UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදු දහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරැදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත්විණි. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් පිළිගැන්වූ අවස්ථාව.

 

 

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවයෙන්...

සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වන අති පාරිශුද්ධ ථෙරවාදි තිි‍්‍රපිටකය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව ජාතික උරුමයක් බවට නිල වශයෙන් පත් කිරීම පසුගියදා (05)මාතලේ අලුවිහාරයේ දී සිදු කෙරිණි. ක්‍රි.වර්ෂ 1956 වර්ෂයේ එළැඹි 2500වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංරක්ෂණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කරන ලද අතර, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ලබුගම ලංකානන්ද අනුනායක හිමියන්ගේ ප්‍රධාන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ධර්ම විනයධර මහා ස්වාමීන්වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කර ඇත. ලොව පවතින ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර, එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශී‍්‍ර ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කෙරිණි. ඊට අමතරව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු සිදුවන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ය. මාතලේ ඓතිහාසික අලුවිහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සමරු ඵලකය නිරාවරණය කර උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කළේ ය. අනතුරුව පැවැති උත්සව සභාවේ දී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය මහානා හිමිවරුන් වෙත පිළිගැන්වී ය.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]