පෞරාණික චාරිත්‍ර ගරු කරමින්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වනවා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ
දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල
ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමි වන්නේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය
අතිපූජ්‍ය මහානායක මා හිමිපාණන් වහන්සේ දෙනමට ය.ගිහි භාරකාරත්වය හිමි වන්නේ දියවඩන
නිළමේ තුමන්ට ය.වසර 2005 සිට දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හොබවන ප්‍රදීප් නිලංග
දෑල මහතා මෙවර සංවිධානය කරනු ලබන්නේ දළදා මාලිගාවේ 14 වන ඇසළ පෙරහර යි.දළදා වහන්සේ
උදෙසා සිදු කරන්නා වූ පූජෝත්සවයක් වන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින්,
සාර්ථකව පවත්වා අවසන් කිරීම දියවඩන නිළමේතුමන්ගේ එක් ප්‍රධාන වගකීමකි.මෙවර ඇසළ
පෙරහර සංවිධානය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ
සාකච්ඡාවකි මේ....
ප්‍රශ්නය- මහනුවර ඇසළ පෙරහර ජත්‍යන්තරව පවා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ හෙළයේ
විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසිනුයි.මහනුවර ඇසළ පෙරහර මෙතරම් සුවිශේෂි වන්නේ
ඇයි?
පිළිතුර - දළදා වහන්සේ කෝට්ටේ රාජධානියෙන් දෙල්ගමුවටත්, පසුව සෙංකඩගල රාජධානියටත්
වැඩම කළා.දළදා වහන්සේ මහනුවරට වැඩම කිරීමට පෙර දේවාල පෙරහර පවත්වා තිබෙන බව
ඉතිහාසයේ දැක් වෙනවා.වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ සියම් දේශයෙන්
උපසම්පදාව මෙරටට ගෙන ඒමෙන් පසු මහනුවර ඇසළ පෙරහර දේවාල පෙරහර හා එක්ව තිබෙනවා.දළදා
වහන්සේ උදෙසා පෙරහර ඇතුළු පුජෝපහාර පැවැත්වීම උන්වහන්සේ මෙරටට වැඩම කළදා පටන් ම
සිදු කෙරෙනවා.එහෙම ගත්තොත් පෙරහරට අවුරුදු 1708 ක පමණ ඉතිහාසයක් තිබෙනවා.මෙය දළදා
වහන්සේ හා සිව් මහ දෙවිවරුන් වෙනුවෙන් කරන්නා වූ පූජෝපහාරයක්.දළදා වහන්සේ තමයි
බෞද්ධයින්ට ලෝකයේ ඇති වටිනාම පූජනීය වස්තුව.ලෝක වාසි බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ
තමයි දළදා වහන්සේ.මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකුවේ දළදා වහන්සේයි.මේ නිසා රජවරු
දළදා වහන්සේ උදෙසා කරන්නා වූ පූජෝත්සව විශිෂ්ටතම අයුරින් සිදු කරන්න පියවර
ගත්තා.පෙරහරට සම්බන්ධ වූ කලාකරුවන්ට රජවරු ඉඩ කඩම් දීලා රාජකාරි පැවරුවා.ඒ
පාරම්පරික පවුල්වල පිරිස් අදත් ඉන්නවා.දළදා මාලිගාවේ හා සතර මහ දේවාල පෙරහරට
කලාකරුවන් 2000 ක් පමණ සහභාගි වෙනවා.අලි අතුන් 80 ක් පමණ සම්බන්ධ කෙරෙනවා.අතීතයේ
පටන් පැවත එන පෞරාණික චාරිත්‍ර ගරුකරමින් මේ උත්සවය සංවිධානය කරන්නේ.දවල් පෙරහරත්
සමඟ අඛණ්ඩව දින 11 ක් පෙරහර වීදී සංචාරය කරනවා.මේ සියල්ල නිසා මහනුවර ඇසළ මංගල්‍යය
සුවිශේෂි වී තිබෙනවා.
