UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බද්දේගම පුරවරයට පහන් ටැඹක් වූ කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමය

බද්දේගම පුරවරයට පහන් ටැඹක් වූ කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාමය

" වසර සියයකටත් වඩා ඉපැරණි කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම අමරවංශ පිරිවෙන් විහාරස්ථානය සැමට ම ආශිර්වාදය සලසන පූජනීය ස්ථානයකි."

රුහුණු පුරවරයේ ගාලු දිස්ත්‍රික්කයේ සුන්දර ඓතිහාසික බද්දේගම නගර මධ්‍යයේ පිහිටා ඇති, වසර සියයකටත් වඩා ඉපැරණි කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම අමරවංශ පිරිවෙන් විහාරස්ථානය සැමට ම ආශිර්වාදය සලසන පූජනීය ස්ථානයකි.

කුඩා ආවාස ගෘහයකින් කීඹියේ ශ්‍රී සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කරන ලද එම විහාරස්ථානය වර්තමානයේ සකල විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ රමණීය පින් බිමක් බවට පත්ව තිබීම සැදැහැවත් බෞද්ධයන්ගේ චිත්තප්‍රසාදයට හේතු වී ඇත. බද්දේගම නගරයේ සිට මීටර් 500 ක් තරම් දුරකින් කුඩා කඳු ගැටයක මෙම විහාරස්ථානය පිහිටා තිබීමෙන් බද්දේගම ප්‍රදේශයේ ම සුන්දරත්වය වැඩි කිරීමට සමත් ව තිබේ.

ශ්‍රී සුධර්මාරාමය "වැල්ලෙතොට පන්සල" යනුවෙන් ද පැරැන්මෝ හැඳීන්වූහ. අතීතයේ ලංකාව ආක්‍රමණය කළ සතුරන්ට එරෙහිව සටන් වැදුණු සිංහලයන්ට බත් දුන් ගම - බද්දේගම වූ නිසාත්, වාද අතර බද්දේගම වාදය ඉතා ප්‍රකට වාදයක් වූ නිසාත් බද්දේගම ඓතිහාසික වූත්, ප්‍රසිද්ධ වූත් නගරයකි.

ඒ තරමට ප්‍රකට වීමට බල පෑ තවත් එක් කරුණක් වන්නේ භික්ෂු ශාසන වංශ කතාවේ මහා යතිවරයන් වහන්සේලා රැසක් බද්දේගම පුරවරයෙන් බිහි වීමයි උන්වහන්සේලාගෙන් බොහෝ ප්‍රමාණයක් බද්දේගම ශ්‍රී සුධර්මාරාමයේ වැඩ සිටීම මෙහි ඓතිහාසිකත්වයට කදිම සාක්ෂ්‍යයකි. කීඹියේ ශ්‍රී සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, අක්මීමන සිරිනිවාස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, විද්‍යාලෝක පරිවේණාධිපතිත්වය හෙබ වූ රාජකීය පණ්ඩිත වැලිවිටියේ පුඤ්ඤසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, අගලියේ ජනානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, විද්‍යොදය පරිවේණාධිපතිත්වය හෙබ වූ රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අකුරැටියේ අමරවංශ නායක ස්වාමින් වහන්සේ, රාජකීය පණ්ඩිත අකුරැටියේ නන්දසාර නායක ස්වාමින් වහන්සේ, බද්දේගම බුද්ධසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ යන ස්වාමින් වහන්සේලා මෙම පින් බිමෙහි අධිපතිත්වය හෙබ වූහ. වත්මන් අධිපතිත්වය දරණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු පළාතේ උප ප්‍රධාන සංඝ නායක බද්දේගම සිරිරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මත විශාල දියුණුවක් ලබා ඇත.

 බද්දේගම පඤ්ඤාසාර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් අධිපතිත්වයට පත් වන, වත්මන් විහාරාධිපති බද්දේගම සිරිරතන නාහිමි යුගයේ විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ලෙස හැඳීන්විය හැක. 1986 දී තම ගුරු දේවයන් වහන්සේ නමක වන රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අකුරැටියේ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම සඳහා ශ්‍රී අමරවංශ පිරිවෙණ ආරම්භ කිරීම නිසා විහාරස්ථානයෙන් ලැබුණු ආලෝකය තවත් වැඩි විය. මූලික පිරිවෙණක් වශයෙන් ආරම්භ කොට එය කෙටි කලකින් මහ පිරිවෙණක් බවට පත් කිරීමට බද්දේගම සිරිරතන නාහිමියෝ දක්ෂ වූහ. ශාසනාභිවෘද්ධිය විෂයෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තැනීමත්, ප්‍රදේශයේ සැදැහැතියන්ගේ ආගමික සාමාජික සේවාව විෂයෙහිත් මෙමගින් ලැබෙනුයේ විශාල දායකත්වයකි. එසේ ම ප්‍රදේශයේ බොදු දරුවන්ගේ ධර්මඥානය වර්ධනය කිරීම සඳහාත්, ගුණයෙන් පිරිපුන් සදාචාරවත් දරු පරපුරක් තැනීම සඳහාත් ශ්‍රී සෝභිත දහම් පාසල ආරම්භ කොට පවත්වාගෙන යාමෙන් සිදු කෙරෙනුයේ අමිල සේවාවකි.

විහාරස්ථානයේ අඩුපාඩුවක් ව පැවති බොහෝ විහාරාංග අලුතින් ඉදිකිරීමටත්, අබලන්ව පැවති ඉපැරණි විහාරාංග ප්‍රතිසංස්කරණය කිරීමත් නිසා විහාරස්ථානයේ සුන්දරත්වය වැඩිවීමට හේතු වී ඇත. විශේෂයෙන් නව ආවාස ගෘහයක්, දෙමහල් පුස්තකාලයක්, ශිෂ්‍ය නේවාසිකාගාරයක්, දෙමහල් පිරිවෙන් අධ්‍යාපන ගොඩනැගිල්ලක්, දාන ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් විහාර මන්දිරය, චෛත්‍යය, බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමටත් සිරිරතන නාහිමියෝ කටයුතු කර ඇති අතර විශාල ධනයක් වැය කරමින් දැකුම්කළු වාහල්කඩක් ඉදිකර එය නිරාවරණය කිරීමට මේ වන විට කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී සුධර්මාරාමය ආගමික, අධ්‍යාපනික සාමාජික ආදී බොහෝ සේවාවන් සිදුකරන විහාරස්ථානයක් ලෙස ප්‍රදේශයේ සෑම දෙනාගේ ම ඉමහත් ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒ සඳහා බද්දේගම සිරිරතන නායක ස්වාමින් වහන්සේටශ්‍රී අමරවංශ නියෝජ්‍ය පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත මැටිවිලියේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල ශක්තියක් වී ඇත.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]