UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිත් සනසන ඇඹිලිපිටියේ බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාමය

බොදු සිත් සනසන ඇඹිලිපිටියේ බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාමය


අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ


විහාර මන්දිරයේ පිළිම වහන්සේ

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය බොදු දනන්ගේ සිද්ධස්ථානයක් බවට පත් වන්නේ මීට වසර 40 කට නොවැඩි කාලයක සිට ය. උඩවලව හා චන්ද්‍රිකාවැව ජලාශ ඉදිවීමත් සමඟ බිහි වූ ජනපද අතර හිගුර, තුංකම, කිරිවිලයාය, කච්චිගල, වයි.එස්.එස්.ගම්මානය, කඩදාසි කම්හල් ජනපදය යන ප්‍රදේශ තුළ පදිංචි වූ බොදු ජනතාවට ආගමික ස්ථානයක් නොවූ හෙයින් ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්. කිරිගෝරිස් සතු වගා බිමක් ලෙස ද තිබූ අක්කරයක් පමණ වූ ඉඩම් කොටසක් ලබා ගෙන බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාම විහාරය කුඩා පොල් අතු මඩුවක් ලෙසින් 1986 වසරේ දී ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කර ඇත.


විහාරාධිපති ගෝනගල සිරි සුජාත හිමි


බෝධින් වහන්සේ

එහි පළමු විහාරාධිපති හිමි වන්නේ පානදුර පඤ්ඤානන්ද හිමියන් වන අතර පැවැති දරිද්‍රතාවය නිසාම උන්වහන්සේ ආරාමය හැර ගොස් ඇත. පසුව එහි නේවාසිකව වැඩ වසා ඇත්තේ ගොඩකවෙල රාහුල නමැති හිමි නමකි.

උන්වහන්සේ ද විහාරස්ථානය හැර යාමත් සමඟ මේ ස්ථානය ආරක්ෂා කර ජනතාවට ආගමික කටයුතු කර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව ඇඹිලිපිටිය ගඟේයාය ඤාණසීහ පිරිවනේ විහාරාධිපති වේවැල්වල අනුරුද්ධ හිමියන්ගෙන් කළ ඉල්ලීමට අනුව වත්මන් විහාරාධිපති ගෝනගල සිරි සුජාත හිමියෝ 2000 වසරේ දී වැඩම කරවන ලදී. උන්වහන්සේගේ වැඩමවීමත් සමඟ විහාරස්ථානය දියුණුවෙන් දියුණුවට පත්විය. සුජාත හිමියෝ වසර පනහක් නොකඩවා දහම් පාසල් ගුරු සේවයේ යෙදී ඇති යතිවරයාණන් වහන්සේ නමකි.

මේ වන විට දානපතීන්ගේ හා ජනතාවගේ ඇප කැප වීම හා පරිත්‍යාගශීලිත්වය මත රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක් වැය කර ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත ව චෛත්‍යයක් ද ඉදිකර ඇත. එසේ ම ඉපැරැණි බෝධින් වහන්සේ වටා දර්ශනීය බෝධි ප්‍රාකාරයක් ද ඉදිකර ඇති අතර පිළිම වහන්සේ සමඟ නව බුදු මැදුර ද නිර්මාණය කර ඇත. ප්‍රදේශයේ ජනතාවගේ දූ දරුවන් දෙසීයකට ආසන්න පිරිසකට දහම් දැනුම ලබා දීම සඳහා ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ද පවත්වාගෙන යනු ලබන්නේ දහසක් දුෂ්කරතා මැද ය.

සුජාත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිවු නමකි. එසේම බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අඩුපාඩු


සහාය දැක්වූ වීරසිංහ

බොහොමයක් ඇති අතර ඒවා සපුරා ගැනීමට අපහසු වී ඇත්තේ විහාරස්ථානය නියෝජනය කරන ගම් වැසියන් ආර්ථික අපහසුතාවලට ලක්ව ඇති පිරිසක් බැවිනි.

අංග සම්පූර්ණ සංඝාවාසයක්, භාවනා කිරීමට පහසුකම් සහිත ධර්ම ශාලාවක්, දහම් පාසල සඳහා ප්‍රමාණවත් ඩෙස්,පුටු, බංකු උපකරණ ද ඒ අතර වේ. ගම් රැසක බෞද්ධ ජනයාගේ ආගමික කටයුතු කර ගැනීමට ඇති මේ සුන්දර පින්බිම දියුණු කර ගැනීමට මෙන්ම එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාගේ පහසුකම් සලසා ගැනීම ද මේ වන විට ප්‍රමුඛ අවශ්‍යතාවය ද වේ. ඒ සඳහා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන මෙන්ම දානපති පරිත්‍යාගශීලින්ගේ නොමද උපකාර ලබා දෙන්නේ නම් මුළු මහත් බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදුකරන මහත් කුසලතාවයක් වනු ඇතයි මේ සඳහා පූර්ණ සහයෝගය දැක්වූ දොන් හැරිසන් වීරසිංහ මහතා කියයි.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]