UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විශ්ව ශාන්ති සූත්‍ර අභිමංගල්‍යයෙන්

විශ්ව ශාන්ති සූත්‍ර අභිමංගල්‍යයෙන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුත්ත සෙන්ට්‍රල් සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන ලද ‘විශ්ව ශාන්ති සූත්‍ර’ අභිමංගල්‍යය වැඩසටහන පසුගිය දා නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්විණි.

එහිදී ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයේ සූත්‍ර පිටකය සිංහල භාෂාව ඇතුළු භාෂා 40 කට පරිවර්තනය කර නිර්මාණය කරන ලද ඵභබබචජඥදබපචත.දඥබ වෙබ් අඩවිය පරිශීලනය කිරීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ සිට වැඩම කරන ලද පූජ්‍ය අජාන් සුජාතෝ ස්වාමීන් වහන්සේ විසින් සැදැහැවතුන් වෙත දැනුවත් කරන ලද අතර, වැඩමකරන ලද මහාසංඝරත්නය විසින් එහිදී ධම්මචක්ක පවත්වන සූත්‍රය සජ්ඣායනය කරන ලදී.

එම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, දිවියාගහ යසස්සි නා හිමි, කොළඹ විද්‍යෝදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුළු, ගෞරවනීය මහා සංඝරත්නය සහ මෙහෙණින් වහන්සේලා හා දෙස් විදෙස් විශාල සම්භාවනීය පිරිසක්ද සහභාගි විය.

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]