ඇය
ලොව පැවැත්ම හෝ නැවැත්ම
ඇත්තේ ඇගේ අතේමයි
වටහාගෙන ඇගේ අගය
ලොවට ශාපයක් නොවී
යහතින් ජීවත් විය යුතු ය
ලොවට ආශිර්වාදයක්ම විය යුතු ය
හැම ස්ත්‍රියක් ම මෙය
සිතේ තබා ගත යුතු ම ය
අගලවත්තේ දයා දහනායක
****
කඨින පිනේ බල මහිමය
වසරකට වරක් යෙදෙනා පින්කමවේ
සසර දුක නිවා නිවනින් සැනසුම දේ
එතෙර වන අය ට අත්වැල කඨිනය වේ
සතර අපායට කිසිවිට යනු නො ලැබේ
අවු වැසි ඉවස ඉවසා ජනතාව වෙත
පෙව් දම් අමාවෙන් මහජනතාව වෙත
ගව් දුර නොයා ළඟ ළඟ ඒ නිවන ඇත
දෙව් පුර නො ගොස් අම නිවනේ නිවේ සිත
කෙත්තාරාම දහම් පාසලේ ආදි ශිෂ්‍ය විමලසේන හෙට්ටිආරච්චි
****
පරගොඩ වෙහෙර
දකුණු ලකඹර ගාලු පුරවර අසල්වැසි ගම් පියසෙ වොරැදෙන
දෙවන පෑතිස් රජිඳු එදවස අෂ්ටඵල බෝධියෙන් පුදදෙන
මහා ගත්කරු විකුම් සිහ ගුරු නව කථාවෙන් මතක් කරදෙන
රජ මහා වෙහෙරක් ය ‘පරගොඩ’ නිවන් දක්නට පාර පෙන්වන
ටී. එන්. වයි. අබේගුණවර්ධන
ඉමදූව
****
නිවන
දුක
නැති
තැන
ඇත
නිවන
ලයනල් දසනායක
නියඳගල පන්නිපිටිය
****
පෙම්බර මෑණියනි
දස මාසයක් බර උසුලා දරා කුසේ
බිහිකොට ලොවට පෙරළා දුන් අමා රසේ
නහවා අන්දවා තබමින් මුවේ ඇසේ
හැදු අම්මා වඳිමි ගුණ ගී ගයා මෙසේ
පෙම්බර මෑණියනි මා දැඩි කර ගන්න
දුන් කිරි කඳම ඇති මව් ගුණ සමරන්න
ගම්බිර බුදු පුතෙක් සසුනට පුද දුන්න
පින් කඳ මදි නොවේ නිවනින් සැන සෙන්න
ගොකරැල්ලේ ජිනවංශ හිමි
අරියවංශාරාම භාවනා මධ්‍යස්ථානය
මඩවල තැන්න – උහුමීය
****
ධර්මය
ධර්මය අනුව ඇවිදින නර සසර බවේ
නිර්මිත ගතිය දුටු විට විනි විදව මැවේ
දර්ශනයකින් හැම කෙනෙකුට දෙවන සුවේ
ධර්මය සදා කාලික වස්තුවකි ලොවේ
කත්නවීර මුදලිගේ
දුල්මුරේ
****
බිනර පොහෝ අසිරිය
රැකගන්නට සසුන තෙරුවන් ගුණය රැඳු
විකසිත තඹුරු මෙන් දස අත සුවඳ බෙදූ
දැක පොහො බිනර අසිරිය බැති හදෙහි බොදු
සැක හැර තබමි කවිපද බුදු ගුණට පිදූ
කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක
****
නා හිමි සැරැදේ
ශ්‍රී ලංකා අඹර ශාසන තිලක හිමී
අමරපුර නිකායේ සඟ සමුළුවට එබී
පදරුත් සියල් දැන සුපුවතට කැටී
ජනපති අගමැතිඳු සුරතින් පදවි ලැබී
ගන්තුන උල්ගලයි අපගේ විහාරය
ගොඩ මඩ දෙකම පෝෂිත අලංකාරය
මඩවල නැණ අනඳ හිමි ගුරුගෙ භාරය
ලැබගත් අස්සජී විය එහි දෝංකාරය
දින දින යුග ගණන් හදවත් සනසන්න
ගුණ නැණ ලෝකයෙන් බුද්ධිය පුරවන්න
නා හිමි සඳුනි සසුනට වැඩ සලසන්න
තව බොහො කාලයක් සසුනෙහි වැඩ ඉන්න
ගන්තුන ඩබ්ලිව්. ආර්. ජේ. සමන්තිලක
කෑ/කඳුරට ම. වි (ආචාර්ය )
****
රාහුල පොඩි හාමුදුරුවෝ
පොඩි හිමි ලකුණ බඳු බොදු ශාසනය තුළ
වැඩිහිටි සඟ රුවන නිති ආදරය කළ
දැඩි විනයකින් තම දිවි මඟ එළිය කළ
පඬි රුවනක් නො වෙද රාහුල හිමි එකල
පෙර තම පියා දැන් සම්බුදු හිමිය දැන
කර පෙන්වා නොමැත කෙනෙකුට පුහු මාන
වරදක් නොසිදුවෙයි සැම නිවැරැදි ව වුණ
පෙර භව පුරා ගෙන ආවද දැහැමි ගුණ
පී. බී . ගුණරත්න
විශ්‍රාමලත් පරිවේණාචාර්ය
සුමනතිස්ස පිරිවෙන, දෙහිවල
****
බුදු හිමියනි
ලෝකය ගිනිගෙන දැවෙනු පෙනේ
මිනිසත් කම් පිරිහෙනව පෙනේ
මගෙ බුදු හිමියනි, වඩිනු මැනේ
ලෝකය යහපත් කරනු මැනේ
ප්‍රියංගිකා පෙරේරා
ඊශ්‍රායෙල් සිට
****
ලෝක තිවංකර බුදු සමිදේ
මනසා නන්දන නිඳුකාණෝ බෝ සෙවණේ බුදු වුණ සමිඳේ
පරමානන්දන කුසිනාරාවේ සල් උයනේ පිරිනිවී සමිඳේ
සවනානන්දන පසුරා ඔබ ලොවිඳු තිලෝගුරු බුදු සමිඳේ
ජගතා නන්දන ඉසුර ඔබ බව නිම කළ සම්බුදු සමිඳේ
මහීපාල ඒ සිරිසේන තුල්හිරිය , අලව්ව
****
|