UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

බුදුරදුන්ගේ ආදාහන පූජෝත්සවය

උපවත්තන සල් උයන අකලට පිපුණු සල් මලින් ගැවසී ගත්තේ ය. බුදුරදුන්ට උපහාර කරන්නාක් මෙන් මල් රේණු හා මල් පෙති බුදු සිරුර වෙත සෙමෙන් පතිත විය. උන්වහන්සේ උපතින් අසූවන විය සපිරුණු වෙසක් පසළොස්වක පොහෝ දින රාත්‍රියේ අලුයම උදාවට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව සිය ජීවිතයෙන් ම තහවුරු කර අනුපදිසේස පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එසැණින් මහ පොළොව කම්පා විය.

අනුරුද්ධ තෙරණුවන්ගේ නියමයෙන් ආනන්ද තෙරුණුවෝ මල්ල රජ දරුවන්ට බුදුරදුන් පිරිනිවන් පා වදාළ බව දැන්වූහ. ඔවුහු රැස් වී හඬා වැළපී ආදාහන පූජෝත්සවය සංවිධානය කළහ. බුදුරදුන්ගේ ශ්‍රී දේහය සත් දිනක්ම උපවත්තන සල් උයනේ තබා පුද පූජා පැවැත්වූහ. අටවන දින මල්ල දරුවන් අභිෂේක කරන මකුඨබන්ධන ශාලාවේ බුදු සිරුර තැන්පත් කළහ. අනඳ හිමිගේ උපදෙස් පරිදි මල්ල රජ දරුවෝ බුදු සිරුර නව කසී සළුවෙන් හා නෙළූ කපු පුළුන්වලින් වෙළා සුවඳ තෙල් පිරුණු රන් දෙනක බහා රන් දෙනකින් වැසූහ. සුවඳ දර පිරවූ සෑයක තැන්පත් කළහ. මල්ල කුමරුවෝ සිව් දෙනෙක් සුවඳ පැනින් හිස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරසී, චිතකයට ගිනි දැල්වූහ.

එහෙත් එය නො දැල්විණ. ඊට හේතුව වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ පැමිණ බුද්ධ දේහයට තෙ වරක් පැදකුණු කර වැඳ අවසර ගැනීමෙන් පසුව චිතකය ඉබේම දැල්විණ. ලොවක් සැනසූ අමා මෑණි බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

****

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

අධිෂ්ඨාන බලයෙන් අනුරාධපුරයෙහි මැනවින් පිහිටියා වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව් තලයේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ සංඝමිත්තා රහත් තෙරණිය විසින් අප ලක්දිවට වැඩම කරවී ය. බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවූයේ බුද්ධ වර්ෂ 237 දී උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක දී ය. මෙම බෝධීන් වහන්සේ පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටි ස්ථානයේ දී ම රෝපණය විය. අනුරාධපුර මහමෙවුනා උයනේ උඩමළුවෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා තිබේ. බොහෝ දෙනා අනුරාධපුර නගරයට පැමිණෙන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමට හා මෙම බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගැනීමටය.

****

බුදු දහමයි පරිසරයයි

සම්බුදු හිමි මංගල සදහම් දෙසුම පැවැත් වූ
ඉසිපතනය බරණැස අද සිහිවෙයි
ඒ සදහම් කඳ සවන වැකෙන විට
එහි සඳහන් වූ පුවත ඇසු සඳ
පරිසරයේ හා බුදුදහමේ එකතුව
තේරුම් ගත හැක ලොකු පොඩි කාටත්

බුදු සව්වන් අසමගි වී උන්සඳ සසුනේ
ඒ දැක උකටලී වූ බුදු හිමියෝ
පාරිලෙයිය වන පියසට වැඩම කළේ
ගිජිදෙකුගේ සහ වඳුරකුගේ උවටැන් ලබමින්
දසවන වස් කාලය ගත කෙරුවේ වන පියසක සතුටින්

****

සිතක මහිම

මෙලොව පවත්නා වඩාත්ම අලංකෘත වූ දෙය කුමක්දැයි කෙනෙකු විමසුවහොත් ඔබගේ පිළිතුර වන්නේ සන්සුන් වූත් යහපත් වූත් සිත ය. ඒ වගේම නොසන්සුන් වූ අයහපත් හිත තරම් මෙලොව අවලස්සන දෙයක් නැත. මක් නිසාද යත් මිනිසා යහපත් පරිදි හෝ අයහපත් පරිදි හසුරුවන්නේ මේ සිතයි. අපගේ ලෝක නාථයන් වහන්සේ විසින් මේ සිත ‘කුලප්පු වූ කුළු හරකෙකුට සමාන කොට තිබේ. සිත කෙතරම් ප්‍රචණ්ඩකාරී, භයානක අවියක්දැයි මෙමඟින් මනාව පැහැදිලි වේ. ඒ වගේම මෙලොව පවත්නා වේගවත් ම දෙය සිත ය. එය අතීත, වර්තමාන, අනාගත යන තුන්කාලයටම ඉතා වේගවත්ව ගමන් කරයි.

අප ශාස්තෘන්වහන්සේ විසින් පෙර භවයන් පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳ තතු වදාළේ මේ අපූර්ව සිත ප්‍රයෝජනයට ගැනීමෙන් ය. ඒ සිත දමනය කිරීමෙන් ය. සංසාරය නමැති සැඩ සුළඟට සත්ත්වයන් හසුකරන්නේ ද, මේ සිතයි. සංසාරය නමති සැඬ සුළඟින් සත්ත්වයන් එතෙර කරන්නේ ද මේ සිතයි.

****

ගංගා කොමලිය

නිල් කඳු මුදුනි පහළට බැස යයි
ගල් පරවල හැපි හැපී පෙණපිඬු නංවයි
ගොඩ මඩ සරු කොට අටු කොටු පුරවයි
සැමගේ සිත් තුළ සොම්නස් පුබුදයි

සිව් මහ ගංඟා දසතම දිවයයි
සමනොළ කන්දෙන් පහළට බැසයයි
මෑණියගේ නිල් වරලස සිහිවෙයි
මහ ගංගාවෙන් මුහුදට එක්වෙයි

වනපෙත මැදින් ගලනා මහ ගංගාවයි
කැළේ සතුනගේ පිපාසය සංසිඳුවයි
පුංචි පුංචි මාළු පැටව් දුව පනිමින් නටයි
පුංචි ළමෝ ඇවිදින් එහි දියකෙළි නංවයි

****

විහාරයක අංග

දාගැබ් වහන්සේ - විහාරස්ථානයේ පූජනීය වස්තුවකි. වෙහෙර වහන්සේ, ශාරීරික චෛත්‍යය ආදී නම්වලින් හැඳින්වේ. ශාරීරික ධාතු තැන්පත් කර ඇති බැවින් ප්‍රධාන තැනක් හිමි වේ. උස් භූමියක පිහිටා ඇත.

බෝධීන් වහන්සේ - පූජනීය වස්තු අතරින් දෙවැන්න වේ. පාරිභෝගික චෛත්‍ය ලෙස හැඳින්වෙන්නේ, බෝසතුන් බුදුවීම සඳහාත්, සතියක් විමුක්ති සුවය ගත කිරීමෙන් ද අනිමිස ලෝචන පූජාවෙන් පාරිභෝග කිරීම නිසා ය.

බුද්ධ ප්‍රතිමා වහන්සේ - බුදුරජාණන් වහන්සේ වැඩසිටින කුටිය බුදු මැදුරයි. බුදුරදුන් උදෙසා ඉදිකළ බැවින් උද්දේසික චෛත්‍ය ලෙස හැඳින්වේ.

ධාතු මන්දිරය - බොහෝ විට මෙය ඉදිකරන්නේ ඉතාමත් උස් ස්ථානයක ය. සර්වඥ ධාතූන් වහන්සේ, රහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කොට ඇත.

සංඝාවාසය - භික්ෂූන්ගේ ලැගුම් ගෙය සංඝාවාසය යි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසය අතරින් සේනාසන යන්නට අයත් වේ.

****

සංඝමිත්තා තෙරණියගේ වැඩමවීම

****

බුදුබව ලැබීම

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]