විනය හා
බුදු සසුන
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
"ධර්ම – විනය යන්න පෙළ දහමෙහිම එන ව්‍යවහාරයක් වන,අතර, නිරතුරුවම එහි දී ප්‍රථමයෙන්
සඳහන් කරන ලද්දේ ධර්මයයි. “ධර්මය ද විනය ද මගේ ඇවෑමෙන් ශාස්තෘවරයා වන්නේ ය."
ථෙරවාදී විනය පිටකය සුත්ත විභංග, ඛන්ධක හා පරිවාර යනුවෙන් බෙදා දක්වනු ලැබේ. සුත්ත
විභංගයට ඇතුළත් පාරාජිකා පාලිය හා පාචිත්තය පාලිය වෙසෙසින් ම භික්ෂූන් වහන්සේ නමකගේ
පෞද්ගලික වගකීම පැහැදිලි කරයි. එනම් සතර පාරාජිකාදී ශික්ෂා ප්‍රඥප්තීන් රැකීම ය.
ඛන්ධකයට චුල්ලවග්ග පාලිය හා මහාවග්ග පාලිය ඇතුළත් ය.
එමගින් භික්ෂුවක සතු සාමූහික වගකීම පැහැදිලි කෙරේ. එනම් සංඝකර්ම පාදක කොටගත්
සාමූහික පැවැත්ම විෂයයෙහි තිබිය යුතු සහභාගිත්වයයි. පරිවාර යනු පරිවාර පාලිය වන අතර
එහි පෞද්ගලික මෙන්ම සාමූහික පැවැත්ම ද, අර්ථවත් වේ. අනෙක් අතට සුත්ත විභංගය විරති
ශික්ෂා ස්වරූපය පෙන්වයි. එහි නොකළ යුතු දෑ දක්වනු ලැබේ. ඛන්ධකය සමාදාන ශික්ෂා
ස්වරූපය ගනියි. එහි කළ යුතු දෑ දැක්වෙයි. පරිවාර පාලිය මිශ්‍ර ස්වභාවයෙන් යුක්ත ය.
විරති, සමාදාන යන උභය ස්වභාවයෙන් ම ප්‍රකට වන්නේ උප සම්පදා භික්ෂුවගේ චරණයයි.
විනයයි.
විනය කුමක් සඳහා ද? ඇත්ත වශයෙන් ම එය චරිත සංවර්ධනය සඳහා ය. යම් පුද්ගලයෙකු කොපමණ
විනය ගරුක වුව ද ඔහුගේ අධ්‍යාත්ම චරිතය නොදියුණු ,අපිරිසුදු චිත්ත චෛතසිකයන්ගෙන්
පිරී ඇත්නම්, එම විනය ගරුකත්වය අර්ථ ශූන්‍ය වන්නේ ය. විනයෙහි අරමුණ නම් ඇතුළතින්
අශුද්ධ වූ, පිටතින් ශෝභමාන වූ (“අන්තො අසුද්ධා – බහි සොභමානා”) කුහක මිනිසුන් බිහි
කිරීම නොවේ.
විනය නීති බුදුරදුන්ගේ හැර පිටස්තර ව්‍යවස්ථාපකයකුගේ පැනවීම් නොවේ. නමුත් පැහැදිලිව
ම චරිත සංශෝධනාත්මක නීති රීති වෙයි. මේ නීති පද්ධතිය ස්වයං ශික්ෂණය ලක්ෂණ කොට ඇත.
එසේ ම මෙම නීති සමූහය භික්ෂුවකගේ පෞද්ගලික හා සමාජ ජීවිතය ක්‍රමානුකූල කරන අතර, එම
ජීවිතයේ අධ්‍යාත්මික මාර්ගය සංවර්ධනය කර ගැන්මට උපස්ථම්භක වෙයි.
විනය සංවරය සඳහා ය. සංවරය විපිළිසර නොවීම සඳහා ය. විපිළිසර නොවීම තරුණ පී‍්‍රතිය
සඳහා ය. තරුණ පී‍්‍රතිය මහත් පී‍්‍රතිය සඳහා ය. මහත් පී‍්‍රතිය පස්සද්ධිය සඳහා ය.
පස්සද්ධිය සැපය සඳහා ය. සැපය සමාධිය සඳහා ය. සමාධිය යථාභූත ඥාන දර්ශනය සඳහා ය.
