UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවයෙන්...

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවයෙන්...

සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වන අති පාරිශුද්ධ ථෙරවාදි තිි‍්‍රපිටකය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව ජාතික උරුමයක් බවට නිල වශයෙන් පත් කිරීම පසුගියදා (05)මාතලේ අලුවිහාරයේ දී සිදු කෙරිණි.

ක්‍රි.වර්ෂ 1956 වර්ෂයේ එළැඹි 2500වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංරක්ෂණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කරන ලද අතර, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ලබුගම ලංකානන්ද අනුනායක හිමියන්ගේ ප්‍රධාන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ධර්ම විනයධර මහා ස්වාමීන්වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කර ඇත.

ලොව පවතින ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර, එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශී‍්‍ර ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කෙරිණි. ඊට අමතරව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු සිදුවන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ය. මාතලේ ඓතිහාසික අලුවිහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සමරු ඵලකය නිරාවරණය කර උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කළේ ය. අනතුරුව පැවැති උත්සව සභාවේ දී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය මහානා හිමිවරුන් වෙත පිළිගැන්වී ය.

ආලෝක විහාරාධිපති ආචාර්ය ඉනාමලුවේ නන්දරතන හිමිපාණන් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස, ධම්ම චක්ක ධම්ම සූත්‍රය ඇතුළත් පුස්කොළ පොත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලද අතර, විද්වත් ලිපි සංග්‍රහයක් ද පිළිගැන්විණි. එම ඓතිහාසික කටයුත්ත සිහිපත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර, එය මහානා හිමිවරුන් වෙත සහ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු විය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමි ,ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක මාතලේ ධම්මකුසල අනු නාහිමි ඇතුළු තෛ‍්‍රනිකායික සම්භාවනීය පූජනීය මහ සඟරුවන සමඟ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එච්. එම් හලීම්, රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක , තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා , දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා , වීරකුමාර දිසානායක, ලසන්ත අලගියවන්න, හිටපු ඇමැති රෝහණ දිසානායක, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. පී.ජී. කිත්සිරි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]