UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජේතවනාරාම මහා චෛත්‍යය

 

ලොව සුපතළ අනුරපුර මණිමේඛලා ප්‍රාසාදය

අනුරාධපුර ජේතවන දාගැබ ඇතුළු, අක්කර 08කට නොවැඩි භූමිභාගයක් සිසාරා පැතිර පවත්නා නටබුන් අතර නව වන සියවසේ පළමුවැනි සේන රජු ඉදිකළ බැව් සැලකෙන මණිමේඛලා ‘ප්‍රාසාදය’ විශේෂ තැනක් ගනී. මෙයට ‘පටිමාඝරය’ ‘පිළිමගෙය’ යන නම් ද භාවිත කරයි. ජේතවන දාගැබට බටහිර දෙසින් මෙම නිර්මාණය පිහිටා තිබේ. ගඩොල්මුවා ගෝලාකාර වහලක් (අමරාවක්) සහිත වූ වාස්තුවිද්‍යාත්මකව ගෙඩිගේ (ගිඤ්ජකාවසථ) සම්ප්‍රදායට අයත් මෙම පිළිමගෙය නිර්මාණාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර අවධියේ අවසාන කාලයට අයත් ය. ප්‍රතිමාගෘහයෙහි පොළොව මට්ටමේ සිට අඩි 27 ක් උස් වූ ශෛලමය උළුවස්සක් දක්නට තිබේ. ප්‍රවේශ ශාලාව පියමන්කර යන කෙනෙකුට හාත්පසින් වට වූ ප්‍රදක්ෂිණා පථයක් සහිත ඇතුළුගර්භය දැකගත හැක. ශිලාමය උළුවස්ස, ගර්භපාත්‍රය සහ පද්මාසනයේ ප්‍රමාණයන්ට අනුව මෙහි සුවිසල් හිටි බුදු පිළිමයක් තිබෙන්නට ඇත. මෙම හිටි පිළිමය අඩි 37 ක් පමණ උස්ව තිබෙන්නට ඇතැයි ගණන් බලා ඇත.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]