|
|
විහාර මන්දිරය |
|
|
|
අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ මූලස්ථාන මහා විහාරය
කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාමය
ජය ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීම සහ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය
විවෘත කිරීම 20 වනදා
කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ බෝම්බුවල නම් පෞරාණික ග්‍රාමයේ සුපිහිටි ශ්‍රී
සුබෝධිරාජාරාම මහා විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත ඓතිහාසික
වටිනාකමින් යුක්ත සිද්ධස්ථානයකි. එම විහාරස්ථානය වසර 200 කට පමණ ආසන්න ඉතිහාසයකට
නෑකම් කියයි.
එහි ඉදිකර ඇති සියලු ගොඩනැගිලි වසර 100 ඉක්මවා ඇත. ඒ අතර විහාර මන්දිරය නුවර යුගයේ
චිත්‍ර සම්ප්‍රදාය ගුරු කොට නිර්මාණය කොට ඇත. තෙමහල් ධර්මශාලා මන්දිරය කළු ගලින් ම
නිර්මාණය කර ඇති අතර එය ප්‍රදේශයේ දක්නට ලැබෙන ඉතා විශිෂ්ට නිර්මාණයකි. මෙම
විහාරස්ථානය ඓතිහාසික වශයෙන් හා ශාසනික වශයෙන් වැදගත්වීමට ප්‍රධාන හේතුව වන්නේ
ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත් අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශවය 1900 වසරේදී මෙම
ස්ථානයේදී ආරම්භ වීමයි. කළුතර, ගාල්ල, කොළඹ, මීගමුව යන පළාත්වලින් ස්වාමීන්වහන්සේලා
34 නමක් සහභාගි වී ආරම්භ කරන ලද එම නිකාය වර්තමානය වන විට පළාත් සංඝ සභා 9ක් රට
පුරා ව්‍යාප්තව විහාරස්ථාන 500 කට ආසන්නව ස්වාමීන් වහන්සේලා 1500 ක් පමණ වැඩවාසය
කරති.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි.
27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
26 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.
|
|
|
|
|
|
|