ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අපේ‍්‍රල් 26 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහනුවර වත්තේගම ඉහළ යටවර ශ්‍රී බෙත්තාරාම මූල මහා විහාරස්ථානුබද්ධිත ශ්‍රී සුගතෝදය දහම් පාසලෙහි වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය කන්තලේ අග්‍රබෝධි මහ පිරිවෙන් වෙළුන්නා රාජ මහා විහාරාධිපති හා උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝ නායක යටවර පුඤ්ඤරතන නාහිමියන්ගේ හා වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම මූල මහා විහාරාධිපති පාතදුම්බර උප ප්‍රධාන සංඝ නායක තැන්නේ කුඹුරේ විමලානන්ද නා හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වත්තේගම රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති උඩරට අමරපුර නිකායේ අධිකරණ සංඝ නායක වරදිවෙල විජයසුමන නාහිමියන්ගේ මූලාසනයෙන් හා සම්භාවනීය ගිහි පැවිදි උතුමන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එහිදී සිසු දරුවන්ට ත්‍යාග ප්‍රදානය මෙන්ම උපකුලපති නාහිමියන්ට උපහාර පිදීම හා සම්මාන උපාධි ලබාගත් ගල්මැටියාවේ සිරිවිමල හිමියන්ට සහ මංගල තිලකරත්න මහතාට උපහාර පිදීමද සිදුවිය. එම අවස්ථාවට මානිංගමුවේ පියරතන, මැදගොඩ ආනන්ද නාහිමිවරුන් හා අකුරණ කෙයා හොස්පිටල් අධිපති ඉල්ලියාස් මහතා, පාතදුම්බර ප්‍රාදේශීය සහකාර ලේකම්තුමිය, ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.
මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා
අව අටවක
අපේ‍්‍රල් 26
අමාවක
මැයි 04
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]