
කඨින පින්කම
සාධු නාදය
හේවිසි නාදය
ඇසෙයි අලුයම
මහා පෙරහර
කඨින චීවර වැඩම කරවන
ම වටේ යන මහා පෙරහර
සාධු නාදය ඇසෙනා
අපේ පන්සල් බිමේ පින්කම
අමුණුගොඩ කුසුමා ප්‍රේමරත්න
කුරුණෑගල
****
විශ්වය ජය ගැනීම
ඉහළට බැලිණි එහි උස් බව අනන්තය
හරහට බැලිණි එහි පුළුලත් අනන්තය
පහළට බැලිණි එහි ගැඹුරත් අනන්තය
මිනිහට මදිලු අප ලොව සිව් දිගන්තය
යහමින් ඇති දෑ දිවියේ ජය ගන්න
දහමින් විමුක්තිය ලැබ දුක සන සන්න
පතමින් මිනිස් විශ්වෙම අත් කර ගන්න
පිම්මේ දුවයි තණ්හා ඔලගුව කර පින්න
එම්.ඩී. එම්. එස්. යටවරඟ
****
මුළාව
කිසි කෙනෙක්
ජීවිතේ
පුරාවට
කවුුරුවත්
ඇසුරු කර නෑ
තම සිතම මිස
පරගම්මන නන්ද
****
වන අරණ වාසනා
රැහැයි කැළ සංගීත සපයන
තාලයට වන සියොත් නද දෙන
මහා ගණ අඳුරේ
පින්බර බවුන් වන අරණේ
කන්ද රිටිගල සිසාරා
රහත් සුසුවඳ යයි ගලා
නිවන් පුර වැද සැනහෙනා
වන අරණ මතු වාසනා
මිරිස්වත්තේ සුමන හිමි
ශ්‍රී බෝධිරාජ විහාරය
උණවටුන
ගාල්ල
****
පෙණ පිඬ
ගනඳුර මැකී රන් අරුනලු නැඟෙන විට
පිබිදෙයි පියුම් ගිලිහෙයි පිණි පළිඟු කැට
මොහොතක් සොබා දහමට සිත යොදන විට
විසිරෙන පෙණ පිඬකි මේ ජීවිතය මට
ගොකරැල්ලේ ජිනවංශ හිමි
****
බුදු මඟ යමු
සංසාරයෙ සැරි සරන අතර තුර
පින්බර දේසෙක ඉපදුණ ගුණ බර
ළං කර පින් කුසලට සිත යොමු කර
සන්සුන් ලෙස යමු දිවි මග නිම කර
ලද මිනිසත්කම හැඩ වැඩ වේවා
හොඳ වැඩ කෙරුමට සිත් යොමු වේවා
හදවත මෙත් මල් උයනක් වේවා
බිඳ බව දුක නිවනට පිවි සේවා
දෙදියවල අමරදාස පෙරේරා
****
දෙව්ලොවද ?
බෝ පත් ළෙල දෙන සත්සර නාදය
දෙසවන් පිනවන බැති ගීය යි
බෝපත් අතරින් හමනා මද නල
මා ගත සුවදෙන දිව ඔසුවයි
සමිඳුන් අබියස නෙත් විදහනවිට
දෙව්ලොව මෙය යැ’යි සිතට දැනේ
රත්නසේකර රූපසිංහ
****
මිතුරු සිත
ඈත ගිනි සිළු නිමා නිහඬව
ගොස් දෙස් සිතුම් බිමට දමනා
පාට තරු නෙත් බොඳ නොවී නිසලව
සුළඟ ඇවිදින් සුසුම් සිළු දවනා
නුහුරු මාවත් මගට බැස
සක්මනින් හඳ පැටලේ දෙපා යුග
නොවැටී ඉක්මන් කරන මා ළඟ
රඳන සකි සඳ නුඹයි සිත
බදුල්ලේ සුඛිත හිමි
ක/ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන
බෙල්ලන
අගලවත්ත
****
සුසානේ සිට
සුසානේ හිඳ
බැලුවෙමි අහස් කුස දෙස
දිටිමි සෝ සුසුම් මැද
අහස සිසාරා නැඟුන
දුම් කඳ සමඟ
ඔබ පාවී ගිය සැටි
දුන්නෙමි ඔබට පින්
ඈතින් ඈතට පාවී ගිය ඔබ
දෙව්ලොව සිට මට කතා කරනවා
දෙතිස් කුණු කය වසාගෙන
නොමැරෙනව යයි සිතාගෙන
මරඟනන් සිටිය ද එදෙස බලාගෙන
නොදුටුවෙහිය උන්
ඔබගේ යසෝ කදම්භය
පින් මදි තව මට
එන්නම් ළඟදිම ඔබ හමුවන්නට
මේ ගොර සසරින් එතෙර වෙලා
දයානන්ද පොන්නම්පෙරුම
හෝමාගම
****
වඳිමු සෑසී
තිලොව පියා
පරම අමර නිවන පතා
වඳීමු සාක්‍ය මුනිඳු සදා
දුක් ගිනි දැල් මැද සරණා
ලෝ සත වෙත මෙත පාලා
අමා දහම් පැන් පොවලා
නිවන් සැපත උදා කළා
සුවඳ මලින් දුමින් පුදා
වඳිමු සාක්‍ය මුනිඳු සදා ජයසිරි චන්ද්‍රලතා හපුආරච්චි
බෙල්ලන්දොල පාර
මණ්ඩාවල
****
නමදිමු පොඩි සමිඳු
මව් සෙවණ හැරදා පැවිදි බිමට යන්නේ
ධාතු කන්ද විහාරයේ විවේකීව වැඩ ඉන්නේ
කළල්පිටිය ගමේ බිමේ කාගෙත් සිත් ගන්නේ
කුඩා වුණත් දෙසන දෙසුම අසා නිති සැනසෙන්නේ
මහියංගනයේ ඉඳලයි මෙහි වැඩ ඉන්නේ
උදය සාර හිමි නාමෙන් අමතන්නේ
කාගෙත් සිත් සතොසින් පන්සල එකළු කරන්නේ
තුනුරුවනේ සැම හිමිවරු නිබඳව රැක දෙන්නේ
අයිරාංගනී අක්මීමන
කලල්පිටිය – නිට්ටඹුව
****
මෙරු සහ මිනිසුන්
සැණින්
දස දහස් ගණනින්
පොළොවෙන් මතුවෙමින්
තටු සිඳී එසැණින්
පොළොවට ම පතිත වී
පස් වී ගෙවා කෙටි දිවී
මියැදෙනා මෙරුන් මෙනි
කෙටිම කෙටි තිර නැතී
මිනිස් දිවි සැම ලොවේ ඇතී
මාලබේ කේ. ඩබ්ලිව්. සිරිසේන
****
මවට උපහාර
කුස අත ගගා දස මස තුළ මගෙ අම්මා
බිහි කළෙ දිනෙක දහ දුක් කඳ විඳ නිම්මා
ඉරියව් සතර ගැන සොයමින් නිති පෙම්මා
මා හැදු වැඩුවෙ මගෙ ආදර සුදු අම්මා
මා හැර ගොසින් අට ළොස් වසරකි අම්මේ
මලසුනෙ පිදෙන සුවඳැති මල් මිලිනයි අම්මේ
පෙන්නුවෙ සමිඳු දහමේ හරයයි අම්මේ
සසරෙන් කිමිදි අම සුව ලබනුයෙ අම්මේ
ධම්මිකා දන්දෙනිය
****
දනක් පුදන්නට
සැපවෙද දුක මිස වෙහෙස දරා මා පිසදුන් දන් වැට සතුටු සිතින්
පුදනා වුන් සැම බැතිව සිතින් වුව පාමුල වැතිරී සැදැහැවකින්
වෙහෙස දරා මා ගිමන් හරින්නෙමි නිදිවර වූවත් හද සතුටින්
නිවනට යන මග මා හට විවර ද විමසමි මම අද ස්වාමිනී
නිරෝෂා යෂානි
රත්නපුර
****
කප් රුක් පුදට
වස් තුන් මාසයක් ගත වූ වට පස්සේ
දෙස් හා විදෙස් බොදු දන බැතිබර ඔස්සේ
විස් වසනීය චීවර පින්කම රිසිසේ
තොස් පිරිවම යෙදේ කඨිනෙට අන ලස්සේ
වප් පෝ දිනේ සිට ඉල් පෝ දින දක්වා
කප් රුක් පුදට සැරසෙති දින නොව ලක්වා
රැකි ප්‍රතිපන්න සඟ නත සිත පද රක්වා
අප්‍රමාදීව සලකති සැප දක්වා
ඇටම්පොල ඤාාණිස්සර හිමි
ශ්‍රී චිත්ත විවේකාරාමය
දෙමැද , දැරැණියගල
****
හීන්කන්දේ ශ්‍රී පුෂ්පාරාම විහාරය
හීන්කෙන්ද පුෂ්පාරාමය පැරැණි
හිත සුව පිණිස පරිසරයකි අති රමණී
බුදු ගෙය වෙහෙර බෝධිය සිරියා කමනි
එහි ගිය සැම දිනක සිත සුවපත් කෙරුණි
නැණ බල සිව් උතුම් සිරි ගුණ දම් සපිරු
මෙහි වැඩ වසන ගරුතර හාමුදුරු වරු
අනුශාසනා යොමු කරන හුරු
පවසති දහම් කරුණා මෙත් සිතෙන් පිරු
හොරංජ ප්‍රේමසිරි විජේසූරිය |