|
|
දහයියා ඇතුළු
ද්‍රව්‍යවලින් නිර්මාණය කළ ප්‍රතිමා වහන්සේ |
|
|
|
වාරියපොල තිස්සව
නුවරකන්ද රජ මහා විහාරය
දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා පලා ආ වළගම්බා රජු මෙම ස්ථානයේ සැඟව සිටි බව ලේඛනවල
සඳහන් වේ. මෙහි දක්නට ඇති පිළිම වළගම්බා රජු විසින් කරවන ලද බව සනාථ වී තිබේ. මෙම
පුදබිමේ දී දැකගත හැකි සුවිශේෂී නිර්මාණයක් නම් දහයියා, මී පැණි, ගොරක සහ ගස්වල
පොතු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.
නුවරකන්ද රජ මහා විහාරය පිහිටා ඇත්තේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්
තිස්සව ගම්මානයේ ය. මෙම විහාරය දර්ශනීය කන්දක් මත පිහිටා තිබීම නිසා නුවරකන්ද නමින්
හඳුන්වා ඇත.විහාර භූමිය පුරා විසිරී ඇති පැරණි ගොඩනැඟිලි දකින විට මෙය අතීතයේ දියුණු
විහාරස්ථානයක් වශයෙන් තිබී ඇති බව පැහැදිලි වේ. මෙම විහාරස්ථානය ඉදිකර ඇත්තේ
දේවානම්පියතිස්ස රජුගේ සොයුරු සූරතිස්ස රජු විසිනි.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25
බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන
දා බදාදා ය.
මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|