ප්‍රශ්නය- වාර්ෂිකව ශ්‍රී දළදා මාලිගාවේ පවත්වන සතර මහ මංගල්‍යයන් ගෙන් එකක් නේද ඇසළ
පෙරහර මංගල්‍යය.
පිළිතුර- දළදා වහන්සේ වෙනුවෙන් සෑම වසරක ම මංගල්‍යයන් හතරක් පවත්වනවා.අලුත් සහල්
මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය ලෙස ඒවා
හඳුන්වනවා.මේ මංගල්‍යයන් අතරින් ජනතාවගේ වැඩිම අවධානය යොමු වන්නේ ඇසළ පෙරහර
මංගල්‍යයටයි.
ප්‍රශ්නය- වානිජ කරණයේ බලපෑම පෙරහරටත් එල්ල වෙනවා.පෞරණික චාරිත්‍ර ආරක්ෂා කර ගනිමින්
එහි ඇති සම්ප්‍රදායික වටිනාකම් ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීම අභියෝගයක් නේද?
පිළිතුර- ලංකාවේ ගොඩක් පෙරහර කලානුරූපිව අදවන විට විශාල වෙනස්කම්වලට ලක්ව
තිබෙනවා.මහනුවර ඇසළ පෙරහර කියන්නේ අපේ අනන්‍යතාව කිව්වොත් නිවැරැදියි.මම 2005
දියවඩන නිලමේ ධූරයට පත්වෙලා මාසයක් අතුළත තමයි පෙරහර කළේ.මම වසරින් වසර පෙරහරේ
සම්ප්‍රදායික ලක්ෂණ යළි මතු කරන්නත්, නර්තන ශිල්පීන්ගේ දක්ෂතාවන් වර්ධනය කරන්නත්
කටයුතු කළා.රියැලිටිකරණයේ බලපෑම නුවර පෙරහරටත් එල්ල වෙනවා.ශිල්පීන් කැමැතියි
ආකර්ෂණය ගන්න නොයෙක් තද වර්ණ, සීක්වින්ස් වැනි දිලිසෙන දේවල් තමන්ගේ ඇඳුම් වලට එකතු
කර ගන්න.මොකද රූපවාහිනි රියැලිටි වැඩසටහන්වල පෙනී ඉන්න අය ජනතා ආකර්ෂණය ගන්න මේවගේ
දේවල් පාවිච්චි කරන නිසා පෙරහරට එක්වන කලාකරුවන් ද ඒවා අනුකරණය කරන්න පෙළඹෙනවා.මම
දළදා මාලිගාවේ පෙරහරට එක්වන ශිල්පීන්ට හැම විට ම උපදෙස් දෙන්නේ සම්ප්‍රදාය ආරක්ෂා
කර ගන්න ඕන කියලයි.සිව් මහ දේවාල බස්නායක නිලමේවරුත් මේ ස්ථාවරයේ සිටිමින් තමයි
පෙරහර සංවිධානය කරන්නේ.ඒක මට ශක්තියක්.ශිල්පීන්ට මේ විදිහට ඇඳුම් අඳීන්න කියලා අපි
මොනවත් නොකර හිටියොත් වැඩේ වෙන්නේ නැහැ. මේ නිසා මම දළදා මාලිගාවේ සියලුම
කලාකරුවන්ට දළදා මාලිගාවෙන් අලුත් ඇඳුම් ලබා දුන්නා.ඒ සඳහා රුපියල් ලක්ෂ 30 ක් විතර
වැයවුණා.මම මේවා කරන්නේ පෙරහරේ සම්ප්‍රදායික ගුණාංග ආරක්ෂා කරන්නයි.
ප්‍රශ්නය- මෙවර පෙරහරට සම්බන්ධවන කලාකරුවන් පෙරහුරු වැඩසටහන්වලට සම්බන්ධ කරගත් බවටත්
එහිදී කිසිදා පෙරහරේ නොගිය නර්තන විශේෂඥයින් සම්ප්‍රදායික කලාකරුවන්ගේ හැකියාවන්
විනිශ්චය කිරීමට යොදා ගත් බවටත් චෝදනාවක් තිබෙනවා නේද?
