කරන්නට මෙන් ම මනාව හසුරුවා ගැනීමට ද ශක්තියක් ඔහු වෙත තිබිය යුතු ය.

පාදමක් ශක්තිමත් වන්නේ ප්‍රමාණවත් ව යෙදූ ගල්, වැලි, සිමෙන්ති ආදී අමුද්‍රව්‍ය අනුව ය. එලෙසින් ම නිවෙසක පියා හැසිරීමෙන් ද, ආත්ම ශක්තියෙන් ද, ධෛර්යයෙන් හා නිර්භීත බවින් ද යුතු විය යුතු ය. අවශ්‍ය තැන අවශ්‍ය තීරණ ගැනීමට ඍජු බවක් ඔහු තුළ තිබිය යුතු ය. පාදමක් සවිමත් කරන අමුද්‍රව්‍ය සේ මේ ගුණාංග ද පියෙකු ශක්තිමත් කරයි.

එවන් පියෙකු ලද දරුවන් භාග්‍යවන්ත ය. එවැනි සැමියෙකු ලද බිරිය සුරක්ෂිත ය. පොදුවේ පවුලක සතුට, සැනසුම සේ ම දියුණුව ද, ආගමානුකූල හැසිරීම ද ඒ තුළ නිතැතින් ම නිර්මාණය වනු ඇත.

සමාජයේ කුඩාම ඒකකය වන්නේ පවුල ය. පවුල් සංස්ථා එක් වීමෙන් සමාජය ද, රට ද නිර්මාණය වේ. ඒ සමාජයට ද, රටට ද, නායකත්වය දෙන, හසුරුවන පියෙක් සිටී. ඒ රාජ්‍ය නායකයා ය. රාජ්‍ය නායකයාට ද රට වැසියන් සියලු දෙනා තම දරුවන් හා සරි ය. පීතෘ ස්නේහයෙන් දරුවන් රකින්නා සේ රටේ නායකයා ද දානයෙන්, පි‍්‍රයවචනයෙන්, සමානාත්මතාවයෙන් හා අර්ථ චර්යාවෙන් සිය රට වැසියන්ට ආදර්ශවත් වේ. එමෙන් ම ස්නේහයෙන් යුතුව රට වැසියන් සේ ම ඔවුන්ට නිදහසේ හුස්ම ගෙන ජීවත් වීමට තිබෙන රට ද සුරක්ෂිත කර ගනී.

බෞද්ධයන් ලෙස අද අපි භාග්‍යවන්ත වී සිටිමු. ඒ අපේ ආගම, සම්බුදු දහම සුරක්ෂිත කරදෙන, බොදු උරුමයන් රැකදෙන නායකත්වයක් ලැබී තිබීම පිළිබඳව ය.

දස රාජ ධර්මයන් අනුව රාජ්‍ය පාලනය ගෙන යන නායකයා ඍජු ය. එඩිතර ය. අවශ්‍ය තැන නිවැරැදි තීරණ ගන්නේ ය. පසුගිය කෙටි කාලයක දී වුව අපි ඒ අත්දැකීම් අපමණ ලැබුවෙමු. කොරෝනා උවදුර මුළු ලෝකයක් බිලි ගනිද්දී අපට නිදහසේ හුස්ම ගන්නට, රෝගය පාලනය කරන්නට හැකි වූයේ, කොටින්ම කිවහොත් රෝග උවදුරු නිසා වන මරණ බියෙන් ගැලවී සිටින්නට හැකි වූයේ නිවැරැදි තැන නිවැරැදි තීරණ ගෙන ප්‍රායෝගික ව ඒවා ක්‍රියාත්මක කරවීමට හැකි ශක්තිමත් නායකත්වයක් තිබූ නිසා ය.

රටම වෙළාගත් මත්කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හඹා යමින් , ඔවුන්ට එරෙහි ව දැඩිව නීතිය ක්‍රියාත්මක වන තැන රටේ අහිංසක මව්පියන්ට තම තරුණ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත බවක් හැඟී යමින් තිබේ.

ගිනි අවිවල බලය පෙන්වමින්, මිනිස් ඝාතන කරමින් නිදැල්ලේ හැසුරුණ, බන්ධනාගාරයේත් සැප විඳින පාතාලය මර්දනය වෙමින් තිබේ. රටේ නීතිය ද, සාමය ද ආරක්ෂා වෙමින් තිබේ. නිදහසේ ජීවත් වීමේ අයිතිය සුරැකෙමින් තිබේ.

තමන් හදාවඩාගත්, රැකගත් පියාණන්ට කෘත ගුණ දැක්වීම මිනිසත් ගුණ හදුනණ දරුවන්ගේ ස්වභාවය ය. රට වැසියන් ලෙස අපට ද යුතුකමක් වේ. ඒ අපට නිවැරැදි නායකත්වයක් දෙන පියෙකු හා සරි නායකත්වයට කෘත ගුණ දැක්වීමට ය.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]