බුදුරජාණන් වහන්සේගේ
විශාරද ඤාණ
කඩුවෙල
මහමෙව්නා බෝධිඥාන
භාවනා අසපුවාසී
කුරුණෑගල ධම්මාරාම හිමි
උන් වහන්සේ යම් යම් උපකල්පනයන් මත ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ නැහැ. වජිරාසනය
මත වැඩ සිටිමින් ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සර්වඥතා ඥානය ඇතිකර ගත්තේ යම්
රාත්‍රියක ද, පිරිනිවන් පා වදාළේ යම් රාත්‍රියක ද, ඒ අතරතුර කාලයේ උන් වහන්සේ දේශනා
කළ, පැන වූ, විවරණය කළ කරුණු ඉස්මතු කොට වදාළ කිසිම කරුණක් වෙනස් වන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය තුළ සත්‍යක්‍රියා, සෙත්පිරිත් සජ්ඣායනා පවත්වනු ලබන්නේ
කරුණු සහිතව ය. හුදු අමූලිකා ශ්‍රද්ධාවකින් නොවේ. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මුලක්
නැති ශ්‍රද්ධාව යි. මුලක් නැති පැහැදීම යි.
බුදුරජාණන් වහන්සේ අපට වර්ණනා කළේ අකාරවතී ශ්‍රද්ධාව යි. ගුණ වශයෙන් දැනගෙන ඇතිකර
ගන්නා පැහැදීම යි. එනිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ගුණ කඳ මෙනෙහි කරන
මොහොතක් මොහොතක් පාසා අපට හිතෙනවා අප කෙතරම් වාසනාවන්ත ද කියලා. අපගේ සම්මා
සම්බුදු ශාසනය තුළ සුත්ත, ග්‍යෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක,
අබ්භූතධම්ම, වේදල්ල, යන නවාංග ශාස්තෘ ශාසනයෙන් ප්‍රතිමණ්ඩප වූ සම්මා සම්බුදු ශාසනය
තුළ එක වචනයක්වත් කරුණු රහිතව බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ
ගතකළ අවුරුදු හතළිස් පහක ජීවිතය තුළ උන්වහන්සේ ඉදිරියට තැබූ පියවරක් වැරැදියි කියා
ආපස්සට ගෙන නැහැ. ඒ තරමට ම උන්වහන්සේ ගේ ජීවිතය පරිපූර්ණ යි. එයට හේතුව විජ්ඡාචරණ
සම්පන්න බව. උන්වහන්සේ යම් විද්‍යාවක් අවබෝධ කළාද? ඒ විද්‍යාවට පැමිණියේ උතුම්
චරණයක් නිසා. ඒ චරණය තමයි සීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන සමාපත්ති ආදිය. ඉන්ද්‍රිය
සංවරය, භෝජන පමණ දැන වැළඳීම, නිදිවරා භාවනා කිරීම, සතිය, ආදී උතුම් චරණ ධර්මයන්
පරිපූර්ණ කරලයි විද්‍යාවට එළඹුණේ. ඒ විද්‍යාවට පත් වූ ජීවිතය තුළ ඒ චරණ ධර්මයන්
විද්‍යමාන වුණා. දකින්නට ලැබුණා.
ලෝකයේ බලවත්යයි කියන යම් බ්‍රහ්මයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා,
බ්‍රාහ්මණයෙක් වේවා බුදුරජාණන් වහන්සේගේ අංශු මාත්‍රයක හෝ අඩුවක් ඒ කිසිකෙනෙකුට
සොයන්න බැහැ කියා. එතරම් ම භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය පරිපූර්ණ යි. අසමසම යි.
තවත් බුදුවරයෙකුට පමණයි සමවන්නේ. වෙන කිසිවෙකු හා සම වන්නේ නැහැ.
එනිසාමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ
සම්බෝධිය ශාක්ෂාත් කළා ද, යම් රාත්‍රියක අනුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවනට
වැඩියා ද, ඒ අතරතුර කාලය තුළදී යමක් භාෂණය කළා ද, ප්‍රකාශ කළා ද, නිර්දේශ කළා ද, ඒ
සියල්ල ම ඒ අයුරින් ම වෙනවා. වෙනත් අයුරකින් වෙන්නේ නැහැ.
එම නිසා තථාගත කියා තමන් වහන්සේ ව හඳුන්වනවා කියා. ඒ බුදු වදන වදාළ දින සිට අද
දක්වා ම මේ ලෝකයේ කිසිම සත්ත්වයෙකුට බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිට වූ වචනයක්
කරුණු සහිත ව වැරැදියි කියා ඔප්පු කරන්නට පුළුවන්කමක් නැහැ. එතරම්ම විශාරද ව
උන්වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාළා.
අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේට පමණක් උරුම වූ විශාරද ඥාන හතරක් තිබෙනවා.