පිළිතුර- අප පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් සඳහා පෙරහුරු වැඩසටහන් තුනක් කළා. ගමේ
වැඩසටහනට කලා ශිල්පීන්ට කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගන්න ප්‍රවාහන වියදම් වගේම ඔවුන්ගේ
ආහාර වියදම්ද දැරුවේ දළදා මාලිගාවෙන්. තුන්වරක් ශිල්පීන් ගෙනල්ලා ඔවුන්ගේ හැකියාවන්
හා කණ්ඩායම් දක්ෂතා ඇගයීමට ලක්කළා.මේ සඳහා පමණක් අපි මිලියන තුනක පමණ වියදමක්
දැරුවා.පෙරහර සාර්ථක වන්නේ හැමෝම තමන්ගේ වගකීම් කොටස උපරිමයෙන් ඉටු කළොත්
පමණයි.සමහර ප්‍රවීණ ශිල්පීන් කරන්නේ තමන්ගේ කණ්ඩායමට දක්ෂ ප්‍රවීණ ශිල්පීන්
දෙන්නෙක්, තුන්දෙනෙක් එකතු කරලා ඉතුරු අය කලායතනයක ඉගෙන ගත් ළමයින් ගෙන් පුරවන
එක.කොහෙන් හරි හොයා ගන්න නර්තනයේ දක්ෂ නැති අය එකතු කරලා කණ්ඩායමට ගෙවන මුදල තමන්ගේ
සාක්කුවට දාගන්න ශිල්පීන්ට මම අකැමැතියි. කණ්ඩායමේ, විසි දෙනෙකු ඉන්න කොට දෙන්නෙක්
තුන් දෙනෙක් හොඳට නටලා වැඩක් නැහැ.බලාගෙන ඉන්න අයට අඩුපාඩු හොඳට පේනවා. ඒකෙන්
වෙන්නේ සමස්ත පෙරහරම අවලස්සන වීමයි.මට කාගේවත් එක්ක ප්‍රශ්න නැහැ.මට ඕන පෙරහර අංග
සම්පූර්ණ කරන්නයි.කවුරු තරහ වුණත්, මම ඒ වෙනුවෙන් කැපවෙනවා.හොඳ කණ්ඩායමක් ඉදිරිපත්
නොකළොත් මම මොන තරම් ප්‍රවීණයෙකුගේ වුවත් කණ්ඩායම ඉවත් කරනවා.පළමු පෙර පුහුණුවේ දී
සාර්ථක නොවුණු අය අයින් කරලා ඊළඟ වතාවේ අඩුපාඩු හදාගෙන එන්න කිව්වා.නැත්නම් මේ පාර
පෙරහරේ යන්න දෙන්නේ නැහැ කිව්වම ලස්සනට අඩුපාඩු හදාගෙන ආවා.මම කළේ හරිදේ කරන්න මේ
අය යොමු කරන එකයි. ශිල්පීන්ගේ දක්ෂතා නිර්ණය කරන්න මහචාර්යවරු හතර දෙනෙක් සම්බන්ධ
වුණත් අවසන් තීරණය ගත්තේ මමයි.පාසලේ ඉඳලා මම නර්තනය හොඳීන් හැදෑරුවා.දහඅට වන්නමම
මටත් පුළුවන්.මම දන්නවා කවුද නර්තනය දන්නේ, කවුද නර්තනය නොදන්නේ, කවුද බොරුවට
නර්තනය කරන්නෙ කියලා.මේ වැඩේට චෝදනා කරන අයට පෙරහර බලා මම හරිද වැරදිද කියලා
නිගමනයකට එන්න කියලා මම කියනවා.
