[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව මහනුවර දළදා මාළිගාවට පසුගියදා (20) ගොස් උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගත් අයුරු. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මෙහි වෙයි. ඡායාරූපය – රුවන් මීගම්මන සහ බුද්ධික රොෂාන් දළදා මැදුරේ මාධ්‍ය අංශය

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභිමානයෙන් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ චාරිත්‍රානුකූල උත්සවය අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියස සලපතළ මළුවේ දී ඉකුත්දා ( 18) පෙරවරුවේ අභිමානවත් සහ ගෞරවනීය ආකාරයෙන් පැවැත්විණි. ශ්‍රී ලාංකේය රාජවංශයේ අනභිභවනීය නාමයක් දිනාසිටින වීර දුටුගැමුණු රජතුමන් නිර්මාණය කළ, මහා රහතන් වහන්සේලාගේ පා පහසින් ශුද්ධත්වයට පත් ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අභියස පැවැති එම උළෙල චාම් , එහෙත් අභිමානවත් ආකාරයෙන් සංවිධානය කර තිබුණි. මෙරට ඉතිහාසයේ දේශය එක්සේසත් කළ සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ ශ්‍රේෂ්ඨ නරපතියකු වන දුටුගැමුණු රජතුමාගේ පිළිරුව ඉදිරියේ පැවැති එම අභිමානවත් උළෙල මෙරට ජනාධිපතිවරයෙකු අනුරාධපුරයේ දී දිවුරුම් දුන් ප්‍රථම අවස්ථාව සනිටුහන් කිරීමට සමත්විය. එම අභිමානවත් උළෙලට මෙරට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ උදෑසන 11.15 ට පමණ ය. අනතුරුව ජය සක් හඬ මැද ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූ අතර රැස්ව සිටි පිරිස වෙතින් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.


ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]