බෞද්ධ චින්තනයෙන්
ගොඩනැඟෙන දේශීය චින්තනය
මහා
විහාර වංශික
ශ්‍යාමෝපාලි මහා නිකායේ
ශ්‍රී රෝහණ පාර්ශ්වයේ
ප්‍රධාන සංවිධායක හා විධායක කාරක සභික
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
"වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, නිල්වන් ගොයම යි. රන්වන් සිවුර යි. කියන දේශජ බවත්
සමඟ, සෞභාග්‍යයේ දැක්මත් සමග යි ඉදිරියට අපේ ජාතිය ගොඩනඟා ගත යුතුවන්නේ. කොරෝනා
වෛරසය ඉදිරියේ සෞභාග්‍යයේ දැක්මත් සමඟ අප ඉදිරියේ දී පෙළ ගැසිය යුතු වෙනවා. ඒ බෞද්ධ
චින්තනය ඔස්සේ යි."
බෞද්ධ චින්තනය, පෙරදිග චින්තනය හා දේශීය චින්තනය ආදී ලෙස තුන් ආකාරයකින් කියැවුණ ද
මේ ත්‍රිත්වය ම එකම චින්තනයක් ලෙසටයි අප විසින් සලකනු ලබන්නේ. පෙරදිග චින්තනය,
දේශීය චින්තනය බවට පත්වන්නේ බෞද්ධ චින්තනයම යි.
මෙසේ පෙරදිග චින්තනය, දේශීය චින්තනය ලෙස අප ගොඩනඟා ගත් දේ කුමක් ද? මෙයට
ප්‍රතිවිරුද්ධ චින්තනය අධ්‍යයනය කළවිට එය හොඳින් පැහැදිලි වෙනවා. එයට අප කියනවා
බටහිර චින්තනය කියලා. බටහිර චින්තනයේ ස්වරූපය සෘජු රේඛාවක් දිගේ සිතීම යි.
සෘජු රේඛාවක් ආකාරයට සිතීමට පෙළඹීම මත මුලක් හෝ අගක් සොයන්නට බැරිවෙනවා. අපි
ප්‍රශ්නයක් අසනවා, මුලින් ම හට ගන්නේ පොල් ගස ද, එසේත් නැතිනම් පොල් ගෙඩිය ද කියලා.
කෙනෙක් ඊට පොල්ගස යැයි පිළිතුරු දෙනවා. එසේනම් පොල් ගස හැදුණේ කුමකින්ද?
එතැන දී පොල් ගෙඩියෙන් ය කියන මුල එනවා. ඒ වගේ ම පොල් ගෙඩිය සැදුණේ කුමකින්දැයි
ඇසුවොත් පොල් ගෙඩිය, පොල් ගසින් සැදුණ බව කියනවා. එතැන දී මුල, ආරම්භය බවට හේතුව
බවට පත් වන්නේ, පොල් ගසයි. එනම්, දෙකෙන් එකක් හැම විට ම මුලට යනවා. මුල සොයා ගන්නට
බැරි වෙනවා.
මේ නිසා අප ඊට බටහිර චින්තනය යැයි කියනවා. බටහිර චින්තනය ඒ වගේ රේඛාවක්. රේඛාවක්
දිගේ ගස ගෙඩිය, හෝ ගෙඩිය, ගස යැයි ලියන ලද නම්, ඉදිරියෙන් දෙකෙන් එකක් ලියැවෙනවා. ඒ
නිසා කෙළවරක් නෑ. එය බටහිර තර්ක ශාස්ත්‍රයෙනුත් පැහැදිලි වෙනවා. බටහිර තර්ක
ශාස්ත්‍රයේ දී පදනමක් ලෙස ගොඩ නඟන්නේ මෙලෙස යි.
‘සොක්‍රටීස් මිනිසෙකි. සොක්‍රටීන් මිය ගියේ ය. සොක්‍රටීස් මිය ගිය නිසා අපිද මිය
යන්නෙමු.’ යනුවෙනි.
මෙහිදී අප සොක්‍රටීස් දැක නැති අතර, නො දුටු දෙයක් ගැන, අනුමානයක් මත පිහිටා එලෙස
ප්‍රත්‍යක්ෂය ගොඩ නඟනවා, මම ද, අපි ද මිය යන්නෙමු කියලා.
මේ අනුව බටහිර චින්තනයේ ස්වරූපය වන්නේ සෑම මොහොතක ම අනුමානය මත සංකල්ප ගොඩ නැඟීම
යි. පෙරදිග චින්තනය මීට වඩා වෙනස් වෙනවා. පෙරදිග චින්තනයේ දී සිතන්නේ සෘජු රේඛාවක්
අනුව නොවේ. වක්‍රාකාරව යි. රවුමකට යි.
පෙර පරිදි ගස ගෙඩිය යන සංකල්පය ගෙන බැලුවත් පොල් ගස ද පොල් ගෙඩිය ද කියලා, මේ රවුම
ඇතුළේ, පරිධියේ ලියාගෙන යනවා. අවසානයේ ‘පොල්ගස්’ යන්න ‘පොල් ගෙඩිය’ අතරේ අවසන් ව
ලියැවෙනවා.
මෙතැන දී පොල් ගස හෝ පොල් ගෙඩිය හෝ ඉස්සර වී නෑ. පසුවී ද නෑ. ඒ කියන්නේ මුලක් නෑ..
අගත් නෑ. රවුම ඇතුළේ තිබෙනවා. එවිට අපට ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. අවශ්‍ය නම්
පොල් ගසෙන් පටන් ගන්න පුළුවන්. ගෙඩියෙන් පටන් ගන්නත් පුළුවන්.
මෙයට අප කියනවා පටිච්ච සමුප්පන්න බව කියලා. හැම වෙලාවෙම හේතුවට ප්‍රත්‍යක්ෂව ඵලයක්
හට ගන්නවා.
‘අවිජ්ජා පච්ඡයා සංඛාරා සංඛාර පච්ඡයා විඤ්ඤාණං’ කියන තැන රවුමක් තිබෙනවා. ‘අවිජ්ජා’
යැයි කියන්නේ ආරම්භයක් දීමට පමණයි. අවශ්‍ය නම් එය තණ්හාවෙන් පටන් ගන්නත් පුළුවන්.
සංස්කාරවලින් පටන් ගන්නත් පුළුවන්. විඤ්ඤාණයෙන් පටන් ගන්නත් පුළුවන්. එය හරියට වැසි
චක්‍රය වගෙයි.
වැසි චක්‍රයේ දී ගහ කොළ ඇති කල ජල සීරාව තිබෙනවා. ජල සීරාව ඇති කල ඇළ, දොළ තිබෙනවා
ඇළ, දොළ, ගංගා ඇති කල ජල වාෂ්ප තිබෙනවා. ජල වාෂ්ප ඇති කල වලාකුළු ඇතිවෙනවා. වළාකුළු
ඇති කල වැස්ස ඇතිවෙනවා. මෙහි ඕනෑම තැනකින් පටන් ගන්න පුළුවන්. වලාකුළුවලින්,
වැස්සෙන් ආදී ලෙස මෙය වක්‍රාකාර යි. එකකට එකක් හේතුවක් වෙනවා. නැති කලත් එලෙසමයි.
ජල සීරාව නැති කල ඇළ, දොළ නැති වෙනවා. ඇළ, දොළ නැති කල ජල වාෂ්ප නැති වෙනවා. මේ ලෙස
ක්‍රමයෙන් වැස්ස ද නැති වෙනවා. ඇති වනවා වගේම නැති වීමද එලෙසම යි.
පෙරදිග චින්නය පිහිටා තිබෙන්නේ සෑම වෙලාවක ම ප්‍රත්‍යක්ෂය මතයි. එය වඩාත් පැහැදිලි
වන්නේ එම චින්තනය අපට ඉගැන් වූ අවස්ථාව තුළ යි. එනම් මිහිඳු මහරහතන් වහන්සේ
මිහින්තලාවේ අම්බස්තලයේ දී දේවානම් පියතිස්ස රජතුමාගෙන් ඇසූ ප්‍රශ්න දෙකෙහි දී යි.
එක් ප්‍රශ්නයක් වූයේ ඥාති ප්‍රශ්නය යි. අනෙක් ප්‍රශ්නය අඹ ප්‍රශ්නය යි. මේ ප්‍රශ්න
දෙකම පෙරදිග චින්තනය පෙන්වූ අවස්ථාවක්.
“මහ රජ, ඔබ කවුද?”
“ස්වාමීනි, මම තිස්ස නැමැති රජ්ජුරුවෝ”
“ඔබ හැර තවත් අය සිටී ද?”
“එහෙමයි ස්වාමීනි, මගේ ඥාතීන් සිටිනවා”
මෙහිදී මම කියන උත්තම පුරුෂයෙන් එහාට ගමන් කරනවා. මධ්‍යම පුරුෂය කරා තෝ, තොපි
කියනවා වගේ. ටිකක් දුර සිටින අය වෙත. ඒත් මේ අය පෙනෙනවා.
එතැන දී මිහිඳු හිමියන් විමසනවා.
“ඔබත් ඔබගේ ඥාතීනුත් හැර තවත් අය සිටීද? “
“ඕනෑ තරම් සිටිනවා. ඇයි ස්වාමීනි, මගේ රට වැසියන්.”
මෙහිදී ප්‍රථම පුරුෂය වගේ, ඔහු, ඔවුහු කියනවා වගේ නො පෙනෙන අය. එවිට තමයි අනුමානය.
පටන් ගන්නේ, ප්‍රත්‍යක්ෂයෙන් තමන්ගෙන් මෙහිදී තවත් ප්‍රශ්නයක් විමසනවා. ඥාතීනුත්
ඥාතීන් නො වන අයත්, හැර තවත් අය සිටිනවා ද?”
“එහෙමයි ස්වාමීනි, ඒ මමයි” එතැන දී නැවතත් ප්‍රත්‍යක්ෂයට ම ආවා. රවුමක් වගේ
තමන්ගෙන් පටන් අරගෙන, අනුමානවලට ගොස්, නැවත ප්‍රත්‍යක්ෂයට ම පැමිණුනා. ඒ වගේ ම අඹ
ප්‍රශ්නයත් විමසනවා.
“මේ ගස කුමක්ද?”
ඒ පෙනෙන ප්‍රත්‍යක්ෂය.
‘ස්වාමීනි, මේ අඹ ගසක්”
මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබෙනවා ද?”
“එසේය ස්වාමීනී, තව ඕනෑ තරම් අඹ ගස් තිබෙනවා.”
එතැන දී තමන්ට පෙනෙන ඈතට ගියා.
“මේ අඹ ගසත්, ඒ අඹ ගසසුත් හැර තවත් ගස් තිබේද?”
“එහෙමයි ස්වාමීනි, තවත් ඕනෑතරම් ගස් තිබෙනවා”
එතැන දී අනුමානයට ගියා. මිහිඳු හිමියන් ඒ අනුමාන ප්‍රත්‍යක්ෂයේ සිට තවත් ප්‍රශ්නයක්
විමසනවා. “මහරජ ඒ අඹ ගසුත්, අඹ නො වන ගසුත් හැර තවත් ගස් තිබෙනවා ද?
‘එහෙමයි ස්වාමීනි, ඒ මේ අඹ ගසයි’
එතැන දී ප්‍රත්‍යක්ෂයට ම පැමිණියා. ප්‍රත්‍යක්ෂයෙන් පටන් අරගෙන අනුමානයට ගොස්,
අනුමානයෙන් නැවත ප්‍රත්‍යක්ෂයට පැමිණියා. මේ සම්බුද්ධ ධර්මය ප්‍රත්‍යක්ෂය යි.
‘පච්චත්තං වේදි තබ්බො’
මේ ප්‍රත්‍යක්ෂ ධර්මයයි ආනන්ද, හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, සැරියුත්, මුගලන්
වැනි ස්වාමීන් වහන්සේ අනුගමනය කළේ. උන්වහන්සේ රහත් ඵලයට පත් වුණා. බුදුරජාණන්
වහන්සේගේ සමීපතමයන් වහන්සේලා ඉන් එහාට තවත් බොහෝ පිරිස් රහත් ඵලයට පත් වුණා. ලංකාවේ
වාසය කළ අරිට්ඨ ආදී උතුමන් රහත් ඵලයට පත් වුණා. “මේ පිරිස් හැරුණු කොට තවත් අය මේ
ධර්මය අවබෝධයෙන් රහත් ඵලයට පත්වේ ද?”
“එහෙමයි ස්වාමීනි, ඒ මමයි” ඇයි? ඒ මමත් අහන්නේ ඒ ධර්මයම යි. මේ පිළිපදින්නේත් ඒ
ධර්මය ම තමයි. එසේ නම් ‘නිවන’ ප්‍රත්‍යක්ෂ ධර්මයක් මිස අනුමාන ධර්මයක් නොවෙයි. එය
තමයි බෞද්ධ චින්තනය. දේශීය චින්තනය වශයෙන් අපට ලැබුණු චින්තනය. එතැන දී අප දේශීය
වශයෙන් කටයුතු කරන්නේ ප්‍රත්‍යක්ෂ ධර්මය මත පිහිටා සිටයි. බුදු දහමේ කිසිම තැනෙක
සඳහන් වන්නේ නෑ. හාවුන්ගේ අං පිළිබඳව. ඉබ්බන්ගේ පිහාටු පිළිබඳව. අහසේ පිපෙන මල්
පිළිබඳව. ඒ නිසා අප එයට කියනවා ‘සිද්ධි වාච්‍ය අනුරෝප්‍යතාවය’ කියලා. බුදු දහමේ කතා
කරන්නේ පෙනෙන, පවතිනන දෙයක් විතරම යි.