ප්‍රශ්නය- පෙරහරට සම්බන්ධ වූ පාරම්පරික කලාවන් දැන් සොයා ගැනීමත් අසීරුයි නේද?
පිළිතුර- උඩරට පාරම්පරික කලාකරුවන්ගේ පවුල් වල පසු පරම්පරාවන්ට අයත් දරුවන් කලාවෙන්
ඈත්ව වෙනත් රැකියාවල නිරත වෙනවා.මේ නිසා එම පරම්පරාවන් ක්‍රමයෙන් අභාවයට යනවා.ශ්‍රී
දළදා මාලිගාව ගත්තොත් පනික්කි රාජකාරිය හිමි පරම්පරා හතරේ කට්ටිය තාම ඉන්නවා.පෙරහරේ
ඉස්සරහින්ම යන හේවිසි කණ්ඩායමේ ඉදිරි පෙළ දවුල් හතර වාදනය කරන්නේ මේ පරම්පරා හතරේ
වර්තමාන නායකයෝ.මේ අය සමඟ හේවිසි කණ්ඩායමේ ඉන්න හැමෝම ඒ පරම්පරාවේ අය නොවේ.ඔවුන්
පෙරහර සඳහා කට්ටිය කණ්ඩායමට සම්බන්ධ කර ගන්නවා.මම කලින් කිව්වා වගේ ශිල්පීන්ගේ
දක්ෂතා පෙරහරට කලින් බලා තක්සේරුවක් ලබා දිය යුතුව තිබෙන්නේ ඒ නිසයි.අද වනවිට
පරම්පරාවන් ක්‍රමයෙන් නැති වෙමින් ගියත් ශිල්පීන්ගේ ලොකු අඩුවක් දකින්න නැහැ.පාසල්
මට්ටමින් වුවත් කලාවට දැන් පෙරට වඩා තැනක් ලබාදී තිබෙනවා.මේ පාරම්පරික කලාවන් අප
ආරක්ෂා කරන්න ඕන.මේ නිසා තමයි ශ්‍රී දළදා මාලිගාවේ ජත්‍යන්තර බෞද්ධ ඇකඩමිය යටතේ
උඩරට නර්තන පීඨයක් ස්ථාපිත කළේ.පාසල් දරුවන් අටවන ශ්‍රේණියේ ඉඳලා අපි මේකට සම්බන්ධ
කර ගන්නවා.උඩරට නර්තන ඩිප්ලෝමාවලඋසස් ඩිප්ලෝමාව වසර තුනක් තුළ මෙහිදී ඉගෙන ගන්න
ලැබෙනවා. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවල ප්‍රතිපල අඩු වුණත් මේ ඩිප්ලෝමාව උපයෝගි
කරගෙන මේ දරුවන්ට නර්තන උපාධියක් දක්වා අධ්‍යාපනය ලබන්න පුළුවන්.අප මේවා කරන්නේ
උඩරට නර්තන පරම්පරාවල පාරම්පරික දැනුම මතු පරපුර වෙත ආරක්ෂා කර දෙන්නයි.නොමිලයේ කරන
මේ වැඩසටහන වෙනුවෙන් අප වසරකට ලක්ෂ 150 ක් පමණ වැය කරනවා.
ප්‍රශ්නය- පෙරහරට අවශ්‍ය අලි ඇතුන්ගේ හිඟය තාමත් තිබෙනවා ද?
පිළිතුර- ඔව්. මේ ප්‍රශ්නය තාමත් ඒ විදිහටම තිබෙනවා.දැන් මුළු රටේම ඉන්නේ හීලෑ අලි
100 යි.දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි 12 ක් ඉන්නවා.ඒ ටික ගියාම පිට ඉන්නේ අලි
ඇතුන් 88 යි.ලංකාවේ අලි හාම්පුත්තු ඉන්නේ 80 යි.මේ අය ඕන වෙන්නේ පෙරහර කරන
නිලමේවරුන්ටයි විහාරස්ථානවල භික්ෂූන්වහන්සේලාටයි.අනිත් අය මේ අලි හාම්පුත්තු දිහා
බලන්නේ වපර ඇහින්.මේ අය අලි ඇතුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.පෙරහර සංස්කෘතිය
ආරක්ෂා කරන්න උරදෙන මෙම පිරිස ගැන මෙයට වඩා අවධානයක් වගකිව යුතු අංශ දැරිය යුතුයි.
