සසර තරණය 15:
ධර්මය ප්‍රගුණ කළ යුතු ම ය
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති,
රාජකීය , පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
එතකොට තමන්ට පේන්නේ මා යන ප්‍රතිපදාව හරි ද? වැරැදි ද? කියන එක. තමන් තුළ මේ
ධර්මයන් පේන්නේ නැතිනම්, දැනගන්න, එහෙමනම්, මා යන ප්‍රතිපදාව මට වැරැදිලා කියලා. ඒ
නිසා බොහොම ප්‍රඥා සම්පන්න විය යුතු යි ධර්මය තුළ ගමන් කරන්න ගියත්.
මේ කාරණා ක ටිකක් ගැඹුරු වුණත් මේ විදිහටම මතක් කළේ, නොදන්න කාරණාවක් මතක් කළොත්,
නොදන්න දේ පිළිබඳව අවබෝධයක් ලබාගන්න නිසාම යි. මොකද? අපට අවශ්‍ය වන්නේ දන්න දෙයක්
නැවත අහනවාට වඩා, අප නොදන්න ධර්මතා ගොඩක් තියෙනවා. ඒ ධර්ම කාරණාවක් අප අවබෝධ කරන
එක. ඒ නිසා වෙනදා දැන නොගත් එක ධර්ම කාරණාවක් දැනගත්තත්, එයත් ඇති. අඩුම තරමේ
මොකක්වත් තේරුම් ගියේ නැහැ කියලා සිතුවොත් එයත් ලොකු දෙයක්. එහෙමනම් අප තේරුම් ගන්න
ඕන කියන එක හරි තියෙනවානේ. ඒකත් ලොකු දෙයක්. කෙසේ හෝ මේ ධර්මය තේරුම් ගන්න බැරි
කමක් ඇත්තේ නැහැ. මේක අද, අදම ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක්. මේක බොහෝ කල්යන ධර්මයක්
නොවෙයි, හරියට අප වඩනවා නම්, හරියට ධර්මය අප තුළ ප්‍රගුණ වෙනවා නම්, අපට නුවණ භාවිත
කරන්ට අවශ්‍ය ය යි. වෙන කොහේවත් නොවෙයි, මුලින් ම කතා කළා වගේ ඇස, කන, නාසය, දිව,
ශරීරය කියන මේ ආයතන ටිකේ යථාර්ථය පෙන්වන්න මෙතන මොකක්ද ඇත්ත කියලා. ඒකම ඇති. ඔබට
තේරෙයි, කෙතරම් හිතට නිදහසක් දැනෙනවා ද කියලා. වෙනදා රූපයක් අරබයා දුක් වෙනකොට ,
වෙනදා රූපයක් අරබයා සතුටු වෙන, තරහා ගන්නා තැනක දැන් උපේක්ෂාවක් පවතින බවට ඔබට ම
තේරුම් ගන්න පුළුවන්. වෙනදා මහා දුක් වුණ අරමුණක තමන්ටම පේනකොට තමන්ගේ සිත දිහා බල
, බලා දුක්වීම තමන්ට ම පේනකොට මේක මොක මෝඩකමක් ද කියලා තමන්ටම තේරෙයි. කෙනෙක් ගැන
වෙනදා තරහෙන් තැවී තැවී ඉන්නකොට, තමන්ටම පේන්න ගන්න කොට මේ තමන්ගේ ම සිත ගැනම නේද,
තමන් තරහා පවත්වන්නේ කියලා තේරෙන කොට, ඒ තරහා නිකම් ම නැතිවෙලා යයි. තමන්ට ම
තේරෙයි, මේ රළු මට්ටමේ කෙලෙස් ටික ටිකෙන් ටික තමන්ගෙන්ම ඈත් වෙනවා. හැබැයි, එහෙම
දැනෙන්නේ මේක වඩන කෙනාට යි. හොඳට අවබෝධ කරන කෙනාට යි.
ඒ නිසා ට ධර්මය පිළිබඳව හොඳට ප්‍රගුණ වෙන්න. ඒ වගේ ම මේ ධර්මය තව දුරටත්
හැසිරෙන්නට, ධර්මය තව දුරටත් අවබෝධ කරගන්නට කවුරුත් උත්සාහවත් වෙන්න. ඒක කාටත්
බොහොම යහපත පිණිස පවතින ධර්මයක් වෙයි. මොකද? මේ බුද්ධ ශාසනය නැවත අපට ලැබෙන්නේ
නැහැ. මේ අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. මොකද? සමාජයේ යන මේ අධර්මවාදී රැල්ලත් එක්ක
ආපහු සත්පුරුෂ සේවයක් අපට කවදා ලැබෙයි ද?, කියන එක කියන්නත් බැහැ. වැරැදිලා හරි ඒ
වගේ තැනකට පත්වුණොත් තව මහා අකුසල් කරගෙන නැවත අපාගත වෙනවා. ඒ නිසා මා කියන්නේ අප
යන්නේ මේ ඉන්දියාවේ බස් එකක කියලා. ඉන්දියාවේ බස් දැකලා තියෙනවානේ? එළියෙත්
මිනිස්සු එල්ලී යනවා. ඉතින්, අප යන්නේ මේ බුද්ධ ශාසනය කියන බස් එකේ අන්තිම කෙළවරේ ,
අන්තිමටම එල්ලිලා යන්නේ. මෙතනින් අත හැරුණොත් අත හැරුණා තමයි, ඒ නිසා මේ ජීවිතයේ දී
ම නිවන් දකින්න බැරි කමක් නැහැ. උත්සාහය සහ වීර්යය තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ
දේශනා කරන්නේ මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ධර්මයක් කියලා. මේ නුවණ නැවත නැවත
වඩනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයේ සළායතන නිරෝධය සාක්ෂාත්
කරන්න පුළුවන්.
යම් කෙනෙකුට බැරි වෙලාවත් මේ ජීවිතයේ දී බැරි නම්, මරණාසන්න මොහොතේ
අන්තිම අවස්ථාවේ අන්තිම සිතේ යථාර්ථය අවබෝධ කරගෙන හරි කෙනෙකුට මිදෙන්න පුළුවන්කම
තියෙනවා. ඒත් බැරිනම්, අනාගාමී මට්ටමට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් බැරිනම්
සකෘදාගාමී තත්ත්වයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් බැරිනම්, සෝතාපත්ති තත්ත්වයට
පත්වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක බැරිකමක් නැහැ. අවශ්‍ය වෙන එකම දේ මහා ලොකු
ලෝකයේ තියෙන දේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන , නියුට්‍රෝන කඩන්නට නෙවෙයි, මේ කියන්නේ. ඇස,
කන, නාසය , දිව, ශරීරය කියන තමන් ගොඩ නඟා ගත්ත ආයතන ටිකේ ඇත්ත යථාර්ථය දකින්න හටගෙන
පෙර නොතිබී යන, හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරන්න. ඇයි? මෙහෙම සඳහන්
කරන්නේ කියලා, හිතලා බලන්න, එවිට ඒ තුළ ලොකු ධර්මයක් ගැබ්වෙලා තියෙයි. ලොකු
අවබෝධයකට පත්වෙන්න සිත ඇතිකරගන්න කාරණා ටික තියෙයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |