චින්තනයේ වෙනස
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
මෙම ලිපියේ කොටසක් පසුගිය 19 නවම් පෝදා පත්‍රයේ පළවිය.
දකුණු ඉන්දියාවේ දේශපාලන වෙනස්කම්, චින්තනයේ වෙනස්කම්, ඇදහිලිවල තිබෙන බලපෑම, ආගමික
පසුතලය මේ සියල්ල ලංකාවේ මනුෂ්‍යයන්ගේ චින්තනයට ද බලපානවා.
ඒ ලංකාව ඉන්දියාවට ළඟම තිබෙන රාජ්‍ය නිසා. ඒ අනුව වරින්වර ඉන්දියානු දේශපාලන
නායකත්වයන් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. සේන ගුත්තිකගේ ආක්‍රමණය, එළාරගේ ආක්‍රමණය,
වළගම්බාහු රජ දවස පනයමාර, පිලයමාර, දාඨිය පීඨියගේ ආක්‍රමණය ඉන් පසුව පළවන
පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව පරාක්‍රම පාණ්ඩ්‍ය නම් ප්‍රාදේශීය පාලකයා සිටි
යුගයේදී කාලිංග මාඝගේ ආක්‍රමණය හඳුන්වා දිය හැකියි.
ඒ අනුව මුල් අවධියේ දී වරින්වර සිදුවුණු දකුණු ඉන්දියා දේශපාලන බලපෑම හරහා ක්‍රම
ක්‍රමයෙන් යම් පමණකට පිරිසුදු බුදුදහමට ඒ මිත්‍යා මත එකතුවීම් සිදුවුණා. ඒ අනුව
පිරිසුදු බුදුදහම වරින්වර යටපත්වෙමින් තිබුණා. නමුත් ඉතාම දැවැන්ත යටපත් කිරීමකට
කටයුතු කරන්න බැරිව ගියා. ඊට හේතුව ඒ ඒ රජවරු වරින්වර ඒ මිත්‍යා මත පරාජය කරමින්
රජුගේ දේශපාලන බලය ඉවත් කර. ඔහු පරාජයට පත් කර නැවතත් රටේ ඒකීයභාවය තහවුරු කළ නිසා.
උදාහරණයක් වශයෙන් දුටුගැමුණු රජු එළාර රජු පරාජය කර රට එක්සේසත් කිරීම. ඒ නමුත්
කාලිංග මාඝ ඊට වඩා දැවැන්ත ලෙස තමන්ගේ මිත්‍යා මත ව්‍යාප්තියට කටයුතු කළා. ඒ අනුවයි
පොළොන්නරු යුගයට එනවිට සඳකඩපහණෙහි ගවයා ඉවත් වෙන්නේ, අනුරාධපුර යුගයේ සඳකඩපහණයි
පොළොන්නරු යුගයේ සඳකඩපහණයි වෙනස්. ඒ නිසා ආගමික බලපෑම ඉතා පැහැදිලිව පෙනී යනවා. ඒ
දේශපාලන බලය යි. ඒ තමයි හින්දු ආගමික දේශපාලන බලය, කාලිංග මාඝ හරහා පැමිණීම. මා
මුලින් සඳහන් කළ අපේ රජ දරුවන් ලංකාවේ ප්‍රධාන අවුරුදු උත්සවය හැටියට සිදුකළේ වෙසක්
උත්සවය යි. දුටුගැමුණු මහ රජු අපේ‍්‍රල් හින්දු උත්සවය සැමරුවෙ නැහැ. සද්ධාතිස්ස
රජු සැමරුවෙ නැහැ. දේවානම්පියතිස්ස රජු සැමරුවෙ නැහැ. එවකට හිටි ඒ රජදරුවෝ මේ උත්සව
සැමරුවෙ නැහැ. ඒවා සමරන්න පටන් ගත්තේ කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව යි. එය අපේ රටට
ස්ථාපිත කෙරෙව්වා. මේක තමයි අපේ දිනය . මෙයයි අප සමරන්න ඕනේ කියලා.
නමුත් ලාංකීය බෞද්ධ ජන සමාජය වෙසක් උත්සවය අමතක කළේ නැහැ. එහෙත් ඔවුන් මේ නව
අවුරුද්ද සැමරීමට අලුතෙන් පුරුදුවෙන්න පටන් ගත්තා . ඒ අනුව හින්දු ආගමික බලපෑම ලැබී
අප නැකතට වැඩ කිරීම, ආදි මේ සියල්ල ආරම්භ වීමට පටන් ගත්තා. ඊට පෙරත් ලංකා ජන සමාජයේ
ඒවා තිබුණා. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව ඒවා සම්පූර්ණයෙන් ම
යටපත් කර දැම්මා. ඉන්පසුව උන්වහන්සේ ස්ථාපිත කළා සැබෑ බුදුදහම කුමක්ද කියලා. එතකොට
මෙන්න මේ පරිසරය තුළ තමයි දකුණු ඉන්දියානු බලපෑම හරහා ඡ්‍යොතිෂය, නක්ෂත්‍ර
විද්‍යාව, ග්‍රහ තාරකා විද්‍යාව, ලග්න ඵලාපල කීම, ආදී මිත්‍යා මත ජන සමාජයට
සම්පේ‍්‍රෂණය සිදුවුණේ. ජනතාව ඉතාම ශීඝ්‍රයෙන් ඒවා වැළඳ ගත්තා. එය ආකර්ෂණීයයි.
නොපෙනෙන අනාගතය ගැන දැනගන්න ජනතාව කැමැති වුණා. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් ම කේන්දර
ආදි දේ හරහා විශේෂිත විදිහට තමන් ගැනත්, තමන්ගේ දරුමල්ලෝ ගැනත් දැනගන්නට කැමති
වුණා. මේ විදිහට මේ ආභාෂය ජන සමාජයේ මුල් බැස ගත්තා. එවකට හිටපු අපේ ඇතැම් භික්ෂූන්
වහන්සේලාටත් මේ මත සම්ප්‍රේෂණය වුණා.
ඊළඟට විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ. අපේ රටේ දේශපාලන බලය හරහා කාලිංග මාඝගෙන් පසුව ඒ
හින්දු ආගමික බලපෑම නැත්නම් බ්‍රාහ්මණ බලපෑම නිසා සැබෑ ශ්‍රද්ධාවන්ත බෞද්ධ
ශ්‍රාවකයන් වෙනුවට බමුණු මතය පිළිගන්නා ඇතැම් පිරිසක් ද මේ රටේ බිහිවුණා. රජුත්
බොහෝ විට ඊට එකඟ වුණා. ඉන්පසු එන රාජ්‍ය පාලකයොත් සියලු කටයුතු කිරීමේදි ඒ විදියට
කටයුතු කළා. රජුගේ රාජ්‍ය බලය තමයි මෙහිදී ඉතා වැදගත් වෙන්නේ. කාලිංග මාඝ මේ රටෙන්
ගියත් ඔවුන් මෙරටට අවශ්‍ය කරන ඒ චින්තනය සම්පේ‍්‍රෂණය කරල පිටත්ව ගියේ.
ඒ වන විට කාලිංග මාඝගේ දේශපාලන බලය අවසාන වුවද ඔහු කළ යුතු දේ මේ රටට සිදුකර අවසාන
කළා.
වසර දහස් ගණනක් පවතින ආකාරයේ මිත්‍යා දෘෂ්ඨියක් ඔහු දායාද කළා. අපේ ඇතැම් ජනතාව ඒ
මිත්‍යා දෘෂ්ඨියට හසුවුණා. ඉන් පසුව අපට පෙනෙනවා. 1505 දී ලංකා ජන සමාජයේ ආගමික
චින්තනය දේශපාලන බලය හරහා වෙනස් කළ ආකාරය. 1505 දී පෘතුගීසි ආක්‍රමණය නිසා වෙරළ
තීරය සම්පූර්ණයෙන්ම පූර්ණ අන්‍ය ආගමිකකරණයට ලක්කිරීමක් සිදු කළා. එතැනදී මුල්වුණේ
දේශපාලන බලයයි. ඉන්පසුව 1657 දී නැවතත් ලන්දේසීන් පැමිණ එය තහවුරු කළා. එහිදීත්
අන්‍යාගමික බලවේගය ක්‍රියාත්මක වුණා. ඉන්පසුව 1815 දී මේ රට බ්‍රිතාන්‍ය යටත්
විජිතයක් බවට පත්වූ පසුව ඒ තත්ත්වය වඩාත්ම තහවුරු කළා.
ඉතිරි කොටස නවම් අමාවක පෝදා
මර්තු 06 පත්‍රයේ
අයන්ති විතාන |