බක් අමාවක 2020-04-22
අනුන්ට බරක් නොවීම
කොරෝනා වයිරසය ලෝකයට ඉගැන්වූ පාඩම ගැඹුරු ය. බරපතළය. එමෙන්ම නැවත සිතන්නට මතක් කර
ඇති දේ ද බොහෝ ය. මේ කියන්නට යන්නේ ලෝකයේ අන් රටවල් ගැන නොවේ. අප උපන් රට පිළිබඳව
ය.
කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා යම් යම් කාල සීමාවන් තුළ රටපුරා ඇඳිරි
නීතිය ක‍්‍රියාත්මක වුණි. ඒ හා සමඟ බොහෝ දෙනෙකුට ප‍්‍රශ්න පැන නැගුණි. ආහාර
ප‍්‍රශ්න ය ඒ අතර ප‍්‍රධාන ය. මිල මුදල් ඉතිරි කරගත් බොහෝ පිරිස් මාස ගණනකට හෝ දින
ගණනකට හෝ සෑහෙන ලෙස ආහාර රැස් කර ගත්හ. එසේත් නැතිනම් නිවෙස අසලට පැමිණෙන
වෙළඳුන්ගෙන් අවශ්‍ය දෑ මිලදී ගත්හ.
එහෙත් යම් පිරිසකට රජයෙන් මුදල් පරිත්‍යාග කිරීමට සිදු විය. ඒ ප‍්‍රමාණය අතිවිශාල
ය. සියලූ ජනතාවගේ කුෂ පුරවනු පිණිස ගත් ඒ ක‍්‍රියාදාමය මා හැඟිය. අගය කළ යුතුම ය.
පියෙක් දරුවන් රකින්නා සේ සියලූ රට වැසියා ආරක්ෂා කර ගන්නට කටයුතු කළ නායකත්වයක
ලක්ෂණ අපි දුටුවෙමු. රටට ඇවැසි ද එවැනි නායකයෙකි.
එසේ වුවද මේ මොහොතේ පුරවැසියන් ලෙස යම් පිරිසකට වැරදුණු තැනක් වේ. ඒ කිසිවෙකුට අත
නොපා ජීවත් වන්නට තම ආර්ථිකය සවිබල ගන්වා ගැනීමට නොහැකි වීම ය.
මාසයක තරම් ස්වල්ප කාලයකට හෝ අවශ්‍ය ආහාර සපයා ගන්නට යම් ඉතිරියක් කර නොගැනීම විශාල
අතපසු වීමකි. විශේෂයෙන් බෞද්ධ ආර්ථික ක‍්‍රමය තුළ හදිසි ආපදාවක දී ප‍්‍රයෝජනයට
උපයාගත් ධනයෙන් කොටසක් ඉතිරි කළ යුතුම ය. සරල ජීවිතයකට හුරු වූවා නම් එය අසීරු නැත.
ඉවත දමන දඬුවක් වුව පැළවී ඵල දරන්නට තරම් මේ මහ පොළොව සරුසාර ය. මිරිස් පැළයක් හෝ
බටු පැළයක් සිටුවා ගන්නට තරම් බිම් අඟලක් හෝ නැති අය වේ නම් ඉතාම අල්ප ය.
වසර ගණනාවක් පුරා මේ මහ පොළොවේ අක්කර ගණනින් සරුසාර බිම් මුඩුබිම්ව වල් බිහිව ඇත.
දෑතේ හයියෙන් ගොවිතැනක් බතක් කරන්නට අපේ තරුණ පිරිසෙන් වැඩි කොටසකට සිතට ශක්තියක්
නැත.
අතීතයේ කෘෂි ආර්ථිකයෙන් ස්වයංපෝෂිත වූ ජාතියක් වූ අපට, ඒ නිසාම සාඩම්බර ජාතියක් වූ
අපේ වැඩි දෙනෙකුට ගොවි තැන අමතක වුණි. රටට ඇවැසි දීනයක් නොව අදීනයන් ය. පළමුව මේ
පසුගාමී ආකල්ප සමාජයෙන් තුරන් කර ධනාත්මක චින්තනයක් ඇති ජාතියක් ලෙස නැඟී සිටින්නට
මනස සැකසීම අත්‍යවශ ය. කොරෝනා වසංගතයක් සමග රජයේ මඟ පෙන්වීම මත දැන් බොහෝ දෙනා වගා
කටයුතු වලට යොමු වීම යහපත් ය. වගා සංග‍්‍රාමය වැනි වැඩසටහන් වැඩි දියුණු කළ යුතු ය.
තවත් පැතිකඩක් ගැන සිහිපත් කළ යුතුම ය. අපේ වැඩිහිටි පරපුර අපට සම්පතකි. ඔවුන් රැුක
ගත යුතු ම ය. එහෙත් මෙහි සැඟවුණු කතාවක් ද වේ. මොවුන් අතර දූ දරුවන් නැති අය අල්ප ය.
මව්පිය උපස්ථානය දරුවන්ගේ යුතුකමකි. එය හරියට ඉටු වෙනවා නම් වැඩිහිටි නිවාස අවශ්‍ය
නැත. අසරණ මවුපියන්ට මහ මඟ සිඟමන් යන්නට ඇවැසි නැත. දරුවන් විසින් මවුපියන් ගේ කුස
පුරවන්නට තරම්වත් කාරුණික වූවා නම් අපේ බොහෝ වැඩිහිටියන් ට රජයෙන් මුදලක් ලැබෙන
තුරු බලා සිටින්නට සිදු වන්නේ නැත. මේවා නොකිව යුතු දේ යැයි හැඟුණ ද මේ සාරධර්ම
ආකල්ප නැවත සමාජය තුළ රෝපණය කළ යුතු වේ. ඒ දලූ ළා අතු ඉතිලා වැඩෙන්නට ය.
අප නැවත සිතා බැලිය යුතුව ඇත. ඒ චින්තනමය වෙනසක් වෙත, ආධ්‍යාත්මික ගුණධර්ම වඩා
වර්ධනය කිරීමේ ක‍්‍රියාමාර්ගයක් වෙත වහ වහා යොමු වීමටය. |