UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 01: සීලය අභිමානවත් ජීවිතයකට

සීලය අභිමානවත් ජීවිතයකට

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අපේ ජීවිතය ඉතාම නිවැරැදිව සකස් කරගත යුතු ය. කෙතරම් අධිෂ්ඨාන ඇති කර ගත්තත් එසේ ජීවිතය සකස් කර ගැනීමට බොහෝ අයට පුළුවන්කමක් ඇති නොවේ.

ඊට හේතුව එසේ ජීවිතය සකස් කර ගත නොහැක්කේ ඇයි දැයි කල්පනා නොකිරීම නිසා ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම හේතුඵල දහමකි. මේ ලෝකයේ යම් ඵලයක් ඇති වෙනවාද, ඒ ඵලය ඇතිවෙන්නේ හේතූන් ඇතිවයි. ඒ නිසා මඩෙහි ඉඳගෙන ඒ මඬෙන්ම ගොඩට එන්නාක් මෙන් හේතු සහගතවම බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දේශනා කර තිබෙනවා. ඒ මාර්ගය තුළත් ඇතුළත් වන්නේ හේතු සහගත ධර්මයන්මයි. ඒ නිසයි මාර්ගය සංඛතයි කියා සඳහන් වන්නේ. එසේ නම් අපේ ජීවිතයෙහි පවතින දුක් නැති කරගන්නා ක්‍රමවේදයක් ජීවිතයට එකතු කර ගන්නවාද? එයත් හේතු සහගත එකතු කරගත හැකි ලාභයක් වාසනාවක් අපට තිබෙනවා. අන්ධ භක්තියෙන් ඇදැහීමට අවශ්‍යතාවයක් අපට අවශ්‍ය වන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මෙවැනි දෙයක් කළොත් මෙවැනි දෙයක් වෙනවා යනුවෙන් ඇදහීමට අවශ්‍ය වන්නේ නෑ. මෙවැනි දෙයක් කළොත් , මෙවැනි දෙයක් වෙනවායැයි අනුමාන කිරීමට අවශ්‍ය වන්නේ නෑ. මෙවැනි දෙයක් කළොත්, මෙවැනි දෙයක් වෙනවා යනුවෙන් හේතු සහගතව පිළිගැනීමට අවශ්‍ය කරන සියලු හේතු ධර්මය තුළ තිබෙනවා.

ඒ නිසා ඉතාම විශ්වාසයෙන් ධර්මය පිළිපදින්න පුළුවන් කාරණා හරියට සොයා ගන්නවා නම් අප කොහොමද අකුසලයෙන් අතමිදෙන්නේ. අකුසලයෙන් අත මිදෙන්න, ජීවිතය සාර්ථක කර ගන්න, තමන් ආපස්සට අදින නොයෙකුත් අකුසල වේගයන් අයින් කරගන්න ඇතිවන හේතුව සොයා, ඒ හේතුව නැති කර ගන්න ක්‍රමවේදය අපට අනිවාර්යයෙන් සොයා ගැනීමට පුළුවන්කම තිබෙනවා.

