ආධ්‍යාත්මික සංවර්ධනයට
පංච ශීලය
අම්බලන්ගොඩ,
කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
" සීලය යනු අඩිතාලම යි. එය දෙව්ලොව, බඹලොව, නිවනට යන අඩිතාලම යි. තම නිවසේ වුව ද
අඩිතාලම හොඳනම්, බිත්ති දෙදරා නොගොස් කලක් පවතිනවා. එලෙස අපේ චිත්ත සන්තානයත්
හොඳීන් දමනය කරගෙන හොඳීන් ආරක්ෂා කළොත්, තමාට යහපතක් මිස අයහපතක් වෙන්නට බැහැ."
සතුන් මැරීම, සොරකම , කාමමිථ්‍යාචාරය, බොරුව සහ මත් වතුර භාවිතය ආදියෙන් වැළකීම
පංචසීලය වෙයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්, ලෝකානුකම්පාවෙන් පංචසීලය අනුදැන
වදාළා. සමඟිය, සමාදානය, දියුණුව, යහපත සලසා ගැනීම සඳහා පංචසීලය අත්‍යවශ්‍ය වෙයි.
සමඟිය, සමාදානය, දියුණුවට, ආර්ථික, ආධ්‍යාත්මික සංවර්ධනයට අනිවාර්යනේම තිබිය යුත්තේ
පංචසීලය යි.
පංචසීලය ආරක්ෂා කරන විට කායික , වාචසික සංවරය හොඳීන් ලැබෙනවා. සතුන් මැරීම, සොරකම,
කාමමිත්‍යා චාරය ආදියෙන් වැළකීම කාය සංවරය යි. බොරුව, කේළම, නපුරු වචනය, හිස් වචනය
ආදියෙන් වැළකීම වාග් සංවරය යි. කය, වචනය දෙක සංවර කර ගැනීම මනසෙහි සංවරයට රුකුලක්
වෙයි. සිතෙහි සංවරය සඳහා දැඩි මසුරුකම, තරහව, මිසදිටුකම ආදියෙන් දුරු විය යුතු යි.
බණ ඇසීම, භාවනාව ආදියෙන් සිත දියුණු කර ගැනීමෙන් මනෝ සංවරය සකස් කර ගන්න පුළුවන්. ඒ
නිසා කවුරු වුණත් පංචසීල ප්‍රතිපත්තිය රැකිය යුතු යි. ජාති, ආගම්, වංශ භේදවලින්
තොරව ඕනෑම කෙනෙක් පන්සිල් රකිනවා නම්, අතිවිශාල ධනවතුන් අතර උපත ලබනවා. මනුස්ස
ලෝකයේ මනුස්ස සම්පත් ද, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් ද , සක්විති රාජ සම්පත් , නිවන්
සම්පත් ආදී ප්‍රධාන අනුසස් ලැබෙන අතර කුඩා, අනු කුඩා, අනුසස්වල සීමාවක් නැහැ.
ගෞතම බුදුරජාණන් වහන්සේ දිගු කලක් සීලය ආරක්ෂාවෙන් බුද්ධත්වය ලැබුවා. විශේෂයෙන් ම
බොරුවෙන් වැළකුණා. කිසිම ආත්ම භාවයක බොරුකීම සිදු කර නැහැ. බොරුවෙන් වැළකී පාරමී
පුරාගෙන පැමිණි නිසා සත්‍ය පාරමිතාව දියුණු කර, පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය අවබෝධ
කරගන්නට භාග්‍ය ලැබුණා. චතුරාර්ය සත්‍යයෙන් නිවනට පත්වන සැවොම සීලය ආරක්ෂා කරගෙන එය
දියුණු කරගත යුතු යි. මේ මඟින් තම දිවියට ලැබෙන විපාකය කාටවත් කියන්නට බැහැ. මනුස්ස
ලෝකයේ මනුස්ස සම්පත් ද , දෙව් ලොව දිව්‍ය සම්පත් ද ලැබෙන්නේ පින නිසාම යි. ඒ පින
කර්මානුකූල ව දාන, සීල, භාවනා ආදිය වෙයි. දානයෙන් සහ සීලයෙන් මනුස්ස සම්පත් සහ
දිව්‍ය සම්පත් ද, භාවනාවෙන් ධ්‍යාන සම්පත්, බ්‍රහ්ම සම්පත්, නිවන් සම්පත් ද
ලැබෙනවා.
ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමක් පන්සිල් ආරක්ෂා කරමින් වැඩ
සිටියා. උන්වහන්සේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී පන්සිල් සමාදන් ව
හොඳීන් ආරක්ෂා කළා. හොඳීන් ජීවිතය ගත කර, මරණින් මතු දෙව්ලොව උපත ලැබුවා. එහි ආයු,
වර්ණ. සැප, බල, ඥාන භෝග සම්පත්, පරිවාර සම්පත්, අඩුවක් නැතිව ලැබුණේ සිල් රැකීමේ
ආනිසංස නිස යි. කල්ප ලක්ෂයක් ම මනුලොව, දෙව්ලොව, බඹලොව, උපත ලැබුවා. නැවත නැවත දාන,
සීල, භාවනා, බණ ඇසීම් , පින්කම් දියුණු කළා.
මෙලෙස තවත් පින්කම් දියුණුවෙන් ගෞතම බුද්ධ ශාසන කාලයේ සාවත්ති නගරයේ උපත ලබා තරුණ
වයසේ දී ම මහණ ව, උපසම්පදා වී රහත් බවට පත්ව මෙලෙස වදාළා. ‘පන්සිල් ආරක්ෂා කරගත් මට
කල්ප ලක්ෂයක් සුගති සම්පත් ද සියලු සම්පත් ද පසුව නිවන් සම්පත් ද ලැබුණා’ යනුවෙන්
වදාළා. එලෙස සෑම දෙනාම පංචසීල ප්‍රතිපත්තිය හොඳීන් ආරක්ෂාවෙන් , පෝයට අටසිල්, බුද්ධ
පූජා , පින්කම් හොඳීන් කර ගැනීමෙන් සංසාරය දුක් විඳීන්න අවශ්‍ය නැහැ. සියලුම සැප
සම්පත්වලින් පිරිපුන් ජීවිත පෙළක් ලබන්නට පුළුවන්කමක් තිබෙනවා.
අපායෙන් අත්මිදීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එහෙත් පන්සිල් රැකීමේ පිනෙන් එහි විපාක
ලෙස මනුස්ස ලෝකයේ සියලු සැප සම්පත් ද , පන්සිල් ආරක්ෂා නොකළොත් සතර අපා ආදී
අප්‍රමාණ දුක් ද විඳීන්න සිදු වෙනවා. ඒ දුක මෙපමණයි යනුවෙන් සඳහන් කරන්නට බැහැ. ඒ
නිසා පංච සීලයට ගෞරවය පුද කර, එය ආරක්ෂා කරගනු ලබන අයට ලෞකික සියලු සම්පත් ද,
ලෝකෝත්තර නිවන් සම්පත් ද ලබන්නට පුළුවන්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා ඒ තනතුරුවලට පත් වුණේ, සීලය හොඳීන් ආරක්ෂා කළ
නිස යි. එය හොඳීන් ආරක්ෂාවෙන් තම දිවියට සහ සම්බන්ධ කර ගත්තා නම්, එහි අනුසස් කියා
දෙන්නට පුළුවන්කම තියෙනවා.
