වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව
අරහාදී
සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 12
කෙලෙස් සතුරන්
නැති කළ සේක
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
" අපගෙන් යමක් පැහැර ගන්නේ සතුරෝ. ඒ වගේ අපේ කුසල් සිත, අපේ හොඳ හිත, අපේ පින් හිත,
අපේ ශ්‍රද්ධා සිත පැහැර ගන්නවා. කවුද? අශ්‍රද්ධාවත් සතුරා. අපේ වීර්යය පැහැර ගන්නවා
කවුද? කුසීත නමැති සතුරා. අපේ ඒකාග්‍රතාවය පැහැර ගන්නවා. උද්ධච්චය නමැති සතුරා. ඔය
විදිහට ගත්තහම කෙලෙස් සතුරෝ තමයි අප විනාශ කරන්නේ."
එක් එක් ඉතිහාස කතාවන් හි සඳහන් පරිදි අපේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා පිලින්දවච්ඡ මහ
රහතන් වහන්සේ උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට කතා කරන්නේ වසලයා කියා යි. වසලයා කියා
කතා කරනවිට මිනිසුන් කළකිරෙනවා. ඉන් පසුව චෝදනාවක් ලෙසින් මේ කාරණය බුදුපියාණන්
වහන්සේ ළඟටත් ආවා. තථාගතයන් වහන්සේ මහා සංඝ රත්නයට මතක් කළේ ‘ඔය පිලින්දවච්ඡ මීට
ආත්ම පන්සීයක් එනම් එක දිගට ම ආත්ම පන්සීයක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙනවා. ඒ
බ්‍රාහ්මණ තේජස නිසා ඒ කාලයේ මිනිස්සුන්ට කතා කර තියෙන විදිහ ‘වසලය, වසලයා’ කියා
යි. ඒ අතීත පුරුද්ද තමයි අදටත් එන්නේ. ඒවා කෙලෙස් සිතෙන් මතුවෙන වචන නෙමෙයි
පුරුද්දට කියවෙන වචන යි.
දැන් එහෙනම් බලන්න, බුදුපියාණන් වහන්සේත් එවැනි වචනයක් කිව්වොත් කොහොම වෙයි ද?
බුදුරජාණන් වහන්සේට ඒ වාගේ සසර පුරුදු නැහැ. ඒ වාගේ සසර පුරුදු තිබුණොත් මිනිස්සු
කළකිරෙනවා. එතකොට මිනිස්සු ප්‍රසාදයට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ
සසර පුරුදු නැති කළා.
ඒ වාගේ ම එක විහාරයක ලොකු ස්වාමීන් වහන්සේ නමකට දානයකට ආරාධනාවක් ලැබුණා. දානයට
ලොකු ස්වාමීන් වහන්සේට වඩින්නට බැරි නිසා දායක මහත්තයාට භාර දුන්නේ පොඩි ස්වාමීන්
වහන්සේ වඩම්මවාගෙන යන්ට කියායි. දායක මහත්තයාගේ හිතේ කිසි පැහැදීමක් නෑ. ආරාධනා කළේ
ලොකු ස්වාමීන් වහන්සේට. අද කාලෙත් ඇතැම් විට එහෙම සිදුවනවා. නේ? ලොකු ස්වාමීන්
වහන්සේ පන්සලේ වැඩ ඉන්නවා නම් දානය අරගෙන යනවා. පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නවා නම්
යන්නෙ නෑ.
ඉතින් ඒ වාගේ, ඒ දායක මහත්තයාට කිසි හිතේ සතුටක් නෑ. පොඩි හාමුදුරුවෝ වඩම්මවගෙන
යනවා. පොඩි හාමුදුරුවෝ වඩිනකොට වළවල් එහෙම තියනවා. ඒවායින් පැන පැන යන්නේ. ටික
දුරක් ගියා. දායක මහත්තයා මෙහෙම හිතනවා. ‘අයියෝ කිසිම සංවරයක් නෑ. කිසිම පැහැදීමක්
නෑ හිතේ’ නම්. පැන පැන යනවා නම් මම පිරිකර පූජා කරන්නේ නෑ මම දානය විතරයි දෙන්නේ’
ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට පේනවා දායක මහත්තයාගේ
හිත. ඊට පස්සෙ මොකද කරන්නේ? පොඩි වළක් හම්බ වෙලා බැහැල යනවා. මේ දායක මහත්තය ‘අනේ
මන්දා දැන් මේ පොඩිවළක් තියනකොට බැහැල යන්න ඕනේ නෑනේ. ඒක උඩින් ම ගිය හැකි නේ.’ ඊට
පස්සේ අහනවා ‘ඔබ වහන්සේ මෙච්චර වෙලා එක එක වළවල්වලින් පැන පැන ගියේ. මේ පොඩි වළෙන්
බැහැල ආවේ මොකද?’ ‘ඉතින් දායක මහත්තයා, මම ඔය වළෙනුත් පැන්නොත් මට දානේ ටිකත් නැති
වෙනවා නේ’ කිව්වා. අන්න ඒ වෙලාවේ තේරුම් ගත්තා එහෙනම් උන්වහන්සේට හිත කියවන්න
පුළුවන් කියලා. රහතන් වහන්සේ නමක්. අර බලන්න සසර පුරුදු ඒ. සසර පුරුදු කරගත්ත දේවල්
තමයි රහත් වුණත් පවතින්නේ. අපට ඒක නිසා රහතන් වහන්සේලාට නැති ගුණයක් බුදු පියාණන්
වහන්සේට තියෙනවා වාසනා සහිත සියලුම ක්ලේශයන්ගෙන් අත මිදුණ නිසා.
දෙවෙනි කාරණාව තමයි ‘අරීනං හතත්තා ඉතිපි අරහං’ කෙලෙස් සතුරන් නැසූ නිසා. කෙලෙස්
කියා කියන්නේ සතුරෝ. දැන් අපගෙන් යමක් පැහැර ගන්නේ, සතුරෝ. ඒ වගේ අපේ කුසල් සිත,
අපේ හොඳ හිත, අපේ පින් හිත, අපේ ශ්‍රද්ධා සිත පැහැර ගන්නවා. කවුද? අශ්‍රද්ධාවත්
සතුරා. අපේ වීර්යය පැහැර ගන්නවා කවුද? කුසීත නමැති සතුරා. අපේ ඒකාග්‍රතාවය පැහැර
ගන්නවා. උද්ධච්චය නමැති සතුරා. ඔය විදිහට ගත්තහම කෙලෙස් සතුරෝ තමයි අප විනාශ
කරන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ, කෙලෙස් සතුරන් සියල්ලක් ම නැති කළා.
බුදුරජාණන් වහන්සේ නැති කළ කෙලෙස් සතුරෝ ප්‍රධාන වශයෙන් දහයකි. ලෝභ, දෝස, මෝහ, මාන,
දිට්ඨි, විචිකිච්ඡා, ථින,මිද්ධ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන කෙලෙස් දහයයි.
ලෝභය කියන්නේ මොකක් ද? ලෝභය කියා කියන්නේ ඇලීම, ‘ලෝභෝ ලුබ්භනා ලුබ්භිතත්තං’ යමකට
ඇලෙනවා ද ඇලෙන ස්වභාවයත් වෙනවා ද? ඇලෙන ආකාරයක් හිතේ ඇතිවෙනවා ද? ඒක තමයි ලෝභය.
බුදුරජාණන් වහන්සේ ලෝභයට කියන සමාන වචන සියයක් දේශනා කළා. ‘යෝරාගෝ, සරාගෝ, නන්දි,
නන්දිරාගෝ, ඉච්ඡා, මුච්ඡා, අඣොසානං, ගේදෝ, පළිගේදෝ ආදී වශයෙන් ඒවා විස්තර වෙනවා. ඒ
කියන්නේ අපේ සිතේ කෙලෙස් ඇතිවෙන විදිහ. ලෝභය ආදී ඇතිවෙන විදිහ. යමකට ආසා කරනවා නම්,
ඇලෙනවා නම්, බැඳෙනවා නම්, ගැට ගැසෙනවා නම් ලෝභය. ඒ වගේ ම අපි රූප දිහා දැකලා ඇලෙනවා
නම් රූප ආශාව. කනෙන් යමක් අහල ඇලෙනවා නම් ශබ්ද ආශාව. නාසයෙන් යමක් දැනිලා ඇලෙනවා
නම් ගන්ධ ආශාව. දිවට යමක් දැනිලා ඇලෙනවා නම් රස ආශාව. ස්පර්ශයට යමක් දැනිලා ඇලෙනවා
නම් ස්පර්ශ ආශාව. ඔය විදියට එක එක ආකාරයේ ආශා තෘෂ්ණා තමයි අප තුළ පවතින්නේ. මේක
තමයි ලෝභය මූල සිත් කියලා කියන්නේ. ලෝභය මුල්වෙලා හටගන්න සිත් කීයක් තියෙනවා ද?
අටක් තියෙනවා. අප ඒවාට කියනවා ලෝභ මූල සිත් කියලා. ලෝභය, දිට්ඨිය සමඟ වැඩ කරනවා.
සමහර වෙලාවට ලෝභය මානය සමඟ වැඩ කරනවා. සමහර වෙලාවට ලෝභය තනිවම වැඩ කරනවා. දැන්
බලන්ට අප ආත්ම දෘෂ්ඨියෙන් ඒ කියන්නේ මගේ කියන මේ ආත්මදෘෂ්ඨියෙන්, මම තමයි මෙය කරන්න
ඕන. මම තමයි මේක කරන්නෙ කියලා ආශාව ඇති කර ගන්නවා. ආත්ම දෘෂ්ටියෙන් එහෙම තමයි ලෝභ
දිට්ඨිය වැඩ කරන්නේ. මම විතරයි මේක දන්නෙ කියලා මාන්නය ඇති කරගන්නවා ලෝභයත් සමඟ
මානය ඇති වෙනවා. අනෙක් වේලාවට දිට්ඨියෙන්, මානයෙන් තොරව ඇලීම ඇති කරගන්නවා පිරිසුදු
ලෝභය.
පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ
දොළොස් වන කොටස මෙසේ පළවේ. මෙහි දහතුන්වන කොටස ජනවාරි 01 වන දා දුරුතු පුර පසළොස්වක
පෝදා පත්‍රයේ පළවේ. |