වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන
නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 16:
සියලු කෙලෙසුන්
දුරුකළ සේක
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
" දුක ගැන නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම ගැන නොදැනීම, දුක නැති කරන
මාර්ගය ගැන නොදැනීම, පෙර ජීවිතය ගැන නොදැනීම, අනාගත ජීවිතය නොදැනීම, මෙලොව පරලොව
ගැන නොදැනීම, හා පටිච්ච සමුප්පාදය කියන මේ කරුණු අට ගැන අවබෝධය නැතිකමට කියන්නේ
අවිද්‍යාව කියලා."
ඔත්තප්ප කියන්නෙ ළාමක වූ අකුසල ධර්මයන්ට දක්වන භයයි. එනම් පවට ඇති ලජ්ජාවයි. භයයි.
මෙකී ලාමක පාපී අකුසල ධර්මයන්ට දක්වන ලජ්ජා ගතිය පවට බිය නිසා කියන්නේ ‘අරහං’
කියලයි. දස ක්ලේෂයන් සහිත කෙලෙස් එක්දහස් පන්සියයක් පමණ කෙලෙස් මළකුණු සියල්ලක් ම
සෝවාන් මාර්ග ඥානයෙන්, සකෘදාගාමී මාර්ග ඥානයෙන්, ආනාගාමී මාර්ග ඥානයෙන් අරිහත්
මාර්ග ඥානයෙන්, සම්පූර්ණයෙන් ම සෝදා හල නිසා, නැවත නූපදින බවට පත්කළ නිසා තථාගත
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ‘අරහං’ ගුණයෙන් සමන්වාගත යැයි කියනවා.
තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළේ පාලි වචනවලින්. සිංහල භාෂාවෙන් නෙමෙයි. ඉතින් ඒක
නිසා පාලි භාෂාවෙන් කියලා පසුව සිංහල භාෂාවෙන් කියන්න.
එතකොටයි ඒක නිවැරදි අර්ථයක් වෙන්නේ. දැන් අවිද්‍යාව නිසා හට ගත්තා සංස්කාර, සංස්කාර
නිසා හටගන්නවා විඤ්ඤාණය, විඤ්ඤාණය නිසා හටගන්නවා නාම රූප, නාම රූප නිසා හටගන්නවා
සළායතන සළායතන, නිසා හටගන්නවා ඵස්සය, ඵස්ස නිසා හටගන්නවා වේදනාව, වේදනාව නිසා
හටගන්නවා තණ්හාව, තණ්හාව නිසා හටගන්නවා උපාදානය. උපාදානය නිසා හටගන්නවා භවය, භවය
නිසා හටගන්නවා ජාති, ජාති නිසා හටගන්නවා ජරාව, මරණය, දැන් අපි ඉස්සෙල්ලා මේ වචනවල
තේරුම් ඉගෙන ගනිමු.
දුක් ගැන නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම ගැන නොදැනීම, දුක නැති කරන
මාර්ගය ගැන නොදැනීම, පෙර ජීවිතය ගැන නොදැනීම, අනාගත ජීවිතය නොදැනීම, මෙලොව පරලොව
ගැන නොදැනීම, හා පටිච්ච සමුප්පාදය ගැන නොදැනීමයි.
මේ කියන කරුණු අට ගැන අවබෝධය නැතිකමට කියන්නේ අවිද්‍යාව කියලා. එතකොට යම් දවසක ද
රහත් වෙන්නේ. ඒ රහත් වෙන දවසට තමයි පින්වතුනි මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ම නැති
වෙන්නේ. එහෙනම් රහත් වෙනකම් අවිද්‍යාව තියෙනවා. එහෙනම් මේ කරුණු අට ගැන නොදැනීම
තමයි අවිද්‍යාව ලෙස කෙටියෙන් ම ගත්තේ.
“සංඛාර” කියනකොට සංස්කාර කියලා සිංහලයෙන් කියනවා. මේ සංඛාර කියන වචනය යටතේ තේරුම්
දහයක් තියනවා. සමහර වෙලාවට මේ පින්වතුන් අහලා ඇති පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර,
ආනෙඤඡහි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, සංඛත සංඛාර, අභිසංඛත සංඛාර,
අභිසංඛරණ සංඛාර, ප්‍රයෝගාභි සංඛාර දහයක් පිළිබඳව. පුඤ්ඤාභි සංඛාර කියන්නෙ කුසල
චේතනාවන්ට, දානමය, සීලමය, භාවනාමය වශයෙන්, ඒ කියන්නේ දන් දෙන අවස්ථාවේ ඇතිවෙන කුසල
චේතනා . සිල් රකිනකොට, සිල් සමාදන් වෙනකොට ඇතිවෙන කුසල චේතනා. භාවනා කරන කොට, ඇතිවන
කුසල් චේතනා කියන කාමාවචර කුසල චේතනා අටයි රූපාවචර කුසල චේතනා පහයි. මේ කියන චේතනා
දහතුනට අපි කියන්නේ පුඤ්ඤාභි සංඛාර කියලා.
කාමාවචර කුසල චේතනා අට මොනවාද?
සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුත්ත අසංකාරික කුසල් සිත, හා සසංකාරික කුසල් සිත, යනුවෙන්
කොටස් දෙකක් තිබෙනවා. සතුටින් යුතු, නුවණින් යුතු කාගෙන්වත් උනන්දු කිරීමක් නැතිව
අප තුළ ඉබේ පහළ වන සිත තමයි, සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත කියන කුසල් සිත. ඊට
පස්සේ සසංකාරික කියන්නේ තවත් කෙනෙකුගේ උනන්දු කරවීමක් නිසා ඇතිවන සිත. ඒ වගේ ම ඤාණ
විප්‍රයුත්ත නුවණින් තොරව ඇතිවෙන්න පුළුවන් කුසල් සිත්, උපේක්ෂා සහගත මධ්‍යස්ථ
වේදනා සහගත කුසල් සිත් උපදිනවා. ඒ වාගේ ම නුවණින් යුතුව, නුවණින් තොරව කුසල් සිත්
උපදිනවා. මේ කියන කුසල චේතනා අට පහළ වෙන්නේ දන්දීම නිසා, දැන් අපි උදාහරණයක් ගෙන
බලමු. දානයක් පූජා කරනවා. දානයේ මුල් චේතනාව, මැද චේතනාව, අග චේතනාව වශයෙන් චේතනා
තුනක් තියෙනවා. පූර්ව චේතනා, මුඤ්චන චේතනා,අපර චේතනා කියලත් තුනක් තියෙනවා. එතකොට
මුලිනුත් හොඳ හිතින්, මැදත් හොඳ හිත,අගත් හොඳ හිත තියාගෙන මුල, මැද, අග පිරිසුදු
චේතනාවෙන් දානය පූජා කරන කොට එතන ඇතිවෙන්නේ හොඳ කාමාවචර කුසල චේතනා. මෙන්න කුසල
සංස්කාර, ඒවාට අපි කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා.
යමෙක් භාවනා කරනවා, අනාපානාසති භාවනා කර්මස්ථානයක් ලෙස අරගෙන. භාවනාව වඩාගෙන යනකොට
මේ භාවනා නිමිත්ත පහළ වෙලා. ඒ නිමිත්තෙන් ප්‍රථම ධ්‍යාන, දුතිය ධ්‍යාන, තතිය
ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන දක්වා හිත දියුණු වෙනවා.
මේ සදහන් කරන චතුත්ථ ධ්‍යාන උපදවා ගැනීමේ දී මේ ධ්‍යාන කුසල්වලට කියන්නේ
පුඤ්ඤාභිසංඛාර කියලයි. අපුඤ්ඤාභි සංඛාර කියා කියන්නේ අකුසල චේතනා. ලෝභ සිත නිසා
හටගන්න අකුසල් චේතනා, ද්වේශ සිත නිසා හටගන්න අකුසල චේතනා, මෝහ සිත නිසා හටගන්න
අකුසල් චේතනා සමුදායට ම අප කියන්නේ මොකක් ද? අපුඤ්ඤාභි සංඛාර කියා. ආනෙඤ්ජාභි සංඛාර
කියා කියන්නේ නොසැලෙන කුසල චේතනා. ඒ මොනවා ද? අරූපාවචර ඒ කියන්නේ විශේෂයෙන් ම කසිණ
භාවනාවෙන් ලැබෙන ධ්‍යානයි. ප්‍රධාන වශයෙන් කසිණ භාවනාව වඩලා ඒවායින් චතුත්ථ ධ්‍යානය
දක්වා පැමිණ, චතුත්ථ ධ්‍යානයෙන් නැගිටලා ඒ පතුරුවාගත්ත කසිණ නිමිත්ත දිහා බලාගෙන
ඉන්නවා. පතුරුවා ගත්ත කසිණ නිමිත්තෙ කඩතොළු තැන් හිස් අවකාශ තැන්. ඒවාගේ තැනකට හිත
තියාගෙන ‘අනන්තෝ ආකාසෝ’ කියා මෙනෙහි කරද්දී ‘ආකාසානඤ්චායතන’ නම් කියන අරූපධ්‍යානය
උපදිනවා.
එහෙම අරමුණු කරගෙන ඒ ආකාශයේ අනන්තයි කියා බැලුව සිතත් අනන්ත නිසා. ඒ සිතත් අනන්තයි
කියා සිතන විට විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසාඤ්ඤායතන යන
අරූපධ්‍යාන හතර උපදවා ගන්නට පුළුවන්. ආරූපධ්‍යාන කුසල් නිසා ඇතිවන චේතනාවට කියන්නේ
ආරූපාවචර කුසල චේතනා කියලා. එසේ නම් දැන් අපට මතකයි පුඤ්ඤාභිසංඛාර කියා කියන්නේ
කාමාවචර රූපාවචර කුසල චේතනා. අපුඤ්ඤාභි සංඛාර කියා කියන්නේ අකුසල චේතනා. ආනෙඤ්ඥාභි
සංඛාර කියා කියන්නේ අරූපාවචර කුසල චේතනා.
කාය සංඛාර, එනම් කාය සංඛාර කියා කියන්නේ කාය කර්ම ‘කාය සංචේතනා කාය සංඛාරො’ කාමාවචර
කුසල වේතනාවන්ගෙන් අප කාය ක්‍රියා කරනවා. දැන් බලන්න අප දානයක් දෙනවා. මේ දානය
දෙන්නේ දානය පූජා කරන්නේ අපේ අත්දෙක වෙහෙසවලා. අප අතින් දානය පූජා කරන කොට කාය
කර්මය. මේ කාය කර්මය පහළ වුනේ කුසල චේතනාව නිසා මොකද? මේ කර්මයට අප කියන්නේ කාය
විඤඤත්ති රූපය කියලයි. ඉතින් මේවා ඉස්සරහට මම විස්තර කරලා දෙනවා. සම්මා සම්බුද්ධ
කියන ගුණය යටතේ විස්තර කරන්න සිද්ධ වෙනවා. |