ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම
වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත.
ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ
පුවත්පත්හි පළ කරන්නෙමු.
****
ලෝවාමහාපාය
අනුරාධපුර වන්දනාවේ යන අපට දැකගත හැකි තවත් සුවිශේෂී ස්ථානයක් වන ලෝවාමහාපාය
අටමස්ථානයන්ගෙන් එකක් වෙයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු
දකුණු පසින් පිහිටා ඇති මෙම ස්ථානයට ළඟා විය හැකි ය. දුටුගැමුණු රජතුමා විසින් තිස්
කෝටියක් ධනය වියදම් කර සාදවන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් ය. මෙම ගොඩනැගිල්ල මහල්
නවයකින් යුතුය. දැවයෙන් ඉදිකරන ලද්දකි. රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටි බව
සඳහන් වේ. මෙහි උළු කැට ලෝහයෙන් නිම වූ නිසා ලෝහපාසාද හෙවත් ලෝවාමහාපාය යන නම තබන
ලද බව මහාවංශයේ සඳහන් වෙයි.
ඉසුරු උත්පල විජේරත්න
6 ශ්‍රේණිය
මධ්‍ය විද්‍යාලය, අනුරාධපුරය
****
අම්මේ
හිරුටත් පෙර අවදි වෙන්නෙ මගෙ ආදර අම්මා
අපගේ කුස පුරවන්ට වෙහෙස වෙන්නෙ අම්මා
උදේ හවස බුදුන් වඳින මගෙ ආදර අම්මා
මගෙ ලෝකය එළිය කළේ ඔබයි මගේ අම්මා
කිසාන් රන්සික අමරසිංහ
5 වසර
සිරි වජිරාරාම දහම් පාසල, බම්බලපිටිය.
****
සාරධර්ම සුරකිමු
“ගසෙහි අගය මැනිය යුත්තේ එහි හටගන්නා ඵලවලින් මිස කොළවලින් නොවේ.”
ගණඳුර පිස දමමින් ආලෝකය සොයා ගිය අභිමානවත් සංස්කෘතියක් හා සදාචාරයෙන් උරුම කරගත්,
ධර්මතලය නමින් විරුදාවලිය ලැබූ අප ලක් මාතාව ධර්ම ප්‍රදීපයක් බවට පත්වූයේ අප තුළ
ගොඩනැඟී තිබුණා වූ උදාර ශිෂ්ටත්වය නිසාම ය. ඕනෑම රටක සංස්කෘතියෙහිත්,
ශිෂ්ටත්වයෙහිත් කැඩපත සාරධර්ම සහ ආචාරධර්මයෝ වෙති. එබැවින් ගසෙහි අගය ඵලවලින් මිස
පත්‍රවලින් නො සොයන්නාක් මෙන් දේශයක දියුණුව සෙවිය යුත්තේ සාරධර්ම, සිරිත් විරිත්
යන හර පද්ධතින් තුළිණි. ආචාර ධර්මයන්ගෙන් පිරිපුන් නොවූ සමාජයක් සැබැවින් ම මඩ
වගුරකි. එබැවින් නවීන විද්‍යාවේ ප්‍රගමනයත් සමඟ අප වෙතින් වියැකී යන සාරධර්මවලට පණ
පොවා ඒවා රැක ගැනීමට අපි වගබලාගත යුතු වෙමු.
ඩී.ඒ. මොන්ෂාණි ජයසේකර
10 ශ්‍රේණිය
සිරි සිදුහත් දහම් පාසල, අලව්ව.
****
එස්. මහින්ද හිමි
1901 දී ටිබෙට් රටේ උපත ලැබූ මහින්ද හිමියන්ගේ ගිහි නම එස්. කේ. ටසිනිම්ගල් ය.
අවුරුදු 11 දී ලංකාවට පැමිණි මහින්ද හිමි එවකට ලංකාවේ පැවති යටත් විජිතවාද පරදා
නිදහස ලබා ගැනීමට සටන් කළහ. උන්වහන්සේට සටන් කිරීමට අවිය වූයේ කඩුව නොව කවිය යි.
මහින්ද හිමිගේ කවි තුළින් ස්වදේශීයයන් තුළ ජාතිකානුරාගය හා ළමා සාහිත්‍යය පෝෂණය
විය. ලංකාමාතා, නිදහස් මන්ත්‍රය, ජාතික දරු නැළවිල්ල, නිදහස් දැහැන, ළමා ග්‍රන්ථ
අතර කවි මිණි, කවි මුතු, ළමා කවි කළඹ ආදී ග්‍රන්ථ 40 ට ආසන්න ගණනාවක් මහින්ද
හිමියන් විසින් රචනා කොට ඇත. කවියෙන් දැය අවධිකළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
නමින් උන්වහන්සේ ඉතිහාසයට එක් වූහ.
මාවනැල්ලේ සුධීරා සිල්මාතාව
ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙන
හෝමාගම
****
මව්පිය සෙනෙහස
දස මස මා කුසේ දරා මා බිහිකළ අම්මා
දෙස බස රැකුමට හුරු කළ ආදර මගෙ අම්මා
කැත කුණු අතගා මා නැහැවූ අම්මා
අජරාමර නිවන් දකින් ආදර මගෙ අම්මා
පුතේ කියා මා ඇමතූ මගෙ ආදර පියා
හිරු මඬලක් සේ මට එළිය දුන්න පියා
ලේ දහඩිය වගුරා මා ඇති දැඩි කළ පියා
අජරාමර නිවන් දකින් ආදර මගෙ පියා
ඩී.එම්. කේශානි නෙත්මි බණ්ඩාර
08 ශ්‍රේණිය
ශ්‍රී නාගරුක්ඛාරාම දහම් පාසල
****
මගේ අම්මා
මගේ අම්මාගේ නම වසන්තා කුමාරි. අම්මා මට හරිම ආදරෙයි. ඇය ගුරුවරියකි. අම්මා මට
අකුරු කියා දෙනවා. අම්මා මට රස කෑම හදා දෙනවා. ඇයගේ ගම විල්පත ය. අම්මා මට කතන්දර
කියා දෙනවා. අම්මා මා පන්සල් එක්කරගෙන යනවා.
ඉෂාර නයනක පීරිස්
1 - සී
හලා / ආරච්චිකට්ටුව ප්‍රා.වි
සංස්කරණය - නයනා නිල්මිණි |