බෞද්ධයන් වශයෙන් ඒහි පස්සික වූ ධර්මයක් අපට ලැබී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ තිබෙන සියලු දේ අවබෝධ කරගෙන ස්වභාව ධර්මයෙහි තිබෙන සත්‍ය තත්ත්වය දේශනා කළා. ස්වභාව ධර්මයෙහි තිබෙන සත්‍ය තත්ත්වය තමයි හේතුඵල දහම කියා කියන්නේ. එසේ නම් අප දුක් නැති කරගන්න සොයා ගන්නා මාර්ගය තුළ හේතුඵල දහමට අනුකූලව ලැබී තිබෙන ධර්මයක් තිබෙන නිසා, එමෙන්ම ලෝකයේ ඇත්ත තත්ත්වය පිළිබඳ සත්‍යය තත්ත්වයම අපට උරුම වී තිබෙන නිසා අප හැම වෙලාවෙම බෞද්ධයෝ විධියට ඉතාම විමර්ශනශීලී බුද්ධියකින්, හැමදේම ගවේෂණය කර, එකපාරටම යමක් පිළිගන්නෙත් නැතිව, හේතු සහගතව පිළිගැනීමට ඕනෑතරම් අවස්ථාව තිබෙනවා. ඊට බුද්ධ දේශනාවෙන් ඕනෑ තරම් උදාහරණ පවතිනවා. කාලාම වැසියන්ට ශ්‍රමණයෙක් කීවත් පිළිගන්නට එපා යැයි දේශනා කළේ ශ්‍රමණවේශයෙන් සිටි බුදුරජාණන් වහන්සේමයි. තමන් වෙතම යොදවා එය බලන්න අත්තනාව ජනයියාථ, තමන් තුළින් මේ ධර්මය දකින්න යැයි දේශනාවෙ සඳහන් වන්නෙ එහෙම දැකලා, යම් කෙනෙක් කියපු දෙයක් තමන් තුළට යොදවා බලා ලෝභ, ද්වේෂ, මෝහ අඩු වෙනවා නම් එය සමාදන් වෙන්න. ලෝභ, ද්වේෂ, මෝහ වැඩිවෙනවා නම් එය අතහැර දාන්නට යැයි විවෘතව යමක් අපට ඉගෙන ගත හැකි අයුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබේ. බෞද්ධයන් ලෙස හැම නිමේෂයකම අප අබිමානවත්ව අපේ තිබෙන සත්‍යවාදී බව, අප තුළ තිබෙන විමර්ශනශීලී බව ඒකරාශී කරගෙන අපටම අබිමානවත්ව පුළුවන් විය යුතුයි, හේතුඵල දහම ගලපා ගන්න.

අබිමානයෙන් ජීවත්වීමට පුළුවන්කමක් තිබිය යුතු ය. එය යම්කිසි කෙනෙක් දැනගෙන, එය වර්ධනය කරගෙන කරන දේ හරියටම දැන ජීවත්වීමට දැන ගත යුතු යි. එවිට මේ මාර්ගය වඩන්නට පුළුවන්කම පවතී. මෙය ඉතා විමසිලි නුවණින් දැනගත යුතු යි.

අද අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ , පින්වන්ත ඔබ හැමදාමත් සිල් සමාදන් වී තිබෙනවා. එසේ සමාදන් වන සීලය සමාදන් වන්නේ ඇයි කියල දැනගෙන ද සමාදන් වුණේ කියන කරුණ ගැන කල්පනා කළ යුතු යි. සීලය සමාදන්වීමෙන් අපේ ජීවිතයට ලැබුණ ආසන්නම ලාභය කුමක්ද කියා අවධානය යොමු කළ යුතු වෙනවා. එසේ නොවුනානම්, ඒ සීලය ගැන දැනගෙන ආරම්භ කිරීමට යොමු විය යුතු යි.

සමහර විට යමක් දැන ගෙන නොකිරීම නිසා අපි ඉතාම විශාල ලාභයක් ලබා ගැනීමට තිබෙන අවස්ථාවලදී ඒ ලාභය අපෙන් ගිලිහී යාමට පුළුවන්කම පවතිනවා. සීලයෙන් ලබා ගත හැකි බොහෝ විශාල ලාභයන් තිබෙනවා. ඒ ලාභයන් බොහොමයක් බෞද්ධ ඇත්තන්ට ගිලිහී යනවා. සීලය සමාදන්වීමෙන් ලාභයන්, කුසලයන් වීමට බොහෝ ඤාණ සම්ප්‍රයුක්තව වෙන්න ඕනෑ. ඤාණ සම්ප්‍රයුක්ත යන්නෙන් කුසලයේ යෙදෙන වෙලාවෙහිම තමන්ගේ නුවණ ඒ සමඟම යෙදෙන්නට ඕන.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]