|
සෝමවතී මහ සෑ රදුන් පිදීමේ විශේෂ පුණ්‍යමහෝත්සවය
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති
පොළොන්නරුවේ (ඉපැරණි රුහුණේ) සුපිහිටි ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා පොළොන්නරුවේ සිට
උතුරු දෙසට කිලෝ මීටර් 40 කට දුරින් සේරු නුවරට ආසන්නව මහවැලි ගඟ දෙසට බස්නාහිරින්
(ඉපැරණි මහවැලි ගඟට නැගෙනහිර දෙසින්) පිහිටා ඇත. ජිනකාලිමාලි ,ධාතුවංශ ආදි ඓතිහාසික ග්‍රන්ථවල එන තොරතුරු අනුව සෝමවතී දේවිය හා ගිරි
අභය කුමරු මෙම සෝමපුරයට පැමිණෙන විට මිහිඳු මාහිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ (60)
හැට නමකින් හා සංඝාවාස 60 කින් සමන්විතව දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබූ බවත්
එම සංඝාවාස හැටක නටබුන් අද ද සෝමවතී චෛත්‍ය රාජයාට නැගෙනහිරින් අඩි 1000 කින් එහා
ඇති ප්‍රාකාරයෙන් පිටත වැලිමළුවේ දක්නට ඇති අතර අභිලේඛන අනුව පශ්චිම නාගාරාමය (රජින
නක අරබ) නමින් සඳහන් වන අයුරින් ඉතා දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබිණ.
ඒ වන විට භික්ෂූන් වහන්සේ හැට නමකින් සමන්විත පශ්චිම නාගාරාම නම් විහාරයෙහි දාගැබක්
නොතිබු හෙයින් එම අඩුව සම්පූර්ණ කිරීමට සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු මිහිඳු මා
හිමියන්ගෙන් ලැබුණු අවසර ඇතිව චෛත්‍යරාජයා ඉදිකිරීමට පටන් ගත්හ.
ඉතිරිය»
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා
පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය
|
|
|
|
|
|
|