ආර්ථිකයෙන් වැට බැඳුණු
සරල ජීවිතය
කොළඹ විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ
මහාචාර්ය
විජිතපුර විමලරතන නා හිමි
"අතීතයේ විවාහයට තිබුණු බාධාව වූයේ කුල ප‍්‍රශ්නයක්, එහෙමත් නැත්නම් පවුල් අතර
ප‍්‍රශ්නයක් පමණයි. ඒත් අද ඒ සියල්ල පසෙකට ගිහින්. අද ඒ සඳහා බලපාන ලොකුම ප‍්‍රශ්නය
මුදල් ගැටලූවයිි. හරි හම්බකරපු සේරම විතරක් නෙමෙයි අනාගතයටත් ණය වෙලා තමයි අද විවාහ
වෙන්නෙ."
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ මධ්‍යම ප‍්‍රතිපදාව අනුව කටයුතු කිරීමයි. එහෙත්
ලෝකයේ ජනතාවත් අපේ රටේ ජනතාවත් ඒ අනුව කටයුතු කෙළේද යන්න මතුව ඇති ප‍්‍රශ්නයයි.
අතීතයේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයට මොකද වුණේ?
ඓතිහාසික වශයෙන් විමසා බැලූවහොත් යුරෝපීය රටවල සිදුවුණු වාණිජ විප්ලවය නිසා ඒ අය
ලෝකයේ විවිධ වෙනස්කම්වලට භාජනය වුණා. ඒ වගේම ඒ රටවල්වල කෘෂිකාර්මික විප්ලව
සිදුවුණා. මේ නිසා නිෂ්පාදන පරිමාණ වෙනස් වුණා. සාමාන්‍ය ගොවීන් තමන්ගේ
නිෂ්පාදනවලින් ඈත් වෙලා ඒ අය නගර කරා ගියා. අපේ රටේත් ඒ තත්ත්වයම සිද්ධ වුණා.
ලෝකයම කාර්මිකරණය වුණා. ලෝකය එකට ඒකාබද්ධ වුණා. මේ තත්ත්වය තුළ එක එක රටවල
ආර්ථිකයත්, ලෝක ආර්ථිකයත්, කැරකෙන වේගයත් නිෂ්පාදන වේගයත් වැඩි වෙන්න පටන් ගත්තා,
ඒත් එක්කම පරිභෝජනයත් කැරකෙන්න පටන් ගත්තා. ආර්ථිකය රෝදයක් කිව්වොත් ඒ රෝදය වේගයෙන්
කැරකෙන්න ගත්තා.
ඒ නිසා වැඩි පිරිසකට රැකියා බිහි වුණා. ආදායම වැඩි වුණා. ආයෝජන වැඩි වෙන්න ගත්තා,
නව තාක්ෂණය දිගින් දිගටම වැඩි වෙන්න පටන් ගත්තා, ඒත් එක්කම ආර්ථික රෝදය තවත්
වේගයෙන් කැරකෙන්න පටන් ගත්තා.
ඒත් මේ අවස්ථාවේදී බුදු දහම විසින් පෙන්වා දී ඇති ආර්ථික ප‍්‍රතිපත්ති එහෙමත්
නැත්නම් මැදුම් පිළිවෙතින් ලබා දුන් අය - වැය ක‍්‍රමවේද ගැන කිසිවකු අවධානය යොමු
කෙරේ නැහැ.
රටක රැකියා උත්පාදනය වන්නේ මේ රෝදය කැරකුණොත් පමණයි කියන සංකල්පය පමණයි අපට
වැටහුණේ.
මේ නිසා අපේ රටේත් ආර්ථික වේගය ඉහළ යාමේ ප‍්‍රවණතාවක් ඇති වුණා. වාහන වැඩි වශයෙන්
ගෙන්වීමෙන්, වෙළෙඳ සල් වැඩියෙන් විවෘත කිරීම, කර්මාන්තශාලා වැඩි වශයෙන් විවෘත වන
විට මෙන්ම යල මහ කන්ද දෙක වෙනුවට මැද කන්නයක්ද වගා කිරීමට කටයුතු කිරීමත් නිසා
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වේගයත් වැඩි වුණා.
ආර්ථිකය මෙසේ වේගයෙන් කැරකෙද්දී සමාජයේ පැවැත්ම හා පරිසරය පිළිබඳව යම් ගැටලූවක් ඇති
වුණා. ඒ අභියෝගයට අප පසුගිය කාලය පුරාම මුහුණ දී සිටියා.
ඒ යටතේ පරිසර උෂ්ණත්වය වැඩිවීම, වනාන්තර අඩුවීම, පරිසරය ¥ෂණය වැඩිවීම, දුහිවිලි
තට්ටු අවකාශයේ පැතිරීම, මෙන්ම ඕසෝන් පටල සිඞීරු වීම වැනි බාධක ජය ගැන්මට අපට සිදුව
තිබෙනවා. එවන් බාධා මත වුවත් මේ ආර්ථික රෝදයේ කැරකීම අපි අඩු කෙළේ නැහැ.
වර්තමානයේ පවතින කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ රටවල් වැසීම කළ යුතු වුවත් ඇතැම්
රටවල් එසේ නොකෙළේ ආර්ථික රෝදයේ කැරකීම අඩු වන නිසයි. ඒ හරහා රැුකියා ගැටලූ මතු වීම
මෙන්ම ආදායම අඩුවීම වැනි කරුණුවලට මුහුණ පෑමට සිදු වූ නිසයි. ඇමරිකාවේ මෙතරම් විශාල
මරණ සංඛ්‍යාවක් ඇති වුණේ ඒ නිසයි. අපේ රටේ කල් ඇතිවම සියල්ල වසා දැමීම නිසා ඒ
ලෙසින් විශාල ව්‍යසනයක් සිදු වුණේ නැහැ.
විවෘත ආර්ථිකයේ අඩුපාඩු තිබුණත් එහි හොඳ පැති අපට දකින්න පුළුවන්. දුප්පත්කම අඩු
වුණා. එය බුදු දහම අනුව හොඳ සංකල්පයක්. විරැුකියාව අඩු වුණා. ජීවන මට්ටම ඉහළ ගියා.
එහෙත් ඒ එක්කම අපි දහමට විරුද්ධව කටයුතු කළ නිසා විශාල ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න
සිදුවුණා. ජලය අඩුවුණා. සුළු වැස්සකදී පවා නායයාම් ඇති වුණා. පරිසරයට විෂ එකතු
වුණා. ගම්වල ඇළ දොළවලින් වතුර බීපු ජනතාවට ඒ වතුර සේදීම් කටයුතුවලට පවා ගැනීමට
නොහැකි තත්ත්වයකට පත් වෙලා.
බුදු දහමේ දැක්වෙන ආර්ථික චින්තනයට පිටින් අප කරන ලද මේ සිද්ධාන්තයන් නිසා පරිසරය
ආපසු සකස් කළ නොහැකි ලෙසින් ව්‍යසනයට පත් වුණා.
අපි මැදුම් පිළිවෙත උල්ලංඝණය කළා. අතෘප්තිකර සීමාවන් කරා ගියා. මේ නිසා දරුවන්
කිහිප දෙනෙක් හිටපු පවුලේ එක දරුවෙක් දක්වා සීමා වුණා. මේ නිසා ශාසනයට ඇතුළු වන
දරුවන්ද ඉතා සීමිත තත්ත්වයකට පත් වුණා. එහෙත් සීමිත පිරිසක් ඉන්නා පවුලකට එක නිවසට
අමතරව නිවාස දෙක තුන හැදුණා. අද අප බහුතරයකට ගෙවල් වලට කොටුවෙලා ඉන්න සිදු වෙලා.
අපට කොරෝනා පාඩමක් ඉගැන්වූවා. අපට බටහිරින් ලැබෙන සියල්ලම අප වැළඳ ගත්තේ අපේ ආර්ථික
ශක්තිය නැත්නම් මැදුම් පිළිවෙතට යන ගමනකින් නෙමෙයි.
දරුවන්ගේ උපන් දිනය පවා අද වන විට විශාල වියදම් කරන කටයුත්තක් බවට පත් කරගෙන
තිබෙනවා.
විවාහයක් සිදු කිරීමට අතීතයේ තිබුණු බාධාව වූයේ කුල ප‍්‍රශ්නයක්, එහෙමත් නැත්නම්
පවුල් අතර ප‍්‍රශ්නයක් පමණයි. ඒත් අද ඒ සියල්ල පසෙකට ගිහින්. අද ඒ සඳහා බලපාන ලොකුම
ප‍්‍රශ්නය මුදල් ගැටලූවයිි. හරි හම්බකරපු සේරම විතරක් නෙමෙයි අනාගතයටත් ණය වෙලා
තමයි අද විවාහ වෙන්නෙ. කෝ අලූත් පරපුරට අණන සුඛය හෙවත් ණය නොවී සිටීමේ සැපත. අද
විවාහය තනිකරම ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙන්නේ.
රටේ බොහෝ දේ මේ අයුරින් ව්‍යාපාරික ගොදුරු බවට පත් වෙලා. ඒකට අපි සියලූ දෙනාම
නොදැනම අසුවී අවසන්.
පන්සලක පින්කමක් පවා කළ නොහැකි තත්ත්වයට අද විහාරස්ථාන පත් වෙලා තිබෙන්නේ. ඉතා සුළු
විහාරස්ථාන සංඛ්‍යාවක් ඇරෙන්න සියලූම විහාරස්ථානයන්ගේ මොනවා හෝ අලූත් ඉදිකිරීමක්
සිදු කරනවා. අලූත් ඉදිකිරීම් සිදු කර පසුව වසා තබනවා. එයින් ප‍්‍රයෝජන ගන්නේ
විහාරස්ථාන කිහිපයක් පමණයි. වසරකට වරක් පවත්වන කඨින පිංකම සාමාන්‍ය පුද්ගලයකුට සිදු
කළ නොහැකි තත්ත්වයක් බවට අද පත්ව තිබෙනවා. මේ සියල්ල ආර්ථික රෝදයේ වේගය නිසා ඇති වූ
ප‍්‍රතිඵලයි.
ආර්ථික රෝදය විසින් අපේ ගුණධර්ම සදාචාරය සරල බව වගේම ආගම දහමත් උදුරා ගෙන තිබෙන බව
අපට මෙයින් පෙනී යනවා.
ආර්ථිකයත් එක්කම අපගේ ඉවසීම, නීතිගරුක බව වැනි සංකල්ප පවා අපෙන් ගිලිහී ගිහින්. අද
ශ‍්‍රී ලංකාවේ යතුරු පැදියක් හෝ නොමැති නිවසක් ඇත්නම් ඒ ඉතාම සුළු වශයෙන්. නමුත්
වාහනය අතට ගත්තත් අපේ නීති ගරුක බව විනය තිබෙනවාද? දිනකට 7ක් 8ක් පමණ මහාමාර්ගයේ
අනතුරුවලින් මිය යනවා. මේ ඇඳිරි නීති සමයේ ඒ මරණ ටික හෝ වැළකී ගියා. කොරෝනා රෝගයෙන්
මිය ගියේ 7 දෙනයි. රට සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා නම් අඩුම වශයෙන් 250ක පමණ පිරිසක්
මේ කාලයේදී මිය යන්නට තිබුණා. ඒ අපේ හික්මීමක් නොමැට්ශම, දහමින් තොර ජීවිතයේ විපාකය
බව සිතට ගත යුතුයි.
වසරකට වරක් හෝ දෙකක් හෝ ඇඳුම් මිලදී ගත් අප අද මසකට එහෙම නැත්නම් සතියකට වරක් හෝ
ඇතැම් විට දිනපතා හෝ අලූත් ඇඳුම් මිලදී ගන්නේ අවශ්‍යතාවයට හෝ මුදල් ඇතිකම නිසා
නොවේ. අනුකරණය නිසයි.
එසේ අවශ්‍යතාවයෙන් තොරව නිසි පරිදි ආර්ථිකයක් නොමැතිව මෙසේ කටයුතු කිරීමෙන් අපට
සිදු වන්නේ තවත් ආර්ථිකය පරිහානියට යාමයි.
අය වැය සමව පවත්වා ගැනීමේ සංකල්පය අප තුළ නැහැ. ඒ වෙනුවට අප තුළ ඇත්තේ අනුකරණය,
අධික තෘෂ්ණාව, මානය වැනි අප විසින් අත්හල යුතු සිතිවිලි සමුදායක් පමණයි. අප සැවොම
සමාජයේ පුරුක් නිසා අප ගනු ලබන තීරණ සමාජයේ තීරණ බවට පත් වෙනවා.
අප පෙර සඳහන් කළ පරිදි මේ වන විට පිච‰කමක් පවා කළ නොහැකි තත්ත්වයකට පත් වෙලා
තියෙන්නෙ. නිවසක ධර්ම දේශනා පිච‰කමක් පවා පවත්වන්නට බැහැ. එය අධික වියදමක් දරන
කටයුත්තක් බවට පත් වෙලා. එමෙන්ම මරණයක් පවා සිදු වූ විට එයත් අධික වියදමක් බවට පත්
වන්නේ මරණයේ කටයුතු වලට වඩා පැමිණෙන අය උදෙසා කරනු ලබන සත්කාරවලටයි. අතීතයේ යම්
අයකු මිය ගිය විට නිවැසියන් කිසිදු ආකාරයක ආහාර පාන ගැන සොයා බලන්නේ නැහැ.
අසල්වාසීන් විසින් ඔවුන්ට සංග‍්‍රහ කරනවා. අද තත්ත්වය කණපිට හැරිලා.
විහාරස්ථානත් ගමෙන් ඈත්වෙලා. තාප්පවලින් වටවෙලා. පන්සලේ වටේට තිබුණු වැට නිසා
විහාරස්ථානයට සිසිලසක් ලැබුණු අතර පරිසරයේ එක් අංගයක් බවට පන්සල පත් වුණා. වැටේ ගස්
දර ලෙසින් ගත හැකි වුණා. කුරුල්ලන් කුඩා සතුන් ඒ හරහා සැරිසැරුවා. අද ඒ සොබා
සෞන්දර්යය නැත්තටම නැති වී ගොසින්. තාප්පයෙන් ඒ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.
මේ සියල්ලටම හේතුව ආර්ථිකය අපේ දහමට අනුව අනුගත නොවීමයි. මේ ක‍්‍රමවේදය ආපසු හැරවීම
ලෙහෙසි පහසු නොවුණත් එවැනි කාර්යයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි.
එසේ නොවුණහොත් ඉදිරියේදී ඇති වන ආර්ථික තත්ත්වය අදට වඩා දරුණු ලෙසින් දැනේවි.
-
තාරක වික්‍රමසේකර |