අපාය බියකරු යි
පවින් වළකින්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
"ප්‍රේත ලෝක තියෙනවා, කෑම බීම දකින්න නැහැ. සාපිපාසාදී වේදනාවෙන් කෑ කෝ ගසනවා, විඳීන
දුක සීමාවක් නැහැ. බඩ තියෙනවා . උගුර නැහැ. උගුර තියෙනවා . කට නැහැ. කට ඉඳීකටු මලක්
වැනි යි.
ඇඟ වැහැරී තියෙනවා, ගේ දොර නැහැ. සා පිපාසාදී වේදනාවෙන් පෙළෙනවා. සංසාරයේ කෙනෙකුට
යමක් දීලා නැහැ."
අපාය තරම් බිය ජනක තැනක් ලොවේ කොහේවත් නැහැ. මනු ලොව සිටියදී සතුන් මරණ, සොරකම්
කරන, කාමයේ වරදවා හැසිරෙන, බොරු කියන, මත් ද්‍රව්‍ය භාවිත කරන, මව් පියන්ට නොසලකන,
අනුන්ට කරදර පීඩා කරන, මංකොල්ලකන, උදවිය උපදින ස්ථාන අපාය යනුවෙන් සඳහන් කරනවා.
තණ්හාවෙන් , තරහවෙන් මිය යන්නන් සතර අපායගාමී වෙයි.
ප්‍රේත ලෝක තියෙනවා, කෑම බීම දකින්න නැහැ. සාපිපාසාදී වේදනාවෙන් කෑ කෝ ගසනවා, විඳීන
දුක සීමාවක් නැහැ. බඩ තියෙනවා . උගුර නැහැ. උගුර තියෙනවා . කට නැහැ. කට ඉඳීකටු මලක්
වැනි යි. ඇඟ වැහැරී තියෙනවා, ගේ දොර නැහැ. සා පිපාසාදී වේදනාවෙන් පෙළෙනවා. සංසාරයේ
කෙනෙකුට යමක් දීලා නැහැ. දන් පින්කම් වැළැක්වූවා, තණ්හාවෙන් මිය යනවා. දැන් දුක්
විඳීනවා. පංචානනත්රීය පව් කළ අය, මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , බුද්ධ දේහයේ
ලේ සෙලවීම, සංඝ භේදය සහ භික්ෂුණී දූෂණය යනුවෙන් තවත් එකක් ද තියෙනවා. මෙලෙස දරුණු
පව් කළ අය අවීචි මහා නරකයට වැටී අනන්ත දුක් විඳීනවා.
බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දරුණු පව් කළ දේවදත්ත, කෝකාලික, මාගන්ධිය වැනි අය
අවීචි මහා නරකයට වැටී අදත් දුක් විඳීනවා. අවීචි මහා නරකය දරුණු ම අපාය යි. කල්පයක්
එහි දුක් දෙනවා. ඒ මනුලොව සිටියදී කළ දරුණු පව් මුල් කරගෙන යි. ඒ නිසා පින්වතුනි,
අපායට බය වෙන්න. මොකද? ගිනි ජාලාවක් මධ්‍යයේ නිරි සතුන්ට වාසය කරන්න වෙනවා. අතපය
කපනවා. ලෝදිය පොවනවා, කටු ගසක නංවනවා, සිරුරෙහි මස් කැබලි කපනවා, හැබැයි මිය යන්නේ
නැතිව නැවත එකතු වෙනවා. කර්මයේ හැටි? මෙලෙස අප්‍රමාණ දුක් දෙන අතර කකාරන තෙල් කටින්
වක් කරනවා. තෙල් තාච්චිවල දමනවා. ඇදගෙන යනවා, ගින්නට වීසි කරනවා. මෙහි නැවැත්මක්
නැහැ. කරගනු ලැබූ දරුණු පාප කර්මයේ විපාක අවසන් වන තුරුම විඳීනවා. අපාය දකිනකොට ම
කෑ ගසනවා. ඒත් වැඩක් නැහැ. දුවන්න පනින්න තැනක් නැහැ.
තිරිසන් ලෝකය දෙස බලන්න, කෙතරම් බියකරු ද? තව සතෙක් අල්ලා ගන්නවා, පණපිටින් හපලා
කනවා. බලන්න මෙලොව ම අපායේ තත්ත්වය? ඒ නිසා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න
එපා. හිංසාවක් පීඩාවක් කළොත් සිදුවන විපාකය මෙය යි. දැහැමිව ජීවත් වෙන්න. කාටවත්
කරදරයක් නැතින ජීවත් විය යුතු යි. එවිට බය නැහැ.
මෙලෙස පස් පව්කර, අනුන්ට කරදර පීඩා හිංසන කර , මව්පියන්ට, සිල්වතුන්ට , තුනුරුවන්ට
නිග්‍රහ කර කටයුතු කළ අය නරකාදියට වැටී බිහිසුණු දුකක් විඳීනවා. ඒ දුක මෙපණයි
යනුවෙන් කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ.
පළමුව තිබෙන අපාය සංජීව නරකය යි. එහි ආයුෂ ප්‍රමාණය මනු ලොව අවුරුදු ලක්ෂ අනූවක් ගත
වෙද්දී සංජීව නරකයට එක දවස යි. එවැනි දවස් තිහක් මාසය යි. මාස දොළහක් අවුරුද්ද යි.
අවුරුදු පන්සීයක්එහි ආයුෂ යි. කෙතරම් ප්‍රමාණයක් දබලන්න. අවුරුදු ලක්ෂ අනූවක් අපට
ගෙවෙන විට ඒ අයට එක දවසක් යනවා. කොහොම දුකක් විඳීය යුතු ද? බොහොම බියකරු යි.
අපාය ගැන සිතා කල්පනාවෙන් සෑම දෙනාම අපායෙන් නිදහස්වෙන්න මහන්සි ගන්න. හොඳට බුදුන්
වඳීන්න. මල් පහන් පූජා කරන්න. දාන, සීල , භාවනා පින් කර හොඳට මව් පියන්ට සලකන්න,
පන්සලට යන්න එන්න. වතාවත් කරන්න, පවුලේ අයටත්, අසල්වැසියන්ටත් වචනයකින්වත් කරදර
කරන්න එපා. එවිට තමන්ට කරදර පීඩා නැතුව මෙලොව ජීවිතය ගත කර හොඳ සිතින් මිය පරලෙව
යන්න පුළුවන්. සුගතිගාමීව චාතූර්මහා රාජිකාව ආදී දෙව්ලොවට පත්ව මහා සැප සම්පත්
විඳීනවා. ඒ මහා සැප සම්පත් බලාපොරොත්තුවෙන් සැවොම පවින් වළකින්න. හොඳීන් පින් දහම්
කර පංචශීලය හොඳට රැක ගන්න.
අද ලෝකයට මහා විපතක් වෙලා තිබෙන්නේ. එු් මහා විපත් වලින් ජය ගන්න තුනුරුවන්ගේ
වතාවත් හොඳීන් කරන්න. අද මිය යන සංඛ්‍යාව සීමාවක් නැහැ. රෝගීන් සීමාවක් නැහැ.
එහෙමනම් අප මේ ගැන දැක සංවේගය උපදවාගෙන වැඩි වැඩියෙන් පින් දහම් කර දුකෙන් නිදහස්
වෙන්න මහන්සි ගත යුතු යි. නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගෙන ම පින් දහම් කළොත් සසර වසන
තුරු ම සුගතිගාමී විය හැකි යි. ඒ ගැන කවුරුත් කල්පනා කර ගුණයට නැඹුරු විය යුතු යි.
කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ගුණ වැඩි කර සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩිකරගෙන
මාර්ගාංග අටේ ම යන්න.
මාංශ භක්ෂිණයෙන් පවා ඈත් වෙන්න. එවිට සත්ත්ව හිංසාව පිළිබඳ වටහාගන්න පුළුවන්කම
තියෙනවා. පුරාතන මිනිසුන් මාංස භක්ෂණයෙන් තොරව අවුරුදු අනූව, සියය ඉක්මවා ජීවත්
වුණා. බලන්න, කෙතරම් වාසනාවක් ද? මාංශ භක්ෂණය කරන අය අඩු වයසින් මරණයට පත් වෙනවා.
එසේනම්, පින්වතුනි අපායේ තතු දැනගෙන , අපායගාමී වන පව් දැන, එහි දුක දැන එතැනින්
නිදහස්වීමට සිතක් පහළ කර ගන්න. අපායෙන් නිදහස් වුණොත් අපට විශාල ශක්තියක් මනසට
ලැබෙනවා. එහි ශක්තිය මෙපමණයි යනුවෙන් කාටවත් කියන්න බැහැ.
බුදු, පසේ බුදු, මහරහත් උතුමෝ අනාගාමී, සකදාගාමී සහ සෝවාන් උතුමෝ අපායෙන් සදහටම අත්
මිදුණා. ඉන් මෙහා සිටි අය අපායෙන් අත්මිදුණේ නැහැ. නිතර දාන, ශීල, භාවනා පින්කම්
කළොත්, සිතම දියුණු කළොත්, ඒ අයටත් අපායෙන් නිදහස්ව සුගතියක වාසය කළ හැකි යි.
අධර්මයෙන් ජීවත් වීමෙන් වළකින්න. ධාර්මිකව යමක් හම්බකරගෙනජීවත් විය යුතු යි.
කලකෝලාහල වලින් වළකින්න. මිය යන බව සිතට ගෙන කාටත් සමඟියෙන්, සමාදානයෙන් ජීවත්
වෙන්න පුළුවන්.
සැරියුත් මහ රහතන් වහන්සේ අතීත සංසාරයේ දීර්ඝ කාලයක් නරකයේ උපත ලබා තිබෙනවා. මේවා
තේරුම් බේරුම් කරගෙන, එදවස පටන් පංචශීලය ආරක්ෂාවෙන් පින් දහම් කර, අපායෙන් නිදහස්ව
සුගතියකම වාසයෙන් මේ තථාගත ධර්මය අවබෝධ කළා. එකම දාන, ශීල, භාවනා පින්කම කල්ප ගණන්
සැප විපාක ලබාදෙන්නේ එහි තිබෙන ගුණ ධර්මයන්ගේ ඉහළ තත්ත්වය නිස යි. ගුණ ධර්ම නැතිවූ
කල්හි සතර අපාගාමීව අපමණ දුක් විඳීන් සිදු වනවා. නරක, තිරිසන්, ප්‍රේත , අසුර සතර
අපායට වැටී දීර්ඝ කාලයක් පව් කළ පුද්ගලයාට දුක් විඳීන්න සිදු වෙනවා.
බුදු සසුන පවතින කාලය ඕනෑම කෙනෙකුට නිවනට පත් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය
බුදුරජාණන් වහන්සේ වදාළා. එයට අනුකූලව කටයුතු කළොත් කාටවත් වරදින්නේ නැහැ.
පැහැදිලිව මේ නිවන් මඟ ගමන් කර දුක්ඛ, සමුද, නිරෝධ, මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්
නිවනට පත් වෙන්න පුළුවන්.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |