|
ධර්ම දේශනාව:
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
නිර්දෝෂී උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධා කරන අයට විඳීමට
සිදුවන බව දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත්,
ඒවායේ විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳුමට සිදුවන බව අවධාරණය කර ඇත.
අප ජීවත්වන සමාජයේ සත්පුරුෂයන් මෙන් ම අසත්පුරුෂයන් ද දක්නට ලැබේ. ඇතැම්විට
සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සත්පුරුෂයා සැමවිට යහපත් දේම
සිතයි. කරයි, කියයි.
සතර බ්රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරයි. තමාගේත්, අනුන්ගේත් හිත පිණිස කටයුතු
කරයි. විශේෂයෙන් ඔහු ජීව අජීව ලෝකයටම හිතවත් වෙයි. ලෝකයට හිත පිණිස වැඩකරන එවන්
සත්පුරුෂයන්ගේ ක්රියාවන් අගය කරන අය මෙන් ම ඒවාට අකුල්හෙලන අය ද වෙති. ඒවා අගය
නොකරන, ඒවාට බාධාකරන විවිධ අවලාද චෝදනා නඟන චරිත ඝාතනය කරන්නට වෙරදරන අසත්පුරුෂයන්
ද කොතෙකුත් ය. පහත් පුද්ගලයින් කොපමණ බාධා හිරිහැර කළ ද, ඉන් නොසැලී අකම්පිතව, මහා
නුග රුකක් මෙන් ද, මහා පර්වතයක් මෙන් ද කටයුතු කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයයි.
ඉතිරිය» |
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා
සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17
වන දා සිකුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා
|
|
|
|
|
|
|