කාය , වාග් සංවරකම දියුණු කරගත යුතු යි. කරුණාව, මෛත්‍රිය , දයාව , අනුකම්පාව ,
දියුණු කරගත්විට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් කරදරයක් නැහැ. තරහව, වෛරය, ක්‍රෝධය,
ඊර්ෂ්‍යා ව වැනි දේ සිතෙන් බැහැරව මෛතී‍්‍ර භාවනාව කරගත යුතු යි. ගුණ නුවණ හොඳීන්
දියුණු තියුණු කරගත යුතු යි. එවිට සීලයේ අනුසස් මෙලොවදී ම ලැබෙනවා. එතරම්ම මේ සීලය
වටිනා අතර තමන්ගේ නුවණත් පහළ කරගෙන සීලය ආරක්ෂා කරගත යුතු යි. එහි විපාක ලෙස යහපත්
ගති පැවැතුම් ඇති භවයක උපත ලබන්නට පුළුවන්.
මේ ගැන සිතා කල්පනාවෙන් සතර අපායෙන් අත් මිදෙන ක්‍රම පළමුව ඉගෙන ගෙන, නරක, තිරිසන්,
ප්‍රේත , අසුර යන සතර අපායේ උපත ලැබීම තුළින් ලැබෙන දුක් කම්කටොළු සීමාවක් නැහැ.
මේවා ඉගෙන ගෙන නිවැරැදි මඟට බැස ගියොත් තම තමාට කිසිම දෙයකින්වත් අඩු පාඩුවක් නැතිව
සංසාර දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. සීලය යනු අඩිතාලම යි. එය දෙව්ලොව, බඹලොව,
නිවනට යන අඩිතාලම යි. තම නිවසේ වුව ද අඩිතාලම හොඳනම්, බිත්ති දෙදරා නොගොස් කලක්
පවතිනවා. එලෙස අපේ චිත්ත සන්තානයත් හොඳීන් දමනය කරගෙන හොඳීන් ආරක්ෂා කළොත්, තමාට
යහපතක් මිස අයහපතක් වෙන්නට බැහැ.
සංසාරයේ සෑම තැනකම ඇත්තේ දුකම යි. දුක් , පීඩා, කරදර සංසිඳුවාගෙන මෙලොව ජීවිතය
සුවපත් කර ගැනීම සඳහා අප කාගෙත් වගකීමයි. එසේනම්, කොයි කවුරුත් සීලයට ගරු කරමින් ,
ලෝකය පුරාම සීලය පැතිරිය යුතු යි. ලෝකවාසී සියලු සත්ත්වයෝ සීලය හොඳීන් රකිත්වා
යනුවෙන් සිතාගෙන බුදු කෙනෙකුගෙන් ලැබෙන සීලය ගෞරවයෙන් රැකගෙන ශික්ෂාපද කඩා බිඳ
නොගෙන කැඩී බිඳී ගිය ශික්ෂා පද නැවත සමාදන් ව සීලා දී ගුණ සම්පත් දියුණුවෙන් කායික,
වාග් සංවරකම දියුණුවෙන් මනුස්ස , දේව ආදී අනේකවිධ සම්පත් ලබාගෙන භයානක සංසාර දුකෙන්
නිදහස් විය හැකි යි. සීල , සමාධි, ප්‍රඥා යනුවෙන් ගුණධර්ම තුනක් ඇති අතර, සම්මා
දිට්ඨි, සම්මා සංකප්ප ප්‍රඥාව වෙයි. , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනු
සීලය යි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනු සමාධිය යි. එසේනම්, ආර්ය
අෂ්ටාංගික මාර්ගය යනු සීල, සමාධි, ප්‍රඥාවන්ට නමකි. මේවා හොඳීන් දියුණුවෙන් දස
පාරමිතාවෝ ද හොඳීන් සම්පූර්ණ කරගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ අනේක දුකෙන් නිදහස් ව
ලැබෙන නිවන පසක් කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය කර්මයෝ සැමටම හේතු වාසනා වේවා.
එසේනම්, සීලය පිළිබඳ හොඳීන් දැන, විශ්ව දැනුම ඇතිකරගෙන , අන්‍යයන්ටත් මේවා ගැන පහදා
දෙමින්, සුගතියක වාසයෙන් නිවනට පත් වීම සඳහා අධිෂ්ඨාන ප්‍රාර්ථනාවෝ තබා ගැනීම ඉතාම
වැදගත්.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |