ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම
වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත.
ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ
පුවත්පත්හි පළ කරන්නෙමු.
****
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා පුණ්‍යවන්ත උත්තමයන් පැවිදිවෙලා සිටියා. ඒ
අතරින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ය. උන්වහන්සේ සියලු තපස් ගුණයන්ගෙන්
අග්‍ර වූ උත්තමයෙක්. උන්වහන්සේ වැඩි කාලයක් වාසය කළේ වනයේ. උන්වහන්සේට දෙවිවරු
ඉතාමත්ම පි‍්‍රය කළා. ඇතැම් දිනවලදී උන්වහන්සේ කුටියෙන් එළියට වඩින විට මිදුල
ලස්සනට අතුගා, භාජනවලට පැන් පුරවා, සෑමතැනම මල් අතුරලා තිබුණා. ඒවා සිදුකළ කෙනෙක්
පෙනෙන්නට නෑ. ඒ සියල්ල කරනු ලබන්නේ උන්වහන්සේට මහත් සේ ආදර ගෞරව දක්වන දෙවිවරුන්
විසිනු යි.
එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. උන් වහන්සේ ඒ
නිරෝධ සමාපත්තිය තුළ සතියක් ගත කළා. ඒ සතිය ඇවෑමෙන් සමාධියෙන් නැගිට්ටා. රජගහ නුවර
පිඬුසිඟා වඩින්නට පිටත් වුණා. එවෙලෙහි සක්දෙව් රජුගේ පිරිවර වූ පන්සියයක් දිව්‍ය
අප්සරාවෝ මෙහෙම කතා බහ කළා. “පින්වත් දෙව්දුව, එන්න යන්න. අපගේ පරම පූජනීය ආර්යයන්
වහන්සේ වන මහා කස්සප මහරහතන් වහන්සේ දින හතක් සමාධියෙන් වැඩසිට රජගහනුවර පිඬු පිණිස
වඩිනවා. අපි උන්වහන්සේට දානයක් පූජා කරමු.” සියලු අප්සරාවියන් සතුටුව ප්‍රණීත
ආහාරපාන ගෙන මහරහතන් වහන්සේ වඩින මාවතේ පහළ වුණා. “ස්වාමීනි, මේ පිණ්ඩපාතය
පිළිගන්නා සේක්වා. අපට අනුග්‍රහ කරනු සේක්වා” යි ඉල්ලා සිටියා.
“පින්වත් දෙව්දුව, ඔබට පින් තිබෙනවා. පින නිසයි ඔබ දෙවියන් අතර සැප විඳින්නේ. ඒ
නිසා ඔබ මෙතැනින් යන්න. මම මේ සූදානම් වන්නේ ඉතාම දිළිඳු මිනිසුන්ට පින්කර ගන්නට
අවස්ථාවක් ලබා දෙන්නටයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැහැදිලි කළා.
සූරියවැව චන්දරතන හිමි
04 වසර
ශ්‍රී සුමන සාමණේර ආයතනය
වෙහෙරයාය
****
මුගලන් මහරහතන් වහන්සේ
ගිහිකල කෝලිත නම් වූ මෙතුමා උපතිස්ස නම් පිරිවැජියාද සමඟ ගිරග්ගසමජ්ජ නාට්‍ය දර්ශනය
බලා ගිහි ගෙය පිළිබඳ කළකිරී පැවිදි බව ලබා පසු කලෙක උපතිස්ස පිරිවැජියාගේ
මූලිකත්වයෙන් බුදු සසුනේ මොග්ගල්ලාන හෙවත් මුගලන් නමින් පැවිදි බව ලබා සෘද්ධිමත්
තෙරුන් වහන්සේලා අතර අගතැන්පත් විය.
බුදුරදුන්ගේ වමත් සව් තනතුර ලැබූ උන්වහන්සේ දක්ෂ ධර්ම කථිකයකු විය. අකුසල විපාකයක්
හේතුවෙන් අනතුරට පත්ව කාලශිලාව නම් ස්ථානයේ දී උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.
එන්. හේෂානි යශෝදා නිශ්ශංක
07 ශ්‍රේණිය
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල, කුරුණෑගල
****
පර පණ නොනසමු
“කිසිම සතෙකු නොමරමි මම නොමරවමි
මරණ අයට ද හැකි සේ ඔවදන් කරමි
ලොව සැම දෙනාට ම මෙත් සිත පතුරවමි
මෙලෙසින් පළමු සික සපුරා රකිමි”
ප්‍රාණඝාත යනු පර පණ නැසීමයි. මෙලොව වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට ඇලුම්
කරයි. ජීවත් වීමට කැමති වෙයි. එසේ ජීවිතයට පි‍්‍රය කරන, ජීවත් වීමට කැමති
සත්වයෙකුගේ ජීවිතයට හානි පැමිණවීම බලවත් දුෂ්ඨ ක්‍රියාවකි. නුවණැති පුද්ගලයා තමාගේ
ජීවිතය තමාට පි‍්‍රය වන්නා සේ අනුන්ගේ ජීවිතය ද අනිකාට පි‍්‍රය බව සිතා බලා අනුන්ගේ
ජීවිතයට හානි නො කරයි. අනුන් ලවා එවැනි දෙයක් නො කරවයි. එයින් වෙන් වීමේ ගුණ වර්ණනා
කරයි. මෙසේ පන්සිල්වල එන පළමු ශික්ෂා පදය රකිමින් සමජයේ ජීවත් වන අනෙකාට ස්වකීය
ජීවිතය ගැන කිසිදු බියක් නැතිව ජීවත් වීමට මග පාදයි.
කිසාන් රන්සික අමරසිංහ
6 වසර
සිරි වජිරාරාම දහම් පාසල
බම්බලපිටිය
****
රැක ගනිමි
පණ මෙන්
කුසට ආ දා සිට
දහසක් බලාපොරොත්තු දල්වා
මා හැදූ මගේ අම්මා...
කුසට අහරක් නැතත්
මගේ කුස පිර වූ,
දිරිමත් අප්පච්චි. . .
මගේ දිවි තිබෙන තුරාවට
රැක ගනිමි ඔබ මගේ පණ මෙන්
ඩී.එම්. හංසනී පූර්ණිමා
ධර්මාචාර්ය,
සිරි සුගතපාල දහම් පාසල ,
මැල්සිරිපුර
****
අම්මා තාත්තා
මුලින්ම මා කී වදනයි උම්මා
බහ තෝරන විට කිව්වේ අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
නිවසේ මිනිපහනයි මගෙ අම්මා
තාත්තා මගේ හරි හොඳයි
තාත්තාට මම ආදරෙයි
මගේ දුක සැප ගැන බලයි
මගේ ඉගෙනුම ගැන සොයයි
රවිදි චමත්මා ජයතිලක
2 වසර – මියුසියස් විද්‍යාලය,
කොළඹ
****
රුවන්වැලි සෑ බිමේ සිට
ඈත මහ මේඝ වන උයන තුරු වදුළු හිස
නේක පැහැයෙන් දිලෙන මලින් රොන් සුවඳ ගෙන
පීරමින් දිය කඳ තිසා වැව දෙසින
මාරුතේ හමා එයි නිමාවන සේ ගිමන
සරා කැපි කප් කෙලක් ගොරබිමේ සසර දුක
පිරූ පෙරුමන් බෙලෙන ලැබ සම්බුදු පදවි බව
ද්‍රෝණයක් ධාතුන් වැඩ සිටින මහ සෑ බිම
හමා එන අමා මෙත් කිරණ ගෙනදෙයි පිහිට
වෙහෙරයායේ චන්දවිමල හිමි
3 ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය, වෙහෙරයාය.
සංස්කරණය - නයනා නිල්මිණි |