පොළොන්නරුවේ
ලංකාතිලක පිළිමගෙය
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
පොළොන්නරුවේ පිහිටි ගඩොලින් කරන ලද පිළිම ගෙවල් අතරින් විශාලතම පිළිම ගෙය ලංකාතිලකය
යි. මෙම පිළිම ගෙය කොටස් තුනකින් යුක්ත වේ. පිළිමය සහිත ඇතුළු ගැබ ද, ගර්භ ගෘහයට
ඇතුළුවන දොරක් සහිත මණ්ඩපයකින් ද පහළ ම මාලයේ වූ අන්තරාලයකින් ද මෙම පිළිම ගෙය
සමන්විත වේ.
ලංකාවේ තිලකය නාමයට සරිලන ලංකාතිලක පිළිම ගෙය (ප්‍රතිමාඝරය) තුළ අඩි 41 උස අති
විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් පූජනීය
ගොඩනැගිල්ල ඉදිකර ඇත.
එහෙත් දැනට ඉතිරි වී ඇත්තේ බුදුපිළිම හිස රහිත ව ය. මෙම බුද්ධ ප්‍රතිමාව ආවරණ
බැම්මට ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටා ඇත. එහි පටු මං පෙත පිහිටා ඇත්තේ එම ස්ථානයේ ම
ය. ලංකාතිලක පිළිම ගෙය ඉදිකර තිබෙන්නේ පොළොන්නරුවේ ආලාහන පිරිවෙන පිහිටි භූමියේ ය.
ලංකාතිලකය ආයත චතුරස්‍රාකාර මළුවක පිහිටා තිබේ.මෙය අඩි 124 දිග ය. අඩි 66 ක් පළල ය.
ථූපාරාමය මෙන් රූකමෙන් යුක්ත පාදමක් මත සාදා ඇත. සිංහ රූප පේළියකින්, වාමන
පේළියකින් ,මෙම පාදම සරසා ඇත. ප්‍රධාන දොරටුව නැගෙනහිරින් පිහිටියේ ය. තවත් කුඩා
ප්‍රවේශයක් මණ්ඩපයෙහි උතුරු පැත්තේ වේ. මෙහි ප්‍රධාන දොරටුව අමුතුම නව සංකල්පයක්
අනුව නිර්මාණය කර ඇත. අඩි 40 පමණ උස ට ගඩොලින් දොර කුලුනු දෙක දාර සහිත බොරදම්වලින්
යුතුව සාදා ඇත. මෙතරම් මේ දොර කවුළුව නිර්මාණය කිරීමේ අදහස වී ඇත්තේ පිටත සිටින
සැදැහැවතුන්ට පවා පිළිම ගෙය තුළ පිහිටි හිටි පිළිමය මුළුමනින් ම දැක ගැනීමට ය. මෙසේ
දොර කුලුනු සකස් කර ඇත්තේ සැදැහැවතුන් තුළ ප්‍රසාදය සහ සංවේගය ඇති කිරීමට යැයි
සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි.
(ART AND ARCHETECTURE OF CEYLON POLONNARUVA PERIOD .COLOMBO ARTS COUNCIL OF
CEYLON Dr. S .PARANA VITANA P-29 1954)
ලංකාතිලක පිළිම ගෙයට ලැබී ඇති තේජවන්ත පෙනුම වන්නේ ප්‍රධාන ප්‍රවිශ්ටය දෙපසින් ඇති
බහුකෝණි කුලුනු දෙක ය. මෙකල වඩාත් සුරක්ෂිත ව ඇති කුලුනු කොටස අනුව එකක් අඩි 58 ක්
වන අතර මුල් කාලයේ දී එය මෙකල මෙන් දෙගුණයක් උස තිබෙන්නට ඇත.
පොළොන්නරුවේ
විශාලතම පිළිම ගෙය
පොළොන්නරුවේ පිහිටි ගඩොලින් කරන ලද පිළිම ගෙවල් අතරින් විශාලතම පිළිම ගෙය ලංකාතිලකය
යි. මෙම පිළිම ගෙය කොටස් තුනකින් යුක්ත වේ. පිළිමය සහිත ඇතුළු ගැබ ද, ගර්භ ගෘහයට
ඇතුළුවන දොරක් සහිත මණ්ඩපයකින් ද පහළ ම මාලයේ වූ අන්තරාලයකින් ද මෙම පිළිම ගෙය
සමන්විත වේ. පිළිමගෙය දෙස බලන විට එය මාලක (මහල්) පහක් ලෙසින් පෙනෙන අන්දමට
නිර්මාණය කර ඇත. ඇතුළතින් උඩුමහලක් , තිබුණුු බවට සාක්ෂි ඇත. එහෙත් ලංකාතිලක පස්
මහල් ගොඩනැගිල්ලක් යැයි වාර්තා වුව ද, එය වර්තමානයේ මෙන් පරිහරණය කළ හැකි මහල් පහක්
තිබූ බවට සාධක නැත. පිටතින් වෙන්කොට ඇති පාදමේ සිට මහල් පහක් අදට ද දක්නට ඇත. මෙම
මහල් වෙන්කොට ඇත්තේ ගෙවල් සැකසීමට බව පෙනේ. පිටතින් වෙන්කර දක්වා ඇති මහල් අනුව එය
පස් මහල් සේ ගැනීම වඩාත් සාධාරණ ය.
(අසිරිමත් පොළොන්නරුව ආචාර්ය සෙනරත් දිසානායක පි. 31 -2002)
මෙම පිළිමයෙහි ශීර්ෂ වන්දනාව සඳහා භාවිත වූවක් ලෙස සැලකේ. බිත්තියේ ඇතුළත ත් පිටත
ත් සුදු බදාමයෙන් අර්ධ චිත්‍ර කර ඇත. ප්‍රතිමා ගෘහයේ පිළිමයේ පිටුපසින් පිට
බිත්තියෙන් ප්‍රතිමාවන් අතර ඉඩක් පවතී. මෙය ප්‍රතිමාව පැදකුණු කරන්නන්ට සකස් කළ
ඉඩක් වන අතර ප්‍රතිමාව ගඩොලින් සාදා සුණු පිරියම් කර වර්ණ ගන්වා තිබී ඇත. නමුත්
ථූපාරාම පිළිම ගෙයට වඩා බදාම ඉතිරි වී ඇත්තේ සීමිත ලෙස ය. ප්‍රධාන දොරටුව දෙපස ඉන්
උස් වූ ස්තම්භ දෙක කි. දොරටුවල තිරස් කොඳු විශේෂ හැඩයකින් යුත් ගඩොල්වලින් සාදා
තිබේ. එම ගඩොල් පෑස්ම ඉතා ක්‍රමානුකූල ය. අන්තරාය දෙපස අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවල
මෙන් සතරැස් පේකඩ කානු මත සඳලුතලයක් වැනි ලීයෙන් සෑදු කොටසක් තිබෙන්නට ඇතැයි ඉතිරි
වී ඇති බාල්ක කොටස් හමු වූ බව සඳහන් ව තිබීමෙන් පැහැදිලි කරයි.
පොළොන්නරුවේ ථූපාරාමය සහ තිවංක පිළිම ගෙයිවල දොරටු මෙන්ම මෙහි ද ඇතුල් වන දොරටුවේ
සඳකඩපහණක් නැත.
(පොළොන්නරුවේ පැරැණි ස්මාරකයන්හි චිත්‍රගත සැරසිලි මෝස්තර – මහාචාර්ය සරත් ඥානසිරි
මල්දෙණිය – පි. 60-2016)
ලංකාතිලක පිළිම ගෙය කුහර සහිත ගොඩනැගිලි රූකම් වලින් අලංකාර කර ඇත. ඉදිරිපස හංස සහ
සිංහ රූපවලින් ද යුක්ත ය. මෙම පිළිම ගෙය පිළිබඳ විස්තර කරන වංසකතාවට අනුව එය මහල්
පහකින් යුක්ත පුෂ්ප සහ ලතා මාලාවන් ගෙන් ද, දේවතා බ්‍රහ්ම රූපයන්ගෙන් හා සැරසිලි
කරන ලද ගොඩනැගිලිවලින් ද කොත් කැරලි ගුහා කුටි සහ ශාලාවන්ගෙන් සමන්විත රමණීය වූ
ගොඩනැගිල්ල කි. (පොළොන්නරුව – මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ
සෙනෙවිරත්න පි. 189-1998 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි)
පිළිමගෙයට ඇතුළුවන ප්‍රවේශයෙහි සඳකඩපහණක් මූර්තිමත් කර නැතත් මුරගල් දෙකකින් දොරටුව
දෙවරක් ම අලංකාර කර ඇති බව දුර සිට ම පෙනෙන ලෙසින් නිර්මාණය කර ඇත. |