[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපේකම හඳුනන අනාගත පරපුරක්

අපේකම හඳුනන අනාගත පරපුරක්


අපේ රටේ බොහෝ පවුල්වල මවුපියන් මාසයකට අධික කාලයක් අද පැය 24ම දරුවන් සමඟ රැදෙන දීර්ඝ කාලයක් ජීවිත කාලයේ පළමු අවස්ථාවට උදා වුණා. භයානක වසංගත රෝග තත්ත්වයක් යටතේ වුවත් මේ අවස්ථාවේදී මවුපියන් කටයුතු කළ යුත්තේ කෙසේද යන වග බොහෝ මවුපියන් දන්නේ නැහැ. අප කළ යුත්තේ ‘පෙරලුන පිට හොඳයි කියන්නා සේ‘ මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමයි.

විශේෂයෙන්ම දරුවන්ගේ ළදරු අවදිය ගැන මවුපියන් අවබෝධයෙන් තොරව කටයුතු කරන බවයි අපට පෙනෙන්නේ. දරුවා කුඩා කලදීම නිසි මාර්ගයට යොමු නොකර ඔවුන්ට යමක් තේරුම් ගත හැකි වයස අවුරුදු 15ක් 16ක් පමණ වන වයසේදී ඔවුන් හැසිරවීමටයි මවුපියන් උත්සාහ දරන්නේ. අපේ බොහෝ මවුපියන්ට වරදින්නේ එතැනදී තමයි.

පූර්ණ මිනිසකු සෑදීම ඇරැඹෙන්නේ වයස අවුරුදු 5ක් හෝ 6ක් වන අවදියේ සිටයි. දරුවා නිසි මඟ යොමු වන්නේ එම කාලයේ සිටයි. එම නිසා මවුපියන්ගේ සැලකිල්ල අවධානය නිසි ලෙසින් ඒ කාලයේදී යොමු විය යුතුයි. නමුත් බොහෝ විට මවුපියන් ඒ කාලයේදී දරුවා ගැන අවධානය යොමු කරන්නේ අනතුරුවලින් මුදවා ගැනීමටයි. ඒ කාලයේදී දරුවන් මවුපියන් සමඟම මවගේ පියාගේ අතේ එල්ලී සිටින අවදියේ පහසුවෙන් කරුණු අවබෝධ වනවා. කුඩා කාලයේදී දරුවන් යොමු වන මාවතටයි ඔවුන් තරුණ අවදියට පත් වන විටත් යොමු වන්නේ.

ඒ කෙසේ වෙතත් කොරෝනා උවදුර නිසා ලද මේ විවේකී අවස්ථාවේදී හෝ එම කාල සීමාව වරප්‍රසාදයක් ලෙස සලකා දරුවන් නිසි මාර්ගයට යොමු කරන්නට හැකියාව තිබෙනවා.

අද අපේ නිවසේ කුස්සියේ සිටම තනිකරම පරිගණක ගත වූ අවදියක් තිබෙන්නේ. නවීන තාක්ෂණය සමඟයි දරුවන් පවා සිටින්නේ නමුත් බොහෝ දරුවන් තාක්ෂණය යනුවෙන් හඳුනාගෙන සිටින්නේ දුරකතනය නැත්නම් පරිගණකය සමඟ ගනුදෙනු කිරීම පමණයි.

ඔවුන් ඒ භාණ්ඩ සමඟ අතරමං වෙලා, හුදකලා වෙලා ඉන්නේ. ඒ තත්ත්වය තවත් දුරදිග ගියොත් කොරෝනාවලට වඩා භයානක තත්ත්වයක් ඉදිරියේදී උදා වන්නට පුළුවන්.

අතීතයේ තිබුණු හෙළ ඖෂධ , දේශීය ආහාර මේ දිනවල ජනතාව සොයමින් යනවා. බෙහෙත් බඩු කඩවල විකුණ ගන්න බැරිව ගොඩ ගසා තිබුණු වෙනිවැල්ගැට කෑල්ලක්වත් හොයා ගන්න නැහැ. ඒ කියන්නේ අපට හොඳීන් තේරිලා තියෙන්නේ අපේ මේ රටාව නිවැරැදි නැහැ කියලා. ඒ වගේම අතීතයේ තිබුණු ක්‍රමවේදය නිවැරැදියි කියලා. ඒක නිසා ලද මේ අවස්ථාවෙන් දරුවන්ගේ දින චරියාවේ ආකල්පයන්ගේ වෙනස්කම් ඇති කළ යුතුමයි.

ළදරු අධ්‍යාපනයේ ක්‍රියාකාරකම් පදනම් කරගත් (ඒජබඪමඪබර ඒචඵඥඤ ඡ්ඤභජචබඪධද) අධ්‍යාපනයක් ගැන මුළින්ම සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා තණ්හාසංඛ සූත්‍රයෙන් බවත් මෙහිදී අප පෙන්වා දිය යුතුයි.

කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් තුළින් ශාරීරික වර්ධනය සහ ඉන්ද්‍රිය වර්ධනය සිදු වන බව අපට උගන්වා තිබෙනවා.

එහිදී වංකකං (නඟුල) ඝටිකං (ගුඩු හෝ කල්ලි ගැසීම) මොක්ඛචිකං (කරනම් ගැසීම ට්රථදචඵබඪජ) චිංගුලකං, (හුළං පෙති කරකැවීම) පත්තාළ්හකං (වැලි මැනීම, ඇනීම) රථකං (සෙල්ලම් වාහන පැදීම), ධනුකං (දුනු සෙල්ලම්) අවශ්‍ය බවයි දැක්වෙන්නේ.

එහෙත් අද දරුවන්ට මේ එකදු හෝ ක්‍රියාකාරකමක් ලැබෙන්නේ නම් ඒ ඉතාම අතළොස්සක් දරුවන්ටයි.

ඒ වගේම දරුවන් අද ඔවුන්ගේ මනසට වයසට ඔබින පැරැණි කතාවන් දන්නේ නැහැ. දරුවන්ට අවශ්‍ය ළමා කතා, ජාතක කතා ආදිය කියා දෙන්නට අද දෙමාපියන් උනන්දු වන්නේ නැහැ. ඒවා වඩාත් ආකර්ශනයෙන් දරුවන්ට ඇදී යන්නේ මවුපියන් විසින් ඔවුන්ට වටහා දුනහොත් පමණයි. විශේෂයෙන් ජාතක කතාවක් දූ දරුවන්ට කියා දීමේදී සමස්ත ජීවිතයම සකස් කර ගත යුතු ආකාරය එයින් කියැවෙනවා. ඒ ඔස්සේ දරුවකුට බෝසත් ගුණාංග තමන්ගේ ජීවිතයට ඇතුළත් කර ගැනීම ඉතාම පහසුයි. එසේ නොමැතිව දරුවා වැඩිහිටි වයසට පත් වු විට පන්සල් ඇදගෙන යාමට දරණ උත්සාහය සාර්ථක වන්නේ නැහැ.

දරුවන් පැල්කවි, ගොයම් කවි දන්නේ නැහැ. ඒවා හෙළ ජාතික උරුමයන් ඒ උරුමය රැක දීම අපහසු නැහැ. ඒ ගැන මවුපියන් අවධානය යොමු කිරීම පමණයි අවශ්‍ය වන්නේ. අද විභාග දැනුමෙන් මොළය පුරවන්න පමණයි මවුපියන් උත්සාහ දරන්නේ.

දරුවන් ආහාර ලබා ගත වේලාව. නිසි ලෙසින් ආහාර ගත යුතු ආකාරය, සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන් ආකාරයට දරුවන්ගේ යුතුකම් මිතුරු මිතුරියන් ඇසුර කරන ආකාරය මේ සියලු දරුවන්ට නීති ලෙසින් නොව ඔවුන්ගේ ජීවිතයේ කොටස් ලෙසින් අවබෝධ කර දිය යුතුයි.

පාර මාරු වන විට අවබෝධයෙන් මාරු නොවුණොත් අනතුරු සිදු වන බව ඔවුන්ට වටහා දෙන්නා සේ එම ගුණාංගවලින් තොරවූ විට අනතුරු තමා වෙත ළගා වන බව දරුවන්ට අවබෝධ කරවිය යුතු වෙනවා.

මිනිසා කියන්නේ කිසිදු විටක තනිව ජීවත්විය හැකි සත්ත්වයෙක් නෙමෙයි. වෙනත් සත්ත්වයකුට තනිව ජීවත් විය හැකියි. උදාහරණ ලෙස ගවයාට කිසිවකුගේ සහායක් අවශ්‍ය නැහැ. තනිව ජීවත් වන්නට පුළුවන්. නමුත් මිනිසාට එසේ බැහැ. ඔහුගේ ඇඳුම මසා දෙන්නට තවත් අයෙක් අවශ්‍ය වනවා. නිවස ඉඳී කර දෙන්නට ආහාර නිෂ්පාදනය කර දෙන්නට තවත් අයගේ සහාය අවශ්‍යයි. එම නිසා අනෙක් අය සමඟ සහයෝගයෙන් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරය කුඩා කල සිටම ලබා දීම මවුපියන්ගේ වගකීමක්. දරුවන් කරුණු අවබෝධ කර ගන්නේ මවුපියන්ගේ ක්‍රියාකාරකම් දෙස බලමින් බව හොදින් අවබෝධ කර ගත යුතු වෙනවා.

සරල උදාහරණයක් ගන්න. අද අපේ බොහෝ නිවෙස්වල විදුලි පහන් (ලයිට්) දමන ස්විචයන් දෙස බලන්න. බහුතරයක් කලු වෙලා. ඇයි? අපි එය භාවිත කරන්න දරුවන්ට උගන්වා නැහැ. දරුවන් පමණක් නෙමෙයි, බහුතර වැඩිහිටියන් පවා එහෙමයි. සම්පූර්ණ අතම බිත්තියත් එක්කම ස්පර්ෂ කරමින් විදුලි පහන දල්වන්නේ. ඒ වගේම නිවස ඇතුළට යන විට බිත්ති අතුල්ලගන යන්නේ. ඒ නිසා ඒ සියල්ල අපිරිසිදු වෙනවා.

බහුතර විදේශ රටවල එවන් තත්ත්වයක් දකින්න නැහැ. අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. අද ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය ගැන මඳක් සිතා බලන්න. ජනතාව සුප පහසුවට බඩු භාණ්ඩ ගත්ත සුපිරි වෙළෙඳසල් අද කෝ. අද ජනතාවට පිහිට වන්නේ ගමේ කුඩා වෙළෙද සල්, තල්ලු කරගෙන යන කරත්ත කුඩා අත් කරත්ත, පා පැදි වගේ අලෙවිකරුවන් නේද?

අතීතයේ අපිට සේවය කළ පාන් මාමා, කිරි මාමා සංකල්පය වැනි ක්‍රමවේදයන්ට නේද අපි මේ ටික කාලයේදී ළං වුණේ.

ඈත අද අතීතයේ දරුවන් අමුවෙන් එළවළු පලතුරු ආහාරයට ගත්තා. බෝංචි, පිපිඤ්ඤ වැනි දේ රස බලමින් ආහාරයට ගත්තා. අද සැලඩ් කියමින් අලුත් සංකල්පයක් කිව්වත් ඒකත් අතීතයේ අප ගත් ආහාර රටාවටම සමානයි.

අද දරුවන් බොහෝ විට ආහාරය ගන්නේ කෘත්‍රිම රසකාරක බහුල ආහාර. එයින් දරුවන් මුදා ගැනීමට කටයුතු කළ යුතුයි. දරුවන්ට දේශීය ආහාර වැඩි වශයෙන් ලබා දීම, එහි ගුණ වර්ණනාව තුළින් නිරෝගී පරපුරක් බිහි කළ හැකියි.

නමුත් දරුවන්ගේ ඇස් ආකර්ෂණය කර ගන්නා වෙළෙඳ දැන්වීම් හමුවේ මවුපියන් පවා අතරමං වෙලා ඉන්නේ.

ඒ ඔස්සේ බෝ නොවන රෝගවලට දරුවන් ගොදුරු වෙලා.

දරුවන්ට ආතතිය වැඩියි, චර්ම රෝග, අජීරණ දරුවන් අතර නිතර දක්නට තිබෙනවා. රසකාරක ගැනීමේ විපාකය තමයි සෙම් අත්විඳීන්නේ.

මේ තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට අප තවමත් ප්‍රමාද නැහැ. අප උත්සාහ කළ යුතුයි.

බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේම අපට ගමන් කළ හැකියි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩීම කළ හැකියි.

නිවසේ ගත කරන මේ කාලය පවුලේ සාමාජිකයන් පහත සම්‍යක් ප්‍රධාන වීර්යය මුල්කරගනිමින් කටයුතු කළහොත් ඒ අරමුණ ඉටු කර ගැන්මට හැකිවේවි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]