අස්ගිරි මහා විහාරය සහ දළදා වහන්සේ
අස්ගිරි මහා විහාරයේ
ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික
රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති
ආචාර්ය
ගොඩගම ශ්‍රී මංගල නා හිමි
සිංහලයේ මහා කලා මංගල්‍යය යේ අවසන් පෙරහර හමාර වන්නේ අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ
රජමහා විහාරයේ පෙරහර කරඬුව තැන්පත් කිරීමෙනි. මෙහිදී අවධානය යොමු කළ යුතු කාර්යයන්
දෙකකි. පළමු වැන්න අස්ගිරි මහා විහාරයට මේ ඓතිහාසික පෙරහර පැමිණීම හා දවල් පෙරහර
එහිදී ආරම්භ කිරීමේ ක්‍රියාදාමය කුමක් නිසා ආරම්භ වූයේද යන්නයි.
ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කර නොබෝ දිනකින් “ධම්මචක්කගේහයේ” සිට අභයගිරියට වැඩම
කිරීම සංකේතවත් කිරීමට අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ විහාරයට මේ පෙරහර වැඩම වන්නේද
යන්න නොවිමසිය යුතු කරුණකි. සිරිවර්ධන සෙන්පති විසින් ව්‍යවහාර වර්ෂ එක්දහස්
තුන්සිය දොළහේ දී ආරම්භ කළ ආරණ්‍ය සේනාසනයත් ඉන් පසුව ඉදිකළ මේ ගෙඩිගේ විහාරයත්
පෞරාණික ලිපි ලේඛනවලට අනුව හඳුන්වා ඇත්තේ හයගිරි විහාරය නමිනි. මේ ගෙඩිගේ විහාරය
ආරම්භ වන්නේ 14 වන සියවසේ දී ය. එනම් ගම්පොල තෙවන වික්‍රමබාහු රාජ්‍ය සමයේ දී ය. ඒ
තම මව්තුමියට කරනු ලබන විශේෂිත සැලකිල්ලක් වශයෙනි. තම මව වූ “අස්ගිරි”
(චන්ද්‍රාවතී) දේවිය පෞරාණික සෙංකඩගල ආරණ්‍ය සේනාසනයට ඇලුම් කළ රාජකීය කාන්තාවකි.
ඇය විසින් සෙංකඩගල සේනාසනයට හයගිරි කන්දේ තල් ගසක් අසල ටැම්පිට විහාරයක්” තලගහමුල
විහාරය” නමින් ඉදිකරනු ලැබීය. මේ නිසා අස්ගිරි දේවියගේ අභාවයෙන් පසු ඇගේ දේහය ආදාහන
කරනු ලබන ස්ථානයේ බෝධියක් රෝපණය කර ඊට චන්ද්‍රාවතී බෝධිය යැයි නම් කරන අතර එතුමියගේ
අළු තැන්පත් කළ ස්ථානයේ ගෙඩිගේක ස්වරූපයෙන් විහාරයක් කරවා ආගමික ස්ථානයක් බවට මේ
භූමිය පත් කිරීමට වික්‍රමබාහු රජතුමා කටයුතු කළේ ය.
මේ ස්ථානයේ වැඩ වාසය කළ කීර්තිමත් යතිවරුන් වන ගොලහැන්වත්තේ ධම්මසිද්ධි සහ
ගොලහැන්වත්තේ ධම්මදස්සි වැනි හිමිවරුන්ගේ ඇසුර ලැබී සෙංකඩගල රාජ කුමාරවරු ව්‍යක්ත
ප්‍රතිබල පිරිසක් බවට පත්ව පසුකාලීනව රාජ්‍යත්වයට හිමිකම් ලැබීමත් පළමු
විමලධර්මසූරිය රජතුමා සෙංකඩගල දළදා මාලිගය ඉදිකිරීමේ කටයුත්ත අවසන් වන තෙක් දළදා
වහන්සේ වැඩමවා වඩා හිඳුවන්නේ අස්ගිරියේ මේ ගෙඩිගේ විහාරයේය. එසේම පෘතුගීසින් උඩරට
ආක්‍රමණය කළ අවස්ථාවන්හි නාවින්නේ ධම්මදස්සි, පොතුහැර රතනපාල වැනි හිමිවරු දළදා
වහන්සේගේ ආරක්ෂාව පතා දුම්බරට ගෙන ගොස් සුරක්ෂිත කළ අතර වාරියපොල ශ්‍රී සුමංගල
නාහිමියන් ඉංගී‍්‍රසින්ගෙන් එය ආරක්ෂා කරන්නේ දඹුලු කැලයට ගෙන යාමෙනි. මෙයාකාර
කෘතවේදිත්වයට හේතුයුක්ත වන කරුණු බොහොමයක් ඇති හෙයින් ශ්‍රී දළදා පෙරහර දින දහයක්
පුරාවට මහනුවර නගරයේ වීදි සංචාරය කර අවසන් මහ පෙරහර ගෙවදී අනතුරුව, පෙරහර කරඬුව
අස්ගිරි මහා විහාරයට වැඩමකරවා එක් රැයක් එහි වඩා හිඳුවා අස්ගිරි විහාරවාසී
භික්ෂූන්ට ඊට තේවාවිධීන් කිරීමට අවස්ථාව ලබා දී ඇත. මේ අසිරිමත් කාර්යයට හේතුවන්නට
ඇත්තේ ඉහත කී පරිදි අස්ගිරි මහා විහාරයේ ඓතිහාසිකත්වයත්, ශ්‍රී දළදා වහන්සේ පර
සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අස්ගිරි මහා විහාරයීය භික්ෂූන් කළ කැපකිරීමත්, සෙංකඩගල
නර විරුවන්ගේ පූර්වාචාර්යයන් වහන්සේලා වීමත් සහ සෙංකඩගල රාජධානියේ රජ කළ සියලු
රජවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ අවසන් කටයුතු කළ ස්ථානය වීමත් යන කරුණු ය.
මේ නිසා වර්තමානයේ පෙරහර කරඬුව තැන්පත් කිරීමෙන් පසු මහනාහිමියන්ගේ අනුශාසනයේ දී
ඉහත හේතුන් මතක්කර සෙංකඩගල රාජධානිය ගොඩනැගූ සිරිවර්ධන සෙන්පති ඇතුළු සෙංකඩගල
රාජ්‍යත්වය ඉසිලූ සියලුම නරපතීන්ටත් දළදා වහන්සේ පරසතුරන්ගෙන් රැකගත් අතීත යතිවරයන්
වහන්සේලාටත්, අස්ගිරි දේවිය ඇතුළු ශාසනමාමකව කටයුතු කළ සියලු ප්‍රභූන්ටත්, දළදා
පෙරහර සාර්ථක කරගැනීමට සහාය දැක්වූ සියලුම කාර්ය මණ්ඩලවලටත්, සතර දේවාලයන්හි
බස්නායක නිලමේවරුන්ටත්, කලා ශිල්පීන්ටත් පුණ්‍යානුමෝදනා කරනු ලැබේ.
- අයන්ති විතාන |