සමඟිය දියුණුවේ මාවතයි
කු/නික / වාරි රත්මලේ
රතනසෙල මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතනවංස හිමි
රටක, සමාජයක, ගමක, ගෙයක අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු දෙයක් ලෙස සමඟිය හැඳින්විය
හැකි ය. සමඟිය ඇති තැන දියුණුව , අභිවෘද්ධිය ද පවතී. තිරිසන් සතුන්තුළ පවා නොමද ව
පවතින සමඟිය ඇතැම් මිනිසුන් අතර දක්නට නොලැබීම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. එය එතරම්
සුභදායක දෙයක් නොවනු ඇත. ඒ අනුව සමගියෙහි වටිනාකම දැන හඳුනාගෙන, එය සුරක්ෂිත කිරීමට
අප උත්සාහවත් විය යුතු ය.
බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී විවිධ පුද්ගලයන් අරමුණුූ කොට ගෙන සමගියේ ඇති
වටිනාකම පෙන්වා දී ඇත. සමඟිව විසීමෙන් ඇති වන යහපත් ප්‍රතිඵලයත්, අසමගිව විසීමෙන්
සිදුවන අයහපත් ප්‍රතිඵලයත් උන් වහන්සේ පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී
රාජ්‍ය උදෙසාත් ඔවුන්ගේ ගණතන්ත්‍ර රාජ්‍ය පාලනය උදෙසාත් සප්ත අපරිහානිය ධර්ම දේශනා
කළහ. එම සප්ත අපරිහානී අතර දෙවන කාරණය වන්නේ “සමඟියෙන් රැස්ව, සමඟියෙන් කටයුතු කොට
සමගියෙන් විසිර යෑමයි” මෙම කාරණය දියුණුව අපේක්ෂා කරන රටක ජනතාවට ඉතා වැදගත් වනු
ඇත.
බෙදුණු , කැඩුණු විසිරුණු අසමඟි වුණු සෑම තැනක ම දක්නට ලැබෙන්නේ පිරිහීම නොවේද?
ලෝකයේ රටවල් ගත් කල්හි ඒ ලක්ෂණය මනාව පිළිබිඹු වේ. දෙවන ලෝක යුද්ධයේ දී ජපානයට
පරමාණු හෙලීමෙන් හිරෝෂිමා නාගසාකි නගර මුළුමනින් ම විනාශ විය. ජීවිත ද ලක්ෂ ගණනින්
විනාශ විය. එවන් අභාග්‍ය සම්පන්න වූ රටක් උත්සාහය යි සමඟිය යි මත දියුණු වූ ආකාරය
ඉතා විශ්මිත ජනක ය. අද ජපානය ලෝකයේ ඇති දියුණුම රටක් වශයෙන් පිළිගැනේ. මුළු
රටවැසියා ම සමඟියේ ප්‍රතිඵලය භුක්ති විඳින රටක් ලෙස ජපානය හැඳින්වීමට පුළුවන.
කොරියාව, චීනය, සිංගප්පූරුව , තායිලන්තය, හොංකොං ආදි රටවල වුව ද දියුණුවට හේතුව වී
ඇත්තේ එම ලක්ෂණයයි.
මී මැස්සන් යනු පුංචි සත්ත්ව කොට්ඨාශයකි. එසේ වුව ද ඔවුන්ගේ එකමුතුබව තුළින් මී
පැණි වලින් පිරුණ විශාල මී වදයක් බඳිනු ඇත. වේයන් වුව ද ඔවුන්ගේ එකමුතුබව තුළින්
විශාල තුඹස් නිර්මාණාත්මක ව සාදනු ඇත.
මිනිසුන් තුළ ද තිබිය යුතු වන්නේ සමඟිව, එකා මෙන් වැඩ කරන සමාජයකි. අතීතය ගත් කල්හි
සමඟිය තුළින් එකමුතුව සිදු කළ කාර්යයන් ඉතා විශ්මයජනක ය. අද පවා ඒවා දැක ලෝවැසියා
පුදුමයට පත් වනු නො අනුමාන ය . පරාක්‍රම සමුද්‍රය, තිසා වැව, මින්නේරි වැව, කලා
වැව, අභය වැව ආදි වැව් නිර්මාණය කිරීමට අද මෙන් තාක්ෂණික යන්ත්‍ර එදා නොතිබුණි. එසේ
වුව ද මිනිසුන් දහස් ගණන් එකමුතුව එම වැව් , පොකුණුූ ඉදිකිරීම තුළින් මුළු රටම
ස්වයංපෝෂිත විය.එතුළින් රටවැසියාගේ ද, රටේ ද අභිවෘද්ධිය ඇති වූ බවට ඉතිහාසය ම
සාක්ෂි දරනු ඇත.
අපේ රට ප්‍රමාණයෙන් කුඩා වුව ද ඉතිහාසය පිරික්සීමේ දී සමඟිය සුරක්ෂිත කළ අයුරු මනාව
පැහැදිලි වේ. දුටුගැමුණු එළාර යුද්ධය , කාලිංඝ – මාඝ ආක්‍රමණය යාපා පටුන ජයගැනීම හා
පෘතුගීසි , ලන්දේසි, ඉංගී‍්‍රසි ආක්‍රමණ ජයගැනීම ආදි ව්‍යසනයන් තුළින් රට බේරාගත්
අයුරු ඉතා විශිෂ්ට අයුරින් සිදු වූයේ සමගිව ක්‍රියා කළ බැවිනි. මෑත යුගයේ දශක තුනක්
තිස්සේ රට ප්‍රපාතයට වැටුණේ ද අසමගිය රජ වීමෙනි. මෙලෙස ම පැවති එම යුද්ධය නිමා
කිරීමට හැකි වුයේ ද, රුදුරු ත්‍රස්තවාදින් පරාජය කිරීමට හැකි වූයේ ද සමගියෙන්
කටයුතු කිරීම තුළිනි.
ආත්මාර්ථකාමී වී අසමගි වීම තුළින් සතුරාට ජය ගැනීමට අවස්ථාව උදාවනු ඇත. ආත්මාර්ථය
යනු තම තමන් ගැන පමණක් සිතීම ය. සමගිව, පොදු භාවයෙන් කටයුතු කළොත් ඕනෑම බාධකයක් ජය
ගැනීමට බැරිකමක් නැත. අතේ ඇඟිලි පහක් තිබුණ ද තනි තනි ඇඟිල්ලෙන් යමක් කිරීමට එතරම්
ශක්තියක් නොමැත. එසේ වුවද ඇඟිලි පහම එකතුකොට මිට මොළොවා ගත් කල්හි ඇතිවන ශක්තිය
තුළින් ශක්තිමත් වැඩක් කිරීමට පුළුවන. විශාල සුළඟක් හමන කල්හි තනි තනිව ඇති ගස්
ඉදිරී ගැලවී යෑමට ඇති ප්‍රවණතාවය වැඩි ය. නමුත් එකට බැඳී පවතින ගස් සමූහයක් දැඩි
සුළඟකින් පවා විනාශ කළ නොහැකි ය. එසේම එකමුතුව කටයුතු කරන සමූහයක් වුව ද ශක්තිමත්
බව වැඩි ය. වෙන් වීම, බෙදීම තුළ ඇත්තේ පිරිහීම නොහොත් බිඳ වැටීම ය.
එම ජාතක කතාව සමගියේ අගය සම්බන්ධ ව ඉතා වැදගත් වන්නකි. එම කතා පුවත සමගිව විසීමෙන්
ලැබෙන ජය හා අසමගි වීමේ දුක් විපාක පිළිබඳ හොඳින් පැහැදිලි වන කතා පුවතකි. එහි
සඳහන් වන පරිදි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ වටු ජන්මයක
ඉපිද දහස් ගණන් වටුවන් උදෙසා නායකත්වය දෙමින් ඔවුන් පිරිවරාගෙන ආරණ්‍යයෙහි වසන සේක.
එකල්හි එක් වටු වැද්දෙක් ඒ වටුවන් වසන තැනට ගොස් වටුවන්ගේ හැඬීම තුළින් ඔවුන් රැස්
වු බව දැන ඔවුන් මත්තෙහි දැල දමා අල්ලා ගෙන ගොස්. ඒ වටුවන් විකුණා ඒ මුදලින්
ජීවිකාව කර ගත්තේ ය. එක් දවසක් බෝධිසත්ත්වයෝ වටුවන්ට කියන සේක්. “මේ පක්ෂි වැදි තෙම
අපගේ නෑයන් විනාශයට පමුණුවන්නේ ය. මම එක උපායක් දනිමි. මේ තෙමේ යමක්හු විසින් අප
අල්වා ගන්නට නොහැකි වන්නේ ද අද මෙතැන් පටන් මේ වැද්දා විසින් තොපගේ මත්තෙහි දැල
දැමු කල්හි එකෙනෙහි දැල ඔසවා කැමැති තැනකට ගෙන ගොස් කටුලැහැබෙහි බහවා. එසේ දැමු
කල්හි යට ඒ ඒ තැනින් දිවම්හ යි කී සේක. අන් වටු සියල්ලෝ”යහපතැයි කියා පිළිගත්තා හු
ය. දෙවෙනි දිනයෙහි වටුවන් මත්තෙහි දැල දැමූ කල්හි වටුනායක බෝධිසත්ව වටුවා විසින්
කියන ලද ක්‍රමයෙන් ම දැල ඔසවා එක් කටු ලැහැබක බහා තුමු යටි දිසාවෙන් ඒ ඒ තැනින් දිව
ගියාහු ය. කටුලැහැබින් දැල ඔසවා ගන්නා වූ වටු වැද්දාහට වටුවන් රැස් කිරීමට නොහැකි
වූයේ ය. ඒ තෙමේ හිස් අතින්ම ගියේ ය.
ඉක්බිත්තෙන් ඔහුගේ භාර්යාව කිපී තෙපි දවස් පාසා සියතින් හිස්ව එන්නෙහිලා අනිකුදු
තොපගේ පිටත රක්ෂා කරන තැනෙක් ඇතියි සිතිම කීවා ය. වැදි තෙම කියනුයේ මට අන් රක්ෂා
කරන තැනක් නැත්තේ ය. ඒ වටුවෝ සමගිව හැසිරෙති. මා විසින් දැල දැමු පමණකින් ම වාසය
නොකරති. තෙපි පිළියමක් සිතව, යම් දවසක ඔහු විවාදයට පැමිණියාහු ද එකල්හි ඒ
සියල්ලවුන් මරා තිගේ මුහුණ සතුටු කිරීම උදොස ගෙන එන්නෙමි. කියා භාර්යාවට කීයේ ය.
වටු පක්ෂීහු විවාද නොකරන්නාහු දැල ගෙන යති.
දිනක් වටුවන් බිමට බසින විට එකකුගේ පය අනිකාගේ හිසේ වැදීමෙන් දබරයක් හට ගත්තේ ය.
මින් පසු තෙපිම දැල ඔසවව්. තෙපිම දැල ඔසවව් කියා විවාද කොට ලගත්හ. බෝධිසත්ව වටුවා
විනාසයෙහි ආදීනව පවසා සිය පිරිස ගෙන අන් අතක ගියහ. වැද්දා අවුත් වටු හඬ නැගී ය.
වටුවෝ රැස් වූහ. දැල දැමූ විට වෙනදා මෙන් ඔසවා ගෙනයාමට ඉදිරිපත් වූ එක ද වටුවෙක්වත්
නොවී ය. වැද්දා වටුවන් මරාගෙන බිරිඳ පිනවමින් ගෙට ගියේ ය. මෙසේ අසමඟිය නිසා වටුවත්
විනාශයට පැමිණි බව වදාළ තථාගතයන් වහන්සේ එකල අඥාන වටුවා නම් දේවදත්ත ස්ථවිරයෝ ය.
අවවාද දුන් නුවණැති වටුවා නම් බුදුන් වහන්සේ යයි වදාළ සේක. |