ප්‍රශ්නය- කරඬුව වැඩම කරවීම සඳහා සුදුසු දේහ ලක්ෂණ ඇති ඇතුන්ගේ අඩුවක් තිබෙනවා නේද?
පිළිතුර- කරඬුව වැඩම කරන්න දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතා ඉන්නවා.දැනට ඒකට ඉන්න
සුදුසුම ඇතා ඉන්දි රාජා.නැඳුන්ගමුවේ රාජා නුවර පෙරහරට 2005 අවුරුද්දේ ගෙනාවේ මමයි.ඒ
ඇතා නුවර පෙරහරට සම්බන්ධ වෙලා දැනට වසර 13 යි.මෙයට අමතරව කතරගම වාසනා ඇතත් කරඬුව
වැඩම කරනවා.දළදා පෙරහරේ වැඩිම වාර ගණනක් කරඬුව වැඩම කරන්නේ ඉන්දි රාජා. 2009
අවුරුද්දේ පෙරහර 10 ම එක දිගට ඉන්දි රාජා කරඬුව වැඩම කළා.මාලිගාවේ ඇත් පන්තියේ තවත්
ඇතුන් කිහිප දෙනෙක් මේ කටයුත්තට ඉන්නවා.මේ ඇත්තු වයසට යනකොට ඒ අඩුව පුරවන්න හොඳ දළ
ඇත්තු නැති වුණොත් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
ප්‍රශ්නය - දළදා මාලිගාව මගින් වාර්ෂිකව විහාරස්ථාන ගොඩනැගීමට හා සමාජ සුබ සාධනය
වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරනවා නේද?
පිළිතුර- සමාජ සුබ සාධන වැඩසටහන් වෙනුවෙන් අපි වසරකට ලක්ෂ 3000 ක පමණ මුදලක් වැය
කරනවා.ප්‍රචාරය අපි අපේක්ෂා කරන්නේ නැහැ.බදාදා දිනයක මගේ කාර්යාලයට ඇවිත් බලන්න
පන්සල්වලට හා රෝගීන්ට අපි කොච්චර උදව් කරනවාද කියලා.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ
විහාරස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ 1200 ක් වෙන් කළා.මේ මුදල්වලින් ගන්න
පුළුවන් ගොඩනැගිලි ද්‍රව්‍යය පමණයි.ශ්‍රමය ප්‍රදේශයෙන් සොයා ගන්න ඕන.පන්සල ගොඩනගන්න
අපි සැලසුමක් හදනවා. ඒක අනුව වැඩේ කරනවා.වවුනියාවේ පන්සල් 31 ක් තිබෙනවා.භික්ෂූන්
වහන්සේ වැඩ ඉන්න විහාරස්ථාන 28 ක වැඩ ඉවර කළා.ත්‍රිකුණමලයේ පන්සල් 144 ක්
තිබෙනවා.එතනින් 128 කට අපි උදව් කරනවා.අනෙක් ඒවා ගොඩනගන්න අවශ්‍ය ආර්ථික ශක්තිය
ඒවායෙහි වැඩසිටින නා හිමිවරුන්ට තිබෙනවා.දළදා මාලිගාවේ අන්තර් ජාලය ලොව වටා මිලියන
50 ක් පරිහරණය කරනවා.අපි එක රුපියලක්වත් ඉන් ලබා ගෙන නැහැ.විහාරස්ථාන සංවර්ධනය සඳහා
ලක්ෂ 2000 ක් විතර වැය කරනවා.
ප්‍රශ්නය- පෙරහරේ අමතක නොවන සිද්ධි ගොඩක් ඇති නේද?
පිළිතුර- ඇත්තටම කිව්වොත් අපට දළදා පෙරහරට ස්වභාව ධර්මයෙන් ලැබෙන ආශිර්වාදය
කොහොමටවත් අමතක කරන්න බැහැ.අවසන් දවසේ ගෙඩිගේ විහාරයෙන් කරඬුව පිටතට වැඩමවා ඇතා පිට
තැන්පත් කළ ගමන් මොන තරම් අව්ව පායලා තිබ්බත් වැහි පොදක් වැටෙන්න ගන්නවා.දළදා
වහන්සේගේ ප්‍රාතිහාර්ය ඒකයි.මේවා දකින කොට ඇස්වලට කඳුළු එනවා.දවස් දහයක් පෙරහර
පවත්වා අවසන් දවල් පෙරහරින් පස්සේ කරඬුව දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ තැන්පත්
කිරීමට වැඩමවා ගෙන යත්දී හිතට සතුටක් වගේම දුකක් දැනෙනවා.සතුට පෙරහර හො½දින් කළා
කියන එකට දුක. පෙරහර ඉවර වෙනවා නේද කියන එකට.
ප්‍රශ්නය - දින ගණනාවක් පෙරහරේ අඛන්ඩව ගමන් ගනිත්දී වෙහෙසක් එහෙම දැනෙන්නේ නැද්ද?
පිළිතුර- කිසිම වෙහෙසක් ඇඟට දැනෙන්නේ නැහැ.මනසට යම් වෙහෙසක් දැනෙනවා.පෙරහර හරියට කරන
එක ගැන පොඩි තිගැස්මක් හිතේ හැමදාම තියෙනවා.පෙරහර හොඳට ගිහින් එක පාරටම නැවතුණත්
පොඩි බියක් හිතට එනවා. පෙරහරේ යද්දී මගේ දෙපැත්තේ ඉන්නේ විදානවරු, කාරියකරවන
කෝරාළත් ඉන්නවා.ඒ අය රාජකාරි කරුවන්.මුර ආයුධ තියාගෙන ආරක්ෂාවට තවත් පිරිසක්
ඉන්නවා.කොච්චර තාක්ෂණය දියුණුව තිබ්බත් පෙරහරේ යද්දී කිසිම වෙලාවක රේඩියෝ සෙට්
පාවිච්චියට මම යොමු වන්නේ නැහැ.ඒක තමයි සම්ප්‍රදාය පෙරහරේ මොකක් හරි ප්‍රශ්නයක් නම්
විදානේවරු ඒ ගැන සොයා බලා මට වාර්තා කරනවා.විදානේවරු විතරයි ඒ වෙලාවට මට පණිවුඩ
කියන්නේ.අනිත් කාටවත් ළඟට කිට්ටු වෙන්න බැහැ.
ප්‍රශ්නය- මහනුවර ඇසළ පෙරහරට රජයේ දායකත්වය ලැබෙන්නේ කොහොමද?
පිළිතුර- රාජ්‍යය උත්සවයක් ලෙස මහනුවර ඇසළ පෙරහර ගැසට් කරලා තිබෙන්නේ.මේ වෙනුවෙන්
රජය විශාල පිරිවැයක් දරනවා.පොලීසියේ 4000 ක් පමණ ආරක්ෂාව වෙනුවෙන් යොදවනවා.මෙයට
අමතරව ප්‍රවාහනය, ජල විදුලිය, දුරකතන ආදි සියලු ක්ෂේත්‍ර වලට අදාළ පහසුකම් රජය
විසින් ඒ ඒ ආයතන හරහා ලබා දෙනවා.නගරය පිරිසුදු කිරීම ඇතුළු අංශ ගණනාවක් මහනුවර නගර
සභාව මගින් සිදු කරනවා.දළදා මාලිගාව පෙරහරට ලක්ෂ 500 ක විතර මුදලක් වැය කරනවා.
-
අසේල කුරුළුවංශ |