පරිසර සුන්දරත්වය
අප රටේ මධ්‍යම කඳුකරයේ නිරිත දිශාවට බරව පිහිටා ඇති සමනල කන්ද උස මට්ටමින් සිව්වන
තැන ගන්නේ ය. බෑණ සමනොල, කුළුදිය පර්වතය, ගවරවිල, යකා ඇඬූගල, සමනල දෙතනියගල,
වර්ණගල, සප්ත කන්‍යා, කඳුයාය යන කඳුවලින් සමන්විත කඳු වලල්ලකින් වට වී ඇත.
ඒ කඳු පන්තියේ ඇති පහත් නිම්නයක සිට එකවර මෙන් ඉහළට නැගී සිටීම නිසාත් එහි ඇති
පිරමීඩාකාර හැඩය නිසාත් මෙම සමනල කන්ද විශේෂිත වූ මෙන් ම ඉතා චමත්කාර දර්ශනයකි.
මහවැලි, කැලණි, කළු, වලවේ යන සිව් මහා ගංගාවන් ද දිය ඇලි ගණනාවක් ද, සිරිපා අඩවිය
නිජබිම කරගෙන ගලා බසී.
නල්ලතන්නියට කිලෝමීටර් දෙක හමාරක් පමණ මෙහායින් හමුවන මෝවිනි ඇල්ල ‘මෝහිණී ඇල්ල'
නමින් ද හැඳින්වේ. සාම චෛත්‍යයේ සිට ඉහළ කඳුවැටිය දෙස බැලීමේ දී තවත් දිය ඇල්ලක්
දෙනෙතට හසු වේ. එම ඇල්ල ‘යකා ඇඬූ ඇල්ල යැයි විරුදාවලී ලබයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවීම නිසා ප්‍රදේශාධිපති යක්ෂයෙකු හඬා
වැටෙන්නට විය. හඬා වැටීමෙන් ඔහුගේ දෙනෙතින් රූරා හැලුණ කඳුළුවලින් මෙම දිය ඇල්ල
පෝෂණය වන්නේ යැයි පබැඳුන ජන කතාවක් ද පවතී.
සීත ගඟුල පසු කරත්ම තවත් දිය ඇලි ගණනාවක් ම ඇද හැලෙනු ඇසුණත් ගනව වැඩුණ වනබිම ඒවා
මිනිස් නෙත්වලින් වසා ආරක්ෂා කරන්නේ යැයි හැඟේ.
අප රටට ආවේණික විවිධ පක්ෂීන්, ක්ෂිරපායි සතුන්, උරගයන් මෙන් ම විවිධ සුවඳවත් මල්
වර්ග මෙන් ම විවිධ ඖෂධ වර්ග ගණනාවක් ද විවිධ වටිනාකම් සහිත මාණික්‍යයන් ද සහිත මෙම
ශ්‍රී පාද අඩවිය ජෛව විවිධත්වයකින් යුත් සොබා දහමේ අපූර්ව නිර්මාණ දායාදයකි.
සමනල ශිඛරය පිළිබඳව ඉතිහාසය රාමායනය යුගය දක්වා ද විහිදී යන බව සඳහන් වේ.
- දීපා පෙරේරා |