ලෝක සාමය තේමා කරගත් ලෝක බෞද්ධ සමුළුව
ලෝකයට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දෙනවා - ලෝක
බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙලේ දී ජනපති කියයි
ලෝකයේ විවිධ රටවල සිටින මහා නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ලෝක සාමය ඇති
කිරීම සඳහා ගැටුම් පවතින රාජ්‍යයන්හිදී අදාළ පාර්ශ්වයන් හමුවීම, සාකච්ඡා කිරීම ඉතා
වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
බෞද්ධ දර්ශනය ලෝකය තුළ තව තවත් ප්‍රචලිත කිරීම කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ සත්වන ලෝක බෞද්ධ සමුළුවේ
සමාරම්භක උළෙලට සහභාගි වෙමිනි. එම උළෙල ඉකුත් (02) දා අරලියගහ මන්දිරයේ ප්‍රධාන
ශාලාවේදී පැවැත්විණ.
පළමුව දර්ශනීය පෙරහරකින් ලොව නන් දෙසින් වැඩම කළ මහා නාහිමිවරුන් ප්‍රධාන ශාලාවට
වැඩම කරවු අතර අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා පැමිණියහ. ගිහි පිරිස පන්සිල්හි පිහිටුවා බුදුන් වැඳීමෙන් සහ සෙත්
පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව සමුළුවේ වැඩ කටයුතු ආරම්භ විය.
ඉතිරිය» බුදු දහමෙන් පෙන්වා දෙන
සාමයේ පණිවුඩය ලෝකයට ද ලබා දෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ
මෙම සමුළුවට සහභාගි වීමට ලැබීම ඉතාම ගෞරවයක් ලෙස මා සලකනවා.බුදුදහම සමාජයට විශාල
පණිවුඩයක් ලබාදෙනවා. අප ජයගත යුතු අන්දම පෙන්වනවා යැයි අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා කීය.
ඉතිරිය»
ධර්ම දේශනාව: නුවණැත්තාගේ ස්වභාවය
“සෙළෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරතී
ඒවං නින්දා පසංසාසු
න සමිඤ්ඣන්ති පණ්ඩිතා”
මහා ගල්කුලක් මහා සැඬ සුළඟකින්වත් සෙළවිය නොහැකි ය. එමෙන් පණ්ඩිතයා ද කිසිම විටෙක
නින්දා ප්‍රසංසාදියෙහි නොසැළෙන්නේ ය.
මෙලොව උපත ලද සියලු දෙනාට උරුම වන පොදු ධර්මතාවක් වන්නේ අටලෝ දහම ය. අටලෝ දහම නම්
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක ආදී කරුණු කිහිපයයි. මේ අතරින්
බොහෝ දෙනා විඳින ලද මනෝභාවය නම් නින්දාවයි. මෙලොව කිසිදු පුද්ගලයෙකු නින්දා
නොලැබුවේ යැයි කිව නොහැකි ය. අප තථාගත බුදුපියාණන් වහන්සේ ද ජීවමානව වැඩ විසූ සමයේ
නින්දා ලැබූ සේක. එහෙත් උන්වහන්සේ ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසූ සේක. එසේ වුව ද
පෘථග්ජනයාගේ ස්වභාවය වන්නේ නින්දා හමුවෙහි කණස්සල්ලෙන් හිත බිඳ ගැනීමයි. අටලෝ දහම
සම සිතින් ඉවසූ උතුමන් වහන්සේ අප බුදුන් වහන්සේ ම ය.
ඉතිරිය»
ජීවිතය තුළින් ජීවිතය අවබෝධ කරගත යුත්තේ කෙසේද ?
" ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණ දැයි කිව නොහැකි ය. සඳ
පායන තැනත් ,සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණ දැයි කිව නොහැකිය. මහපොළොවත්
අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකිය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි
සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. එහෙත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය ද,
තැබිය යුතු දුර කෙතරම් දුරින් ද, යන වග පැහැදිලි කළ නොහැකි ය."
බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත්වන මිනිසුන් නුවණ නැති මිනිසා සහ නුවණ ඇති මිනිසා
යනුවෙන් කොටස් දෙකකට වර්ග කර ඇත. නුවණ නැති යහපත් ක්‍රියාවල නොයෙදෙන පුද්ගලයා බාලයා
ලෙස බණ පොතේ සඳහන් වේ. තමන්ගේ යහපත හා අන්‍යයාගේ යහපත, අර්ථය හිත සුව පිණිස කටයුතු
කරන පුද්ගලයා පණ්ඩිතයා ලෙස අර්ථ දක්වා තිබේ.
ඉතිරිය» |