[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුඛුමච්ඡවිලක්ඛණං - 2 කොටස

සුඛුමච්ඡවිලක්ඛණං

2 කොටස

භාග්‍යවතුන් වහන්සේ පෙර ජීවිතවල ශ්‍රමණයන් වහන්සේලා, බ්‍රාහ්මණයන් වෙත ගොස් කුසල් අකුසල්, හරි දේ වැරැදි දේ මොනවාද? සේවනය කළ යුතු නොකළ යුතු දේ මොනවාද? කුමක් කරන්නේ නම් බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ද අහිත පිණිස පවතින්නේ ද?

මේ ආකාරයෙන් නොදන්නා යමක් අසා දැනගන්නවා කියන කාරණය ප්‍රඥාව වැඩෙන කරුණකි. මෙහි පුණ්‍ය කර්මය වන්නේ, යමක් සියුම්ව කෙනෙකුගෙන් අසා දැන ගත් පසු එය සියුම් ඥානයක් බවට පත්වීමයි. ඒ නිසයි මෙය ප්‍රඥාවක් බවට පත්වන්නේ. උදාහරණයක් ලෙස ළමයෙක් ගුරුවරයා කියා දෙන දෙය හොඳින් අසාගෙන සිටියොත් පමණයි ඒ ළමයාට හොඳින් අධ්‍යාපනය ලබන්න පුළුවන් වන්නේ. මේ ආකාරයෙන් පුණ්‍ය කර්මය රැස්කරගත් නිසා සුඛුමච්ඡවිලක්ඛණ නම් මහා පුරුෂ ලක්ෂණය ලැබෙනවා.

මෙයින් ලබන ආනිසංසය වන්නේ මහා ප්‍රඥාවයි. මේ ලක්ෂණය ලබා ගිහි ගෙදර වාසය කරනවා නම්, සක්විති රජ කෙනෙක් වෙනවා. ඒ සක්විති රජු මහා ප්‍රඥාවක් ලබනවා. මනුෂ්‍ය ලෝකයේ සිටින කිසිම කෙනෙකුට සක්විති රජතුමාගේ ප්‍රඥාව අභිබවා යා නොහැකියි. භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව නම් මේ විෂ්ව ධාතුවේ සිටින කිසිවෙකුට අභිබවා යා නොහැකියි. භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව කොටස් කිහිපයකට බෙදෙනවා. මහා ප්‍රඥාව, පුථු පඤ්ඤාව, හාස පඤ්ඤාව, ජවන පඤ්ඤාව, තික්ඛ පඤ්ඤාව, හා නිබ්බෙධික පඤ්ඤාව යනුවෙන්.

මහා ප්‍රඥාව නම් භාග්‍යවතුන් වහන්සේට හැම දෙයක් ම ග්‍රහණය කරගත හැකි ය. යමෙක් බුදුහාමුදුරුවෝ වෙත පැමිණ මේ ගස සුදුපාට වුණේ ඇයි,? කඳ මේ පාට ඇයි? ගෙඩියක් මේ ආකාරයට පාට වැටෙන්නේ ඇයි? “මහන්තානි ඨානාඨානානි මහත්නා” මේ සෑම දෙයක් පිළිබඳව ම දන්නා බව. ඒ වගේ ම වී ඇටයක් පෙන්වා මේ වී ඇටය සිටවීමෙන් කොයිතරම් අස්වැන්නක් ලැබෙනවා ද? ඒ වගේ ම ලැබෙන වී ඇට ප්‍රමාණය, එහි හොඳ ඇට කොපමණ ද? නරක ඇට කොපමණ ද? යන්න භාග්‍යවතුන් වහන්සේ දන්නවා. “විහාරසමාපත්තියො මහන්තානි” සමාධි, සමාපත්ති පිළිබඳව ප්‍රභේදයන් දන්නවා. සමාධිය මොනවා ද? සමාපත්තිය මොනවා ද? එලෙස ම චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය, සතර සම්‍යග් ප්‍රධන් සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, මේ ආදී භාග්‍යවතුන් වහන්සේ දන්නවා. සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දන්නවා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් නම් වූ සතරක් වූ ශ්‍රමණභාවය පළ, සතර අභිඥා යන මේ සියල්ල දන්නා බැවින් භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාව ඇති බව සඳහන් කරනවා.

“කතමා පුථුපඤ්ඤා” නම් පැතිරුණු ප්‍රඥාවයි. එනම් විහිදුණු ප්‍රඥාවයි. නොයෙක් නොයෙක් ධාතු පිළිබඳ, නොයෙක් නොයෙක් ආයතන පිළිබඳව, පටිච්චසමුප්පාදය, ශුන්‍යතා, අර්ථ, ධර්ම, නිරුක්තීන්, පටිභාන සිව්පිළිසිඹියාවට පත්වෙනවා යන කාරණයයි. අර්ථය නම් අට්ඨ කතාව. ධර්මය නම් ත්‍රිපිටකය. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ආදී ස්කන්ධයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ඥානය පුළුල්ව පැතිරිලා පවතින බැවින් පුථුපඤ්ඤා කියා හඳුන්වනවා.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]