යථාභූත ඥාන දර්ශනය නිර්වේදය සඳහා ය. නිර්වේදය විරාගය සඳහා ය. විරාගය විමුක්තිය සඳහා
ය. විමුක්තිය ඥාන දර්ශනය සඳහා ය. විමුක්ති ඥාන දර්ශනය උපාදාන විරහිත වූ පිරිනිවීම
සඳහා ය.
බුදුරජාණන් වහන්සේ විසින් කරුණු දහයක් සලකාගෙන විනය නීති පනවන ලද්දේ යැයි පාරාජිකා
පාලිය ද සඳහන් කරයි.
සංඝයාගේ යහපත් පැවැත්ම, සංඝයාගේ පහසුව, නොදැමුනු පුද්ගලයන් දමනය කිරීම, ශික්ෂාකාමී
භික්ෂූන්ගේ පහසු විහරණය, මෙලොව වශයෙන් උපදින ආශ්‍රවයන්ගෙන් ආරක්ෂා වීම, පරලොව
වශයෙන් ඇතිවන ආශ්‍රවයන් දුරු කිරීම, නො පැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනවුන්ගේ වැඩි
පැහැදීම, සද්ධර්මය බොහෝ කලක් පැවතීම හා භික්ෂු සංවරයට අනුබල දීම ය.
මෙම උපුටා දැක්වීම්වලින් පැහැදිලි වන්නේ විනය, විනය සඳහා ම නොවන බව ය. ඒ වූ කලී
ප්‍රායෝගික වන්නේ ය. එහි අපේක්ෂාව නම් හුදෙක් බාහිර වශයෙන් ශෝභමාන වූ , අධ්‍යාත්මික
වශයෙන් එසේ නොවූ මිනිසුන් බිහිකරලීම නොවේ. අනේක විධ වු පහත්, ළාමක පාපී
චේතනාවන්ගෙන් පිරුණු සිත් ඇතිව විනය ගරුක වීමක් විනයෙන් අපේක්ෂා නොකෙරෙයි. ආචාර
ධර්මයන්ගේ මානසික පදනම පිළිබඳව බෞද්ධ සූත්‍රාන්තයන්හි දක්වා ඇත්තේ නොමද සැලකිල්ලකි.
කිසියම් පුද්ගලයෙකුගේ ආචාරාත්මක චරණය පිළිබඳ සාවද්‍ය බව හේ නිරවද්‍ය බව තීරණය
කිරීමේ දී චේතනාවම ප්‍රමුඛත්වෙහි තබනු ලබන්නේ එබැවිනි. බුදු වදන අනුව චේතනාවම කර්මය
වේ. සිතින් කයින් හා වදනින් ද චේතනා පූර්වාංගම වැ කර්ම කරනු ලැබේ. ලෝකය හසුරුවනුයේ
සිතයි. සියල්ලෝ එයට අවනත වැ සිටිත්. සියල්ලට සිත ම ප්‍රධාන ය. එබැවින් මානසික
සංවර්ධනය පිණිස උපකාරි නොවන්නා වූ විනය හුදෙක් කුහක වතක් පමණක් වන්නේ ය. සීලය වූ
කලී, විරති මාත්‍රයක් නොවේ. එහිලා වරදින් වැළකීම පමණක් ම අපේක්ෂා කරන්නේ නැත.
“හෙතෙම සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. බහා තබන ලද දඬු මුගුරු, අවි ආයුධ ඇත්තේ වේ.
(එය විරතියයි . එසේම) හෙතෙම පවෙහි ලජ්ජා ඇත්තේ ය. දයාවන්ත ය. සියලු ප්‍රාණ භූතයන්
විෂයයෙහි හිතානුකම්පී ය” මේ අනුව ශීල සංඛ්‍යාත වු විනය ද හුදෙක් විරති මාත්‍ර නොවේ.
එහිලා සමාදානයෙක් ද වන්නේ ය. පර පණ නොනැසීම විරතියයි. සියලු ප්‍රාණීන් විෂයයෙහි
වැඩිය යුතු කරුණා, මෛත්‍රිය සමාදානයයි. එකී සමාදානයෙන් තොර විරතිය අධ්‍යාත්මික
දියුණුවක්, චරිත සංවර්ධනයක් ප්‍රකට කරන්නේ නැත. “සතුන් මැරීම් ආදියෙන් වලකින්නහුගේ
ද, වත් පිළිවෙත් ආදිය පුරන්නහුගේ ද චේතනා සීල නම් වේ යැයි” ද දක්වන ලද්දේ එකී
මානසික වර්ධනයම මූලික වන බැවිනි.
ධර්ම – විනය යන්න පෙළ දහමෙහිම එන ව්‍යවහාරයක් වන,අතර, නිරතුරුවම එහි දී ප්‍රථමයෙන්
සඳහන් කරන ලද්දේ ධර්මයයි. “ධර්මය ද විනය ද මගේ ඇවෑමෙන් ශාස්තෘවරයා වන්නේ ය.”
“මහණෙනි, බුදුන් වදාළ ධර්ම විනය විවෘත වූ කල බබළයි. වැසුණු කල නොබබළයි.” මෙබඳු
නිදසුන් සූත්‍රාන්තයන් තුළින් සුලභව සොයාගත හැකි ය. ඇතැම්විට විනය යන යෙදුමින් තොරව
මැ ධර්මය පමණක් හුවා දක්වන ලද අවස්ථාවන් ද මූලික දේශනාවන්හි පෙනේ. “ මහණෙනි ධර්මය
දායාද කොට ගනිව්. ආමිසය දායාද කොට නොගනිව්.” “ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි
යෙදෙන්නෝ මා පුදන්නෝ වෙත්.” මෙබඳු නිදසුන් ද සූත්‍ර දේශනාවන්හි සුලභ ය. මෙහිදී
කිවයුත්තේ ධර්මය වුව ද අන්තගාමීව, දෘෂ්ටිමාත්‍ර වශයෙන් නොගත යුතු බවයි. “මහණෙනි, මම
ඔරුවකට උපමා කොට ඔබට ධර්මය දේශනා කරමි. එය එතෙරවීම පිණිස ය. ග්‍රහණය කරනු පිණිස
නොවේ.” ධර්මයෙන් බැහැර වූ ස්වාධීන වූ විනයක් හෝ විනයෙන් බැහැර වූ, ස්වාධීන ධර්මයක්
හෝ බුදු සසුනෙහි දක්නා නො ලැබේ. “ධර්ම පරිහානියෙන් විනය පරිහානිය වේ. විනය
පරිහානියෙන් ධර්ම පරිහානිය වේ” ධර්ම විනය දෙකින් එකක් ප්‍රධාන ය. අනෙක අප්‍රධාන
යැයි සැලකීම ද්වන්ද චරණයෙකි. ද්වය වාදී වීමෙකි. දෘෂ්ටි ග්‍රහණයෙකි. බුදු දහම සියලු
ආකාරයේ අන්තවාදයන් දෘෂ්ටි ග්‍රහණයන් බැහැර කරන මැදුම් පිළිවෙතක් බව අමතක නොකළ යුතු
ය. සිද්ධාන්තමය වශයෙන් මෙන් ම, ප්‍රතිපදාමය වශයෙන් ද එය මැදුම් පිළිවෙතකි.
සාසනය යන්නෙන් බුද්ධ වචනය , නිවන් මග යන අර්ථය මූලික වශයෙන්ම ප්‍රකාශවන බව පෙළ
දහමින් පෙනේ. එහෙත් ආදියෙහි පටන්ම භික්ෂු භික්ෂුණී සංවිධානය ද සාසනය යන්නෙන්
හඳුන්වා ඇත. “ විනය ශාසනයෙහි ආයුෂය වේ යැයි ද විනය පවත්නා කල්හිමැ සසුන පවත්නේ
යැයිද” මහා කාශ්‍යපාදී ජ්‍යෙෂ්ඨ ශාසන භාරධාරි භික්ෂූන් වහන්සේ විසින් සලකා ගන්නා ලද
බව අට්ඨකථා වලින් පෙනේ. එසේ සැලකීම යුක්තිගරුක යැයි පිළිගැනීමට ද බොහෝ කරුණු ඇත.
විනය යනු රාග විනය, දෝස විනය, මෝහ විනය යැයි ද
විනය යන්න දුරු කිරීම යන අර්ථයෙහි වැටේ යැයිද පෙළ දහමට අනුව කිව හැකි ය. එසේ කෙලෙස්
දුරු කිරීමේ වෑයමක් , එබඳු අපේක්ෂාවත් නැති කල්හි කෙලෙස් වඩා වර්ධනය වීමෙන්
භික්ෂූහු විෂමාචාරයන්ට ද යොමුවෙති. ඒ අනුව ද විනය සසුනෙහි ආයුෂය වන්නේ ය. විනය
පැවිදි සංවිධානයක යහ පැවැත්ම වේ.
මෙම ලිපියෙහි ඉතිරි කොටස නවම් අව අටවක පෝදා (පෙබරවාරි 26) පත්‍රයේ පළවේ. |