ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අවඅටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සක්විති රාජ සම්පත් පිනැති රූබර දේවි බිම්බා සමඟ කිරිකැටි පුතු ද රාහුල අතැර සම්බුදු පදවි පතමින් කළේ අභිනික්මන් ද සිදුහත් මහා බෝසත් ඇසළ පෝදා බරණැස ඉසිපතන පින්බිම සවණක් බුදු රැසින් නහවා එදා පස්වග තවුස් හමුවේ මඟුල් දම් දේශනා කළහයි ඇසළ මස පුන් පෝ දිනේ
ඇටම්පොල ඤාණිස්සර හිමි ශ්රී චිත්ත විවේකාරාමය දෙමැද, දැරණියගල
රාහුල කුමරා ඉපදුන දවසේ බිම්බා දේවිය හැරදා ගිහිගෙන් රෑ කුමරුන් නික්මුණේ ඇසළ පෝ දා
දෙව්, බඹ මහ විසල් පිරිස මැද පස්වග මහ සඟනට දම්සක් සුතුරෙන් සදහම් දෙසූ දින අද යි.
තලාවිටියේ ජයසිංහ කුරුවිට
ඇසළ සඳ අසිරිය දකින්නේ පසළොස්වක පොහොය ලබන්නේ සිල් සුවඳ දසත පැතිරෙන්නේ මුළු ලෝකය සඳ එළියෙන් බබළන්නේ
හර්ෂ මෙවන් කිත්සිරි දංකොටුව , දික්වෙල
දම්සක් පැවැත් සුතුර දේශනයෙන් මේ පෝදා දෙව මේ කියා පස් තවුස් අමතා ගොයුම් ගොත් කොණ්ඩඤ්ඤ චක්ඛු උදපාදි ලැබී උදපාදී සෙට්ඨට්ඨ පුග්ගල සඟුන් මැව්වා මුනින්දා
ඩී. එම්. එල්. දිසානායක රඹුක්කන
ඇසළ සඳ නැග ආ ලෝ සත වෙත සිත් පැහැද බුදු දම් දහර මිනිසත් හද පතුරා මැද පිළිවෙතින් ජීවන මග පහදා තෙරුවන පහළ වූ දින ලෙස බුදු හිමි මුවින් දම් කඳ වගුරා අද වෙයි තථාගත දම් දෙසුව දින
සමන්ත මහතන්තිල රත්නපුර
ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]