දළදා මාළිගාව
පළමුවන විමලධර්මසූරිය රජතුමාගේ (1592 – 1603) ඉදිකිරීම ප්‍රථම දළදා ගේ වේ. දෙවන
විමලධර්මසූරිය රජතුමා (1687 – 1707) තෙමහල් ප්‍රාසාදයක් ගොඩනැඟී ය. මෙය ගින්නෙන්
විනාශ විය. අනතුරුව නරේන්ද්‍රසිංහ රජු විසින් (1707 – 1739) දෙමහල් ප්‍රාසාදයක්
වශයෙන් ගොඩනඟා ඇත. එය කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) මුළුමනින්ම
ප්‍රතිසංස්කරණය කර ඇත. අද විද්‍යමාන වනුයේ එම ගොඩනැගිල්ලයි.
දළදා සමිඳුන් නැමදීමට මහ මළුවෙන් පැමිණෙන අය ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වූ විට
ප්‍රථමයෙන් හමුවන ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වූ විට දක්නට ලැබෙන ආරුක්කුවක් වන්
ස්ථානය අඹරාව නම් වන්නේ ය. ඉන් පිවිසි විට හමුවන ස්ථානය හේවිසි මණ්ඩපයයි. හේවිසි
මණ්ඩපය ඉදිරියෙන් ඇත්තේ දළදා මාලිගයයි. එහි පහළ මාලය අරමුදල නමි. අරමුදලේ ඇති කුඩා
තරප්පුවෙන් ගොඩ වූ විට හමුවන්නේ හඳුන් කුඩමයි. මෙයට ඉදිරියෙන් දිස්වන්නේ
ගන්ධකුටියයි. (දළදා වහන්සේ වැඩ සිටින කුටිය) ඉදිරිපසින් ඇත්තේ පිරිත් මණ්ඩපයයි.
ප්‍රසිද්ධ දළදා ප්‍රදර්ශන පවත්වන්නේ මෙම ස්ථානයේ ය. ගන්ධකුටිය පිටුපසින් හා දෙපසින්
බරාඳ තුනක් ඇත.
දළදා මාලිගාව ඉදිරිපස කොටස එනම් අඹරාවෙන් ඇතුළු වන දෙමහල් කොටස නරේන්ද්‍රසිංහ
රජතුමාගේ නිර්මාණයකි. මෙහි ඇති, වර්තමානයේ පහත මාලය නමින් හඳුන්වන විහාරගෙය දළදා
වහන්සේ අද වැඩ සිටින මාලිගයෙහි වැඩ අවසන් වන තෙක් දළදා වහන්සේ තැන්පත් කළ ස්ථානයයි.
පසුකලෙක එය රජ බිසව වැඳුම් පිදුම් කිරීමට යොදාගත් බව කියයි. දැනට එහි ආශ්චර්යමත්
ලෝහමය පිළිමයක් හා පළිඟු පිළිමයක් (මැණික්) ඇත. මෙම ලෝහමය පිළිමය රාජාධි රාජසිංහ
(1781 – 1798) රජතුමා බද්ධ පරියංකයෙන් හිඳිවිට ඔහුගේ උසේ ප්‍රමාණයට ලෝහයෙන් තැනීමට
සූදානම් වූවකි. නමුත් එම කාර්යය එතුමාට ඉටුකර ගැනීමට නොහැකි විය. ඔහුගෙන් පසු රජ වූ
ශ්‍රී වික්‍රමරාජසිංහ (1798 – 1815) රජු එය ඉටුකිරීමට ප්‍රයත්න දැරුවත් ඔහුටද
නොහැකි විය. පසුව ඉංගී‍්‍රසි රජයෙන් ලත් ආධාරයෙන් (පවුම් 500) මෙය නිමවී ඇත.
වැඩ සිටින මාලිගාව යට ආවරණයක් සේ දෙපසින් ඉදිකර ඇති ගොඩනැගිලි තුන 1956 දී නුගවෙල
දියවඩන නිලමේ විසින් ඉදිකර ඇත. දැනට අලුත් මාලිගය නමින් හඳුන්වන පසුපස ගොඩනැගිල්ලේ
බිම් මහල දාන ශාලාවක් වශයෙන් ද, පළමු මහල විවිධ රටවලින් පරිත්‍යාග වශයෙන් ලත්
බුදුපිළිම වහන්සේ තැන්පත් කර විහාර මන්දිරයක් වශයෙන් ද පිළියෙළ කර ඇත. එමෙන්ම එහි
දළදා සිරිත චිත්‍රයට නඟා දළදා වංශ කතාව පිළිබඳ ආධුනිකයන්ට එමගින් මඟ පෙන්වීමක් කර
ඇත. එහි ඉහළ මාල (මෙම මන්දිර ගොඩනැගීමට අපමණ පරිශ්‍රමයක් දැරූවේ නුගවෙල දියවඩන
නිලමේ ය.) කෞතුකාගාරයක් බවට පත් කිරීමට දියවඩන නිලමේ (නෙරංජන් විජේරත්න මහතා)
කටයුතු කර ඇත. වම් පස ගොඩනැගිල්ල දළදා මාළිගාවේ පරිපාලන කටයුතු සඳහා (දියවඩන නිලමේ
ඇතුළු කාර්ය මණ්ඩලයේ) යොදාගෙන ඇති අතර දකුණු පස ගොඩනැගිල්ලේ ඉහළ මාලය දෛනික
තේවාවන්හි නියුක්ත අස්ගිරි මල්වතු භික්ෂූන්ගේ වාර්ෂික නේවාසික ස්ථානය ලෙස හා
තේවාවන්ට සහායවන ගිහි රාළලාගේ නවාතැන් ලෙස පරිහරණය කරන අතර එහි බිම් මහල කාර්ය
කෝරාළගේ පරිපාලන කටයුතුවලට යොදාගෙන ඇත.
- අයන්ති විතාන |