සිත එකඟ කරගන්නට කමටහන්
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා භාවනා
මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
අපගේ හිතට පැමිණෙන අකුසලයන් සතර කමටහන් වැඩීමෙන් සම්පූර්ණයෙන් මැඩ පැවැත්වෙනවා. ඒ
සතර කමටහන් පිළිබඳ මෙයට පෙර සාකච්ඡා කළා. දැන් අවබෝධ කරගත යුත්තේ සිත එකඟ කර ගැනීමට
ප්‍රධාන කමටහනක් අවශ්‍ය වන බවයි.
එක් එක් තැනැත්තාගේ ජීවිතවල පවතින චර්යාවන් සමඟ තමන්ට ම එය තෝරාගත හැකියි. සතර
කමටහන් අතුරෙන් සමහර අයෙකුට සමහරවිට භව පුරුද්දක් මෙන් මෛත්‍රී භාවනාව ඉතාම ප්‍රබලව
වැඩෙනවා. මෛත්‍රී භාවනාව වැඩිය නොහැකි අයද සිටිනවා. ඒ ද්වේෂ චරිතයි. සමහර අයෙකුට
අසුභ භාවනාව ඉතා හොඳින් වැඩෙනවා. ඒ අයුරින් සමහර අයට බුද්ධානුස්සතියත් තවත් සමහර
අයට මරණානුස්සතියත් ඉතා හොඳින් වැඩෙනවා. ඉතින් ඒ අයුරින් මේ සතර කමටහන තුළින් වඩාත්
රුචිකත්වය ඇති කමටහන තමාටම සොයා ගත හැකියි.
රුචිකත්වයක් පවතින කමටහන වැඩි වාර ගණනක් වර්ධනය කළ යුතු යි. ඒ සතර ම නැතත් සමහර විට
මූල කමටහන විධියට ආනාපානසති භාවනාව හෝ තමාට රුචිකත්වයක් ඇති භාවනා කමටහනක් වැඩිය
හැකි අයුරින් තෝරා ගන්නවා.
අපට චිත්ත විශුද්ධිය කියන ස්ථානයට යෑමට අවශ්‍ය නිසා විස්කම්භන වශයෙන් කාමච්ඡන්ද,
ව්‍යාපාද,ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්චා යන නීවරණ යටපත් කරගත යුතුයි. ඒ
නීවරණයන් යටපත් කර ගැනීම සඳහා අප එක් භාවනාවකින් ඉහළට යා යුතු යි. උදාහරණයක් ලෙස
ආනාපානසතිය හෝ අනිත්‍ය භාවනාව යැයි සිතමු. අනිත්‍ය භාවනාව කරගෙන යන විට අපට තේරෙනවා
නම් වැඩි පුර වාර ගණනක් තමා ද්වේෂයෙන් පීඩා විඳින බව. අන්න ඒ වෙලාවට, අර තමා වර්ධනය
කළ මෛත්‍රී භාවනාව වැඩිය යුතුයි. තමාට වැටහෙනවා නම් කාමච්ඡන්දාදී කෙලෙස් මඟින් පීඩා
විඳින බව එබඳු වෙලාවට පෙර වර්ධනය කර තිබෙන අසුභ භාවනාව වැඩිය යුතු යි.
ඊළඟට තමාට වැටහෙනවා නම් තමා තුළ වීර්යය, ශ්‍රද්ධාව අඩු බව, එබඳු වෙලාවට
බුද්ධානුස්සතිය වැඩිය යුතුයි. ඊළඟට තමාට තමාගේ අප්‍රමාදී ගුණය අඩුවක් ඇතිබව
වැටහෙනවා නම් එබඳු වෙලාවට මරණානුස්සතිය වැඩිය යුතුයි. ඒ ඒ වෙලාවට සුදුසු කාලීනව
බාධාවන දේ හොඳින් තේරුම් අරගෙන තමන්ගේ මූල කමටහන වර්ධනය කළ යුතු යි.
කෙනෙක් තම මූල කමටහන ලෙස අසුභ භාවනාව වර්ධනය කළා යැයි සිතමු. අසුභය වඩන තැනැත්තාට
වෛරය අඩුවක් නොවන හෙයින් ඒ අදාළ අවස්ථාවට මෛත්‍රී භාවනාව වැඩිය යුතුයි මෛත්‍රිය,
අසුභය, මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය වැනි කමටහන් කලින් සිට වර්ධනය කර ගත යුතු
යි.
එසේ වර්ධනය කර තබා ගැනීම ධර්මයට පටහැනි ලෙස සමහර අයෙකුට වැටහෙන්න පුළුවන්. එසේ
වර්ධනය කර තිබෙනවාය යන තේරුම අප කුඩා කල ගණිතය විෂය ඉගෙන නොගත් අයෙක් යැයි සිතමු.
ත්‍රිකෝණමිතිය වැනි පාඩමක් අප කුඩාකල ඉගෙන ගන්නා විට ඉගෙන ගත් මූල් දවසේ එය හරිම
අමාරුයි. ටික දිනක් ගත වන විට එය ලෙහෙසි වන අතර එය සාමාන්‍ය දෙයක් බවට පත්වේ. එහෙත්
වසර කීපයක් එය භාවිත නොකර සිට නැවත වරක් කාට හෝ එය කියාදීමට සිදුවේයැයි සිතමු. එවිට
අප කියන්නේ මට දැන් එය මතක නෑ. තරමක් ඒ ගැන මතක් කරගත යුතුයි කියල. දැන් කාලයක් එය
භාවිත නොකළ නිසා පරණ ඉගෙන ගත් ගණිත ක්‍රමය යම්තමින් මතක් කර ගන්නවා. එසේ මතක් කර
ගත් සැණින් අප පෙර ඉගෙන ගත් දේ ඉස්මතු වී සිහියට එනවා.
ඒ වගේ මෛත්‍රී භාවනාව පළමුවෙන් වඩන විට එය හරි අපහසු වෙන්න පුළුවන්. කාලයක්
අපහසුවෙන්, අමාරුවෙන් කෙනෙක් වර්ධනය කර ගත්තත් ටික දිනක් ගතවනවිට එය වර්ධනය කළේ නෑ.
අසුභ භාවනාව වර්ධනය කර ගන්න අපහසුයි. එහෙත් අපහසුවෙන් හෝ එය ටික දවසක් වර්ධනය කළ
යුතුයි .
අදාළ අවස්ථාවේදි යම්තමින් අර මෛත්‍රී භාවනාව ගැන සිතන විට මෛත්‍රී හැඟීම බොහෝ දුරට
වර්ධනය වීමට පත්වෙනවා.ඒ නිසා අප හැම වෙලාවකම යමක් පෙර වර්ධනය කරගෙන අපේ සිතෙන්
ඉක්මනින් ඒ හැඟීම නැගෙන්නට පුළුවන් ආකාරයට වර්ධනය කර තබා ගැනීමක් අවශ්‍යයි. පසුගිය
සතියේ අප සඳහන් කළා සේ එවිට අපගේ සිත එකඟ වන්නේ එවිටයි. අප ඉතා නුවණින් එය කළ යුතු
යි.
සමහර භාවනා වඩන තැනැත්තෙක් මේ සතර කමටහන එකවර පුහුණු කිරීමට සූදානම් වෙනවා.
ගැටලුවක් ඒ තුළ නොවුණත් ඒ සතර කමටහන ඒ තුළ ඉතා වේගයෙන් කළ හැකි වන්නේත් පෙර කී
අයුරින් පළමුව වර්ධනය කර තබා ගැනීමෙනි.
- සීසර් සුදුසිංහ |