පළමුවැන්න නම් භාග්‍යවතුන් වහන්සේ අරහං. නිකෙලෙස්. ක්ෂීණාශ්‍රව යි. ඒ ක්ෂීණාශ්‍රව
භාග්‍යවතුන් වහන්සේට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බැහැ, ඔබ වහන්සේ ක්ෂීණාශ්‍රව යි
කියා. ඔබ වහන්සේගේ ජීවිතය තුළ මේ මේ ක්‍රියාව නිසා මේ මේ කෙලෙස් තිබෙනවාය කියා.
අංශුමාත්‍රයකින්වත් උන්වහන්සේට චෝදනා කරන්න බැහැ. බිය රහිත බවට, අභය බවට, විශාරද
බවට පත්වෙලා පිරිස මැද සිංහනාද කරනවා. ධර්ම චක්‍රය ප්‍රවර්ධනය කරනවා. ඒ භාග්‍යවතුන්
වහන්සේගේ ක්ෂීනාශ්‍රව විශාරද ඥානය යි.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ යි. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව ලෝකයේ
ඇති සැබෑ යථාර්ථය අවබෝධ කොට වදාළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. කරුණු සහිත ව කිසිම
කෙනෙකුට චෝදනා කරන්න බැහැ ඔබ වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. සත්‍ය අවබෝධ කළා යැයි
වදාළාට ගුරු උපදේශ රහිතව සියල්ල අවබෝධ කළා යැයි වදාළාට මේ මේ දේ අවබෝධ කළේ නැහැනේ
කියා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වූ විශාරද ඥානය තුළ අභය බවට පත්වෙලා, බිය
රහිත ව වාසය කරනවා.
ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ නිවන් මගට අනතුරුදායක යැයි කියා යමක් වදාළා ද, ඒවා
අනතුරුදායක නොවේ කියා කිසිදු පුද්ගලයෙකුට කරුණු සහිත ව පවසන්නට බැහැ. එනිසා ම
භාග්‍යවතුන් වහන්සේ විශාරදව වැඩ සිටියා. නිවන් මගට, මෝක්ෂයට පවතින අන්තරායක
ධර්මයන් පිළිබඳව ඉතා පැහැදිලිව දේශනා කොට වදාළා. උන් වහන්සේ යම් යම් උපකල්පනයන් මත
ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ නැහැ. වජිරාසනය මත වැඩ සිටිමින් ජය ශ්‍රී මහා බෝධි
මූලයේ දී සර්වඥතා ඥානය ඇතිකර ගත්තේ යම් රාත්‍රියක ද, පිරිනිවන් පා වදාළේ යම්
රාත්‍රියක ද, ඒ අතරතුර කාලයේ උන් වහන්සේ දේශනා කළ, පැන වූ, විවරණය කළ කරුණු ඉස්මතු
කොට වදාළ කිසිම කරුණක් වෙනස් වන්නේ නැහැ. එය ඒ අයුරින්ම සිදුවෙනවා. තථාගතයන් වහන්සේ
ඒ හැම දෙය ම දැනගෙන, දැකගෙන දේශනා කොට වදාළේ. එනිසා බුදුරජාණන් වහන්‍සේගේ ශාසනය තුළ
නිවන් මගට අනතුරුයි කියා වදාළ යම් කරුණක් තිබෙනවා ද ඒක අනතුරුදායකම යි. එනිසා
බුදුරජාණන් වහන්සේ විශාරදව ඒ අනතුරුදායක දේ පිළිබඳව උන්වහන්සේගේ ඥානය තුළ ස්ථාවරව
වැඩ සිටියා.
හතරවැනි විශාරද ඥානය නම්, නිවන් මග මෙයයි කියා වදාළා ද, එයම යි නිවන් මඟ. සීල,
සමාධි, ප්‍රඥා යන අංග අටකින් යුත් ඒ ආර්ය මාර්ගය උත්තරීතර වූ නිර්වාණගාමි පටිපදාව
යි. මේ මග අනුගමනය කොට නිවන අවබෝධ කරන්නට බැහැ කියා දෙව් මිනිස් ලෝකයේ කිසිවෙකුට
පවසන්නට බැහැ චෝදනා කරන්නට බැහැ. තමන් වහන්සේ විසින් ලෝකය හමුවේ දේශනා කොට වදාළ ඒ
නිවන් මග පිළිබඳ විශාරද ඥානයෙන්, බය, සැක රහිතව වැඩ සිටිනවා.
එනිසා අප සරණ ගිය අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සිව් විශාරද ඥානයෙන් සමන්විත
යි. එවැනි තථාගත දසබලධාරී වූ ශාසනය තුළයි අප ශ්‍රාවකයන් බවට පත් වුණේ. ඒ සම්මා සම්
බුදුරජාණන් වහන්සේ ගේ සෙවණැල්ලත් සැපයි කියමින් ශාසනය තුළ පිළිසරණ සොයාගෙන පැමිණි
අපට බුදුරජාණන් වහන්සේ බුදු මුවින් වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිතයට ළංකර
ගනිමු.
- නයනා නිල්මිණි |