UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ අලුත්ගම ධම්මානන්ද නා හිමි

අපවත් වී වදාළ අලුත්ගම ධම්මානන්ද නා හිමි

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නා හිමියෝ අවුරුදු 103 ක් ආයු වළඳා අපවත් වී වදාළහ.

උන්වහන්සේ උපත ලැබූවේ 1915 නොවැම්බර් මස 22 වන දින ය. තුම්පනේ ගම් පළාතේ අලුත්ගම දී රාජකරුණාධිපති වාසල දුක්ගන්නාරාලහාමිලාගේ මහ අරඹේ හීන් බණ්ඩා නමින් උපත ලැබූ උන්වහන්සේ අලුත්ගම ධම්මානන්ද හිමි නමින් 1934 සැප්තැම්බර් 06 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූ හ.

මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ ධම්මානන්ද හිමියෝ 1935 වර්ෂයේ දී උපසම්පදා සීලයට පත් වූහ. 1940 වර්ෂයේ දී කර්මාචාර්ය පදවියට පත්වූ හ.

1972 වර්ෂයේ දී ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර රාජකාරී කටයුතු කළ උන් වහන්සේ, 1987 දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ධූරයට පත් වූ හ.

2004 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් උන්වහන්සේ මියන්මාර් දේශයෙන් පිරිනමන උතුම් ම ගෞරව නාමය වන අග්ගමහා පණ්ඩිත ධූරයෙන් පිදුම් ලැබූහ.

වසර 80 ක් පමණ කාලයක් උන්වහන්සේ සිංහල බෞද්ධයන්ගේ උන්නතිය උදෙසා දැඩි කැපවීමකින් කටයුතු කළහ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුගිය 6 සෙනසුරාදා පස්වරු 2.00 ට රාජ්‍ය ගෞරව සහිත මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබිණි.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]