ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 මැයි 07 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
තෛ‍්‍රනිකායික මහ නාහිමිවරු පවසති
දිවයිනේ සියලූ විහාරස්ථානවලදී හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වනසේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදි පුණ්‍යෝත්සව සංවිධානය නොකොට නිවෙස් තුළදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල මෙවර සැමරීම වඩාත් යෝග්‍ය බව තෛ‍්‍රනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටිති. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකල ක්ලේෂයන් ප‍්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යෝත්සව දිනයයි. මෙදින දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්තිමය පූජෝපහාරයන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීම සකල ලෝකවාසී බෞද්ධයින්ගේ සිරිත විය. එහෙත් මෙවර ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා බලවත් රාජ්‍යයන්හි පවා පැතිර යන කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා නැමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කොටගෙන හුදෙක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස් වලට පමණක් සීමා වෙමින් වෙසක් පුණ්‍යෝත්සවය පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අපගේද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබේ.
වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය 14 වනදා බ්‍රහස්පතින්දා
පසළොස්වක
මැයි 07
අව අටවක
මැයි 14
අමාවක
මැයි 21
පුර අටවක
මැයි 30
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]