|
|
මොණරාගල, බිබිලේ මො/
විජයමුණි ද්විභාෂා පිරිවෙන වාර්ෂිකව
සංවිධානය කරනු ලබන විදෙස් අධ්‍යාපනික
ධර්මදූත චාරිකාවට මේ වසරේ වැඩමවීම සඳහා
තෝරාගත් කහටරුප්පේ සුමංගල, කරගහවෙල කෝලිත,
කණුගොල්ලේ නාලක, කහටරුප්පේ මංගල,
කණුගොල්ලේ සුනීත, ගුරුමඩ උදිත, ඊතණවත්තේ
සුමනසාර, රත්නපුරේ පියරතන යන ස්වාමීන්
වහන්සේලා 08 නමට සතියක විදෙස් ධර්මදූත
සේවයේ යෙදීම සඳහා වාරිමාර්ග හා ජල සම්පත්
කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි
සොයිසා මහතාගේ ප්‍රතිපාදන යටතේ ගුවන්
ටිකට්පත් පූජා කිරීම පසුගිය 31 වැනි දින
ජනාධිපති කාර්යාලයේ දී මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිතුමන්ගේ සුරතින් සිදු කෙරුණු
අවස්ථාව. පාරිවේණික ස්වාමීන් වහන්සේලා
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය
ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා හා
ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් ප්‍රසන්න
වීරවර්ධන මහතාද එම අවස්ථාවට සහභාගී වූහ. |
|
|
|
|
වල්පොල ශ්‍රී සඳුන් විහාරයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත
කිරීම 18 වන දා
යක්කලමුල්ල වල්පොල ශ්‍රී සඳුන් විහාරය 1974 දී වල්පොල ශ්‍රී ගෞතමාරාමාධිපති ශ්‍රී
දේවානන්ද මා හිමියන්ගේ පෞද්ගලික ඉඩමක ආරම්භ කරන ලදී. වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ
විහාරාධිපති වල්පොල විජිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද නොමඳ ආශිර්වාදය මැද 1998
තල්පේ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝ නායක නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති අක්මීමණ
පඤ්ඤාසාර නා හිමියන් සඳුන් විහාරයට වැඩම කරලීමත් සමඟ සියලු විහාරාංගයන්ගෙන්
පරිපූර්ණ දැකුම්කළු විහාරයක් බවට පරිවර්තනය කරන්නට මහත් උත්සාහයක් ගත්හ.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය නොවැම්බර් 17 වන දා සිකුරාදා අපර භාග 03.29 ට ලබයි. 18 වන දා
සෙනසුරාදා අපර භාග 05.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 17
වන දා සිකුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 26 වනදා ඉරිදා
|
|
|
|
|
|
|