UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

පිලිපීනයේ මැනිලා නුවර මෙවර කඨින මහා පින්කමක් පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රංශයේ පැරිස් නුවර ජේතවන විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හා පිලිපීනයේ අතෙනියෝ ද මැනිලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, සිංගප්පූරු බුද්ධ විහාර සංගමයේ අනුශාසක ගාල්ලේ උදිත නාහිමි, කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි, සිංගප්පූරුවේ කෝන්ගල ධම්මික හිමි ඇතුලු භික්ෂූන් වහන්සේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා මහත්මිය ඇතුලු ශ්‍රී ලංකා, පිලිපීන හා චීන ජාතිකයෝ විශාල පිරිසක් සහභාගි වූ හ. ඒ අතර එදින සහභාගි වූ ලාංකේය දායක දායිකා පිරිස විසින් තම ආදරණීය මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් බේරාගෙන එක්සේසත් ශ්‍රී ලංකාවක් තුළ බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්නට අවස්ථාව සලසා දුන්, එවකට සේනාධිනායක, මහින්ද රාජපක්ෂ මහතාගේ හැත්තෑ තුන්වන ජන්ම දිනය සිහිපත් කර එතුමා විසින් ම පරිත්‍යාග කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට ලංකාවෙන් වැඩම කරවා රෝපණය කර පෝෂණය කරන ලද ශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ සෙවනෙහි සිට මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් ද පවත්වා එතුමන්හට ආශිර්වාද පළ කරන ලදී.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]