දිව්‍ය ලෝකය ප්‍රත්‍යක්ෂ ධර්මයක් දැක අවබෝධයෙන් කියන දෙයක්. අපේ මලියදේව මහරහතන්
වහන්සේ සමඟ අපේ ම රටේ උපාසකයකු පවා දිව්‍ය ලෝකයට ගියා. එය ප්‍රත්‍යක්ෂ කරගත්
ධර්මයක්. එය අපට පෙනෙනවා. එය අපට දැනෙනවා. එය අපට ප්‍රත්‍යක්ෂ ධර්මයක්. අපායත් එලෙස
යි. මිහිපිටමත් එහි කොටස් අපට පෙනෙන්ට තිබෙනවා. ඒ නිසා බුදු දහම ප්‍රත්‍යක්ෂ යි.
ප්‍රත්‍යක්ෂ ධර්මය මත පිහිටා තිබෙනවා. ඒ පදනම වූ ශ්‍රී ලාංකේය චින්තනය, මූලික
වශයෙන් ගෙන බැලුවොත් දුටුගැමුණු, මහරජතුමා අපට ලබා දුන්නා දේශජ කරලා.
‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේ. බුදු සසුනේත්, සිංහල ජාතියේත් (ශ්‍රී ලාංකේය
ජාතියේ) ස්ථාවරය උදෙසායි යනුවෙන්.
ඒ සිතිවිල්ල ප්‍රත්‍යක්ෂයි. මේ දැන් කරලා පෙන්වීමට පුළුවන් දෙයක්. මේ චින්තනය ගමේ
ජීවත්වන පුංචිම මිනිසා දක්වා ගලාගෙන ගියා. ඔහුත් ඒ චින්තනයෙන් පෝෂණය වුණා. ඒ නිසා
ඔහුත් එහි හේවායන් බවට පත් වුණා. එක් පැත්තකින් ජාතියත්, ආගමත් වෙනුවෙන්. අනෙක්
පැත්තෙන් ඒ පුද්ගලයා වවන්නට පටන් ගත්තා. දේශීය වගාව පැත්තෙන් මෙතැන දී රාජ්‍ය
නායකත්වයේ ප්‍රත්‍යක්ෂ චින්තනය හැම මිනිසෙක් ම ප්‍රායෝගික කළා.
මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවේ මේ මහ පොළොවට වැටෙන එකම දිය බිඳක් හෝ ප්‍රයෝජනයට
නො ගෙන මහ මුහුදට යවන්නේ නැති බවයි. ඒ චින්තනය පිටිසර සිටිනා අහිංසක ගොවියා දක්වා
ගමන් කළා. ඔහු ද එයින් ඔපවත් වුණා. තෙදවත් වුණා. අභිප්‍රේරණය වුණා. ඒ අනුව කළේ
කුමක්ද? ඔහුත් වගාවට බැස්සා. එම රජකල අටු කොටු මොන තරම් පිරී ඉතිරුණ ද කියනවා නම්
රජතුමා එක් අවස්ථාවක ධාන්‍ය පිරවූ කරත්තයක් ගම් පුරා පිටත් කර හැරියා. ඒ අවශ්‍ය
කෙනෙක් වේ නම් එයින් ධාන්‍ය ලබා ගන්නා ලෙස දැනුම් දෙමින්. එහෙත් කිසිවෙක් එකම
ධාන්‍ය මිටක් හෝ ගෙන තිබුණේ නෑ. සෑම කෙනෙක් ම ධාන්‍යයෙන් ස්වයංපෝෂිත වී තිබුණා.
මෙය තමයි විය යුතු දේ. ඒ වගේ සංකල්ප අපට තිබෙනවා. අපි සිතමු ධර්ම රාජ්‍ය සංකල්පය.
එසේ නැතිනම් මහින්ද චින්තනය කියලා. වර්තමානයේ නම් සෞභාග්‍යයේ දැක්ම. මේවා සෑම
මිනිසෙකු තුළටම පැමිණිය යුතුයි. සිරිමාවෝ බණ්ඩාරනායක සමය තුළ තිබුණු සංවෘත ආර්ථික
රටාව හරහා දේශීය දේ නිෂ්පාදනය කළ යුතු වුණා. විවෘත ආර්ථිකයට නො ගොස් එය ආරක්ෂා කර
ගත්තා නම් අප කො තරම් දියුණු තැනක සිටිනවා ද. අද බලන්න. අපේ කණ්ණාඩි මේසය වෙතට
ගියොත් එහි තිබෙන සෑම දෙයක් ම බටහිර දත් මදින තැනට, මුහුණ සෝදන තැනට ගියත් අපේ බෝඹු
කෝටුව, කොහොඹ කෝටුව, කිරිල්ල කෝටුව, පේර කෝටුව එතැන නෑ. අපේ රටේ වසරකට රුපියල්
බිලියන හතරක් පමණ වැය වෙනවා දත් මැදලා කෙළ ගැසීමට. එයටත් එපමණ වියදමක් යනවා. අපට
දේශජ බවක් අවශ්‍ය යි.
මේ සෞභාග්‍යයේ දැක්ම තුළ වර්තමානයේ අපේ රටේ රාජ්‍ය නායකත්වය ගෙන යන්නේ මිහිඳු
චින්තන යි. මිහිඳු මා හිමියන් අප ශ්‍රී ලාංකිකයන් කළා. මේ සඳහා උන්වහන්සේ අපට
චින්තනයක් දෙන්නට සිංහ ධජය ලබා දුන්නා. එයයි දුටුගැමුණු රජතුමා ජාතික ධජයක් ලෙස
භාවිතා කළේ.
අනාගතයේ, තව අවුරුදු සියයකින් පමණ පසු දුටුගැමුණු නම් රජෙක් විසින් මෙහි මහා සෑය
බඳවනු ලබන්නේ ය කියලා ශිලා පුවරු පිහිටෙව්වා. දේවානම් පියතිස්ස රජු ලවා අටමස්ථාන
ලකුණු කළ තැන් එක රේඛාවකින් එකට යා කළේ නම් එයින් නිර්මාණය වන්නේ දෙපා ඉදිරියට තබා
ගෙන සිටින සිංහ රාජයකුගේ ස්වරූපය යි. උන්වහන්සේ අපට සිංහ ලාංඡනය දුන්නා. එය අපටම
අනන්‍ය යි.
මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණියේ මෞර්ය රාජ වංශයෙන්. ධර්මාශෝක අධිරාජයා මෞර්ය
වංශිකයෙක්. ඒ නිසා තමයි සඟමිත් තෙරණිය වැඩම කළ නැවෙහි පවා මෞර්ය ලාංඡනය තිබුණේ.
එහෙත් මිහිඳු හාමුදුරුවෝ අපට මෞර්ය ලාංඡනය දුන්නේ නෑ. උන්වහන්සේ අපට දුන්නේ සිංහ
ලාංඡනය. සිංහයා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ මෙයින් අර්ථවත් කෙරෙන්නේ
සත්ත්වයෙක් කියන හැඟීම නොවේ. සිංහ රාජයෙකුගේ තිබෙන මූලික ලක්ෂණ ඒ සංකේතය තුළ පේනවා.
ඉන්දියාව පුරාවට ම බුදුරජාණන් වහන්සේ වැඩම කළ තැන්වල ධර්මාශෝක අධිරාජයා පිහිටුවූ
කුලුනු මුදුණෙහි තිබුණේ සිංහ ලාංඡනය යි. එක් තැනක පමණ යි. ඇත් හිසක් තිබුණේ. ඒ
සංකස්ස පුරයේ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කර ජනතාවට පෙනෙන්ට
හිණිමඟකින් වැඩම කළ ස්ථානය පමණක් මාතෘ දිව්‍යරාජයා සිහිවීමට ඇත්, හිස ලකුණු කළා.
අනෙක් සෑම තැනම තිබෙන්නේ සිංහ රූපය. අන්න ඒ සිංහ ලාංඡනය, බුදුරජාණන් වහන්සේගේ
ලාංඡනය අපට ලබා දුන්නා.
වැවයි, දා ගැබයි, ගමයි, පන්සලයි, නිල්වන් ගොයම යි. රන්වන් සිවුර යි. කියන දේශජ බවත්
සමඟ, සෞභාග්‍යයේ දැක්මත් සමග යි ඉදිරියට අපේ ජාතිය ගොඩනඟා ගත යුතුවන්නේ. කොරෝනා
වෛරසය ඉදිරියේ සෞභාග්‍යයේ දැක්මත් සමඟ අප ඉදිරියේ දී පෙළ ගැසිය යුතු වෙනවා. ඒ බෞද්ධ
චින්තනය ඔස්සේ යි.
- රමණී සුබසිංහ |