UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මොරවක ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය

මොරවක ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය

වසර එකසිය පනහකට වැඩි ඉතිහාසය කට හිමිකම් කියන මොරවක ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාව අතර කොස්ගොල්ල විහාරස්ථානය ලෙස ද ප්‍රසිද්ධ වී ඇත. අවට ගම්මානවල පවා බොදු ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වී ඇති මෙම පුණ්‍ය භූමියෙන් එදා මෙදා තුර සිදු කෙරෙන ශාසනික මෙහෙවර සුවිශාල ය.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ධුරය හොබවමින් සියලු ආගමික හා සමාජයීය කටයුතු සඳහා අනුශාසනා ලබා දෙන්නේ මොරවක රාගල කන්ද, කහඹිලියාවල බටුවත්ත විහාර ද්වයාධිපති ගෞරව ශාස්ත්‍රවේදී විශ්‍රාමලත් පරිවේණාධිපති පණ්ඩිත හත්ගම්පල ඥානරතන හිමියන් විසිනි.

හත්ගම්පල ඥානරතන හිමි

හසලක ධම්මරතන හිමි

හසලක ධම්මරතන හිමියෝ විහාරාධිකාරි ධුරය හොබවති. පන්සලෙන් ක්‍රියාත්මක කෙරෙන, ගමේ ළමයින්ට, තරුණ තරුණියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වෙන්වුණු ආගමික හා සාමාජික වැඩසටහන් නිසා ගමත්, පන්සලත් අතර වූ බැඳීම වඩාත් ශක්තිමත් වී ඇත. ගමේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුදර්ශනාරාම දහම්පාසල ප්‍රදේශයේ දහම් පාසල් අතර සුවිශේෂි නමක් දිනාගෙන සිටී.

ගමේ තරුණ කැල මෙහෙයවන ‘ශක්ති ක්‍රීඩා හා යෞවන සමාජය’ ද පන්සල සමඟ අවියෝජනීය බැඳීමකින් කටයුතු කරන්නේ විහාරස්ථ ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගනිමිනි. එහි දී ධම්මරතන හිමියෝ ප්‍රමුඛ වෙති.

තුරුලතා මැදි කරගත් අලංකාර කුඩා කඳුගැටයක පිහිටි සුදර්ශනාරාමය දකින කාගේත් නෙත් සිත් ඇද ගන්නට සමත් ය. සබරගමු පළාතේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස විශ්වාස කරන දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ පුණ්‍ය භූමියේ වැඩ සිටිති. විහාරාධිකාරි හසලක ධම්මරතන හිමියන් පවසන්නේ මෙම විහාරස්ථානයෙන් ප්‍රදේශයට වෙසෙස් සමාජ මෙහෙවරක් සිදුවෙනවා. මේ වන විට මෙම පුණ්‍ය භූමියේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරමින් පවතිනවා. ඉදිරියේ දී සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කිරීමටත්, අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් හා වාහල්කඩත් ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බුදු මැදුර නවීකරණය කර එහි ජාතක කතා චිත්‍රයට නැගීමටත් කටයුතු කර තිබෙනවා. ඒ සඳහා නිරතුරුවම අනුශාසනා ලබා දෙන්නේ විහාරාධිපති හත්ගම්පල ඥානරතන මාගේ ගුරු හිමිපාණන් විසිනි.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]