සුබ පැතුම
දුරුතු සඳ නැගේ, පෙරදිග නිල් අහසේ
සමන්ගිර හිසේ සම්බුදු සිරි පහසේ
ගංඟා කොමළියන් සිව් දෙසගැලුවා සේ
හසරැළි නැගේවා ! වසරක් ලැබුවාසේ
ඇත්ගාලේ නන්දසිරි හිමි, ගම්පල
මාරයා
වන අරණ සුන්දර යි
බණ මඩුව නිසසල යි
බවුන් වඩති පිනැති උතුමො
විතක්ක විචාර පීති සුඛ
ඒකග්ගතා දැහැන් සිතට
ජෝ. නවරත්න
සඳලංකාව
නිවැරැදි මඟ
දිවි මඟ නිතර සරු වීමට තිබෙන මඟ
නොදැන ගෙනෙයි සමහරු ගත කරන රඟ
සිල්වත් බව යි විය යුතු ජීවිතයේ මඟ
සම්බුදු පියාණන් දෙසු දම් අමා ගඟ
පාලිත බණ්ඩාර
ඇයි මේ දුවන්නේ?
දිව්වත් සසරෙ, සීමාවක් නැතිව පුරා
නැත, ඔබ ලබන්නේ සතුටක්, සසර පුරා
පාදා ගතොත් මඟනිවනට විරිය දරා
ඔබ නැත දුවන්නේ, නැවතත් සසර පුරා
සුදත් විජේසුන්දර (ඇමරිකා එක්සත් ජනපදය) |