[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

බක් පුර පසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව මාදෝවිට වජිරබුද්ධි හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය දේශනය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි.

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ බක් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. බක් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩාඇලගමුවේ ඤාණසිරි හිමියෝ සංවිධානය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය මංජු ශ්‍රී පාලිත මහතා.මධ්‍යහ්න 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00 ධර්ම දේශනාව කථිකාචාර්ය, ශාස්ත්‍රපති විල්ගමුවේ පියනන්ද හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, සම්පත් රුවන් බංඩාර මහතා, 4.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, පස්වරු 5.55 සිල් පවාරණය.

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බක්පෝදා පින්කම් මාලාව රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන් පස, කිරි ආහාර පූජාවක් ද ෂඩ්වර්ණ සාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩමකර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීම ද සිදුකෙරේ. උදෑසන ධර්ම දේශනාව, ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ, පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ දී පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල්පෙරහර චෛත්‍යමලුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට වැඩම කර මල්, පහන්, ගිලන්පස අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. පහන් 5000 ක ආලෝක පූජාව කිරිවෙහෙර, තුන්වන මළුව සමීපයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව පින්කම් සංවිධානය කර ඇත.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් පෝදා බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම නාගොඩ ධම්මවංශ හිමි, 7.30 – 9.45 ධර්ම දේශනාව, භාවනාව ගල්කිස්සේ සමාහිත හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව පිටිගල ධම්මවිනීත හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 3.00 – 4.30 ධර්මදේශනාව මිරිස්සේ ධම්මික හිමි, 4.45 – 6.00 ධර්මදේශනාව, සිල් පවාරණය හා අලුත් කිරීම, කළුතර වනරතන හිමි, 6.15 – 7.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ බෝධි පූජාව පටිගත කරන ලද, 7.10 – 8.30 ධර්මදේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි. 

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 9.00 ගිහිදේශනය මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපළආරච්චි මහතා, 9.00 – 10.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තල්පාවිල කුසලඥාන හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමවාසී මුල්කිරිගල සුමංගල හිමි, 1.15 – 2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිඨකාචාර්ය මංලගම පඤ්ඤාසාර නාහිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති නාහිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ඔරුවල සුධීර හිමි, පැනසීහගම ඛේම හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤොදාරාම මහ පිරිවෙනේ ප්‍රධානාචාර්ය පස්ගොඩ ධම්මගරු හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පිටිගල විජිත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඇරැව්වල සමිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වතවන සිරිසුමන හිමි, 4.15 – 5.00 ධම්මපදය පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව වේරදුවේ මහින්ද හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තලපත්කන්දේ සිරිනන්ද හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

ශ්‍රී සම්බෝධි විහාරය

කොළඹ 07 ආර්. ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරයේ බක් පොහෝ දින වැඩසටහන මෙසේ ය. පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව ගල්ලැහැපිටියේ පේමරතන හිමි, 10.30 – 11.00 ව්‍යාංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 විභජ්ජවාද පෝදා විශේෂ ධර්ම සාකච්ඡාව කොත්මලේ කුමාරකස්සප හිමි, කථිකාචාර්ය ඉසංක මල්සිරි මහතා, මෙහෙයවීම මාංකඩවල නන්දරතන හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව සහ සිල් පවාරණය, මෙහෙයවීම කොරතොට වෙස්සභූ හිමි.

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාව ද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ දී බක්මස පුර පොහෝ දා ශීල භාවනා ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාම විහාරවාසි ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව, කොළඹ 10, සංඝමිත්තාරාමවාසී, කෙසෙල්පොත සුමනවංශ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 දහම් දෙසුම සෙවණගල අජිත නාහිමි 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ ධම්මදේව හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය බොරැල්ලේ ශ්‍රී ලංකාරාමවාසී උණුවතුර බුබුලේ පියදස්සී හිමි, 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී බක් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී බෝගහපුර දේවමිත්ත හිමි, 9.00 – 10.00 දහම් දෙසුම මහරගම ඉසිපතනාරාමවාසී පන්නිපිටියේ ජිනරතන හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම තපෝවනයේ අරියධජ හිමි 2.15 - 3.00 ධම්ම පදය 3.00 – 5.00 භාවනා වැඩසටහන උල්ලුදුවාවේ විනයකිත්ති හිමි, සවස 6.00 සිට අටවිසි බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනයේ දී පොහෝ දින වැඩසටහන ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධිර හිමි, 10.00 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 3.00 ගිහි දේශනය හා භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ, 3.15 – 4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 4.00 – 5.00 ‘මහාසමය සූත්‍ර දේශනාව‘ සහිත පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00 සිල් පවාරණය, පස්වරු 6.30 – 7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව. බුදුසරණ පුවත්පත, ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය, මොරටුව, කටුබැද්ද පදිංචි චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී ‘බක් පුර පසළොස්වක පොහෝ දින දවස පුරා පින්කම් පැවැත